Quantcast
Channel: The Eight Man Team
Viewing all 223 articles
Browse latest View live

පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්, කපිතන් ලක්‍ෂ්මන් ඇතුළු 80 ක්‌ මරා පිළිස්‌සීමේ අබිරහස හෙළිවේ

$
0
0
  • ත්‍රස්‌ත මර්දන ඒකකයේ ජෙයරත්නම්ව පැහැරගෙන ගොස්‌ විසි දිනක්‌ ගත වුවත් පොලිසිය බලා සිටියා- පොලිස්‌ පරීක්‍ෂක සංගමයේ හිටපු සභාපති ඩේල් ගුණරත්න
  • ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයාගත් මාවත් ජෙයරත්නම්වත් එදා පොලිස්‌ බලධාරීන් පැත්තකට වීසිකර දැමුවා- පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන්
  • කොටින්ගේ පැහැර ගැනීමට ලක්‌වූ ජෙයරත්නම්ව සොයනු වෙනුවට පොලිසිය ඔහුගේ නිවස පරීක්‍ෂා කරලා
  • “අත්අඩංගුවට ගනු ලැබූවන්ට ජීවත්වීමේ හිමිකම තිබෙනවා”- ත්‍රිකුණාමලයේ කොටි දේශපාලන නායක ලෙස ක්‍රියා කළ මිනීමරු එලිලන්ගේ බිරිය වූ ආනන්ති සසිකරන්

ජෙයරත්නම්

ජෙයරත්නම්ගේ බිරිය සරලා

හිටපු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩේල් ගුණරත්න

ජෙයරත්නම්ව පැහැර ගැනීම මෙහෙය වූ මනෝහරන් හෙවත් මනෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරන මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මෙම 26 වැනිදා මෙරටට ඒමට නියමිතව තිබියදී අට වසරක්‌ තිස්‌සේ වැලලී තිබූ අබිරහසක්‌ අනාවරණය විය. ඒ අත්අඩංගුවට පත්ව සිටි පුදුකුඩිඉරිප්පු සහ වල්ලිපුරම් ප්‍රදේශවල පිහිටා තිබූ ඇල්පා – 2 සහ ඇල්පා – 5 නමැති කොටි කඳවුරු බාර ත්‍රස්‌තවාදියාගෙනි.

මේ කොටි කඳවුරුවල පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් සහ යුද හමුදා කපිතන්වරයකු ඇතුළු ද්‍රවිඩයන් 80 ක්‌ රඳවා සිටියා. ඉන් තිස්‌ දෙනෙක්‌ 2006 මැයි මාසයේදී දැස්‌ බැඳ විලංගු දමා ලොරියක නංවා ඔඩ්ඩුසුඩ්ඩාන් කැලයට ගෙන ගොස්‌ වෙඩි තබා මරා පුළුස්‌සා දැමුවා. 2006 ජුලි මාසයේදී ඉතිරි 50 දෙනා ද එකී කැලෑවට ගෙන ගොස්‌ ඝාතනය කර පුච්චාදමනු ලැබුවා. 2006 සැප්තැම්බර් මාසයේ දිනෙක පුදුකුඩිඉරිප්පු වල්ලිපුනම් ප්‍රදේශයේ ඉස්‌ටර් නමැති කොටි රෝහලට මීටර් 300 ක්‌ පමණ පිටුපස පිහිටි කැලෑවට පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ව ගෙන ගොස්‌ වෙඩි තබා මරා පිළිස්‌සුවා.”

යුද හමුදා කපිතන්වරයකු ද විශ්වමඩු තෝට්‌ටඅඩි ප්‍රදේශයේ කොටි කඳවුරක රඳවා සිටියා. 2009 දී ඔහුට ද වෙඩි තබා මරා පුළුස්‌සා දැමුවා යෑයි එම කොටි ත්‍රස්‌තවාදියා බිහිසුණු මිනිස්‌ ඝාතනයක තොරතුරු හෙළි කරමින් කියා සිටියේය.

මොහු සැපයූ තොරතුරුවලට අනුව එකී මිනිස්‌ ඝාතනයට සම්බන්ධ තවත් කොටි ඝාතකයන් තිදෙනකු ද අත්අඩංගුවට ගැනුනි.

මෙලෙස ඉතාමත් බිහිසුණු අයුරින් ඝාතනය වූයේ ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දන ඒකකයේ දෙවැනියා ලෙස කටයුතු කළ පොලිස්‌ පරීක්‍ෂක ටී. ජෙයරත්නම්, යුද හමුදා කපිතන් ලක්‍ෂ්මන්, බුද්ධි සේවා නිලධාරියකු වූ ලුතිනන් රාජා, ඩොව්රා ප්‍රහාරක යාත්‍රාවක සිටි නැවියන් දෙදෙනකු හා කොටි විරෝධීන් පිරිසකි.

මින් පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් කොටි බුද්ධි නායක ෂිවශංකර් පොට්‌ටු අම්මාන් යෙදවූ උගුලකට ගොදුරු විය. ප්ලොට්‌ සංවිධානයේ හිටපු සාමාජිකයකු වූ මනෝ හෙවත් මනෝහරන් වසර 2 1/2 ක්‌ තිස්‌සේ ජෙයරත්නම්ව ආශ්‍රය කළේය. මනෝ සිය ජංගම දුරකථනයේ අංකය පවා ජෙයරත්නම්ගේ බිරිය වූ සරලාට දී තිබිණි. ගල්කිස්‌ස පොලිස්‌ මූලස්‌ථානයට සම්බන්ධ පොලිස්‌ නිවසක වාසය කළ ජෙයරත්නම් හමුවීම සඳහා මනෝ විටින් විට එහි පැමිණි බව අනාවරණය විය. තමා කොටහේනේ සිය මවගේ නිවසේ සිටින බව මනෝ පැවසූ අතර එය සත්‍යයක්‌ දැයි විමර්ශනය කිරීමට පළපුරුදු නිලධාරියකු වූ ජෙයරත්නම් ක්‍රියා කළේ නැත. විදේශ රටකට යැම සඳහා 2002 නොවැම්බර් මස ගත් ගමන් බලපත්‍රය ද ඔහු ජෙයරත්නම්ට පෙන්නුවේය. එහෙත් ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දනයේ ඒකකයේ ප්‍රධානි නිලබ්දීන් කිසිවිටෙක මනෝ නමැත්තාව විශ්වාස කළේ නැත. ඒ වන විට සටන් විරාමය ක්‍රියාත්මක වීම නිසා නිලබ්දීන් හා ජෙයරත්නම් අවලංගු කාසි බවට පත්වී සිටියහ.

නිලබ්දීන්ව ගල්කිස්‌ස පොලිසියේ මුල්ලකට යොමු කර තිබිණි. ත්‍රස්‌ත මර්දන කටයුතු අත්හිටුවා තිබිණි. “දැන් මාවයි, ජෙයරත්නම්වයි කොටින්ගේ ඉලක්‌කය කරලා තියෙන්නේ අපේ අයමයි”යෑයි වරක්‌ නිලබ්දීන් කියා සිටියේය.

කොළඹ කොටුවේ මහ බැංකු බෝම්බයට ප්‍රභාකරන් සම්බන්ධ බවට සනාථ කිරීම සඳහා මුතූර්හි කින්නිය කොටි පාලන ප්‍රදේශයට ගොස්‌ ඇඟිලි සළකුණු තිබූ තෑගි පෙට්‌ටිය සොයා ගත්තේ ද ඔවුන් දෙදෙනායි.

නිලබ්දීන් දිනක්‌ ජෙයරත්නම්ව කැඳවා මනෝ ගැන විශ්වාස දැයි විමසීය. “සැක කළ හැකි දෙයක්‌ නැහැ” යෑයි ජෙයරත්නම් කීවේය. මම නම් ඕකව විශ්වාස කරන්නේ නැහැ යෑයි නිලබ්දීන් කියා සිටියේය.

එම ප්‍රකාශය නිලබ්දීන් කරන අවස්‌ථාවේ ඔවුන්ට කොටින්ගෙන් මරණීය තර්ජන එල්ලවී තිබිණි. “මේ සටන් විරාමය අපිව කොටු කරලා. මම රට යනවා” යෑයි ජෙයරත්නම් පළ කළේය. මේ පසුබිම මත ජෙයරත්නම් මනෝට පැවසුවේ කොටි තමාව මරා දැමීමට ඉඩ ඇති නිසා විදේශගත වීමට අවශ්‍ය බවයි.

මනෝ බලා සිටියේ ද එවන් අවස්‌ථාවකි. තමාගේ මස්‌සිනා වන කුමාර් ලන්ඩනයේ සිට පැමිණ ඇති බවත් ඔහුට ඊට සහාය විය හැකි යෑයි පැවසූ මනෝ පවුලේ අය සමග බම්බලපිටියේ හෝටලයක රාත්‍රි භෝජනයට යමු යෑයි යෝජනා කළේය. එහෙත් ජෙයරත්නම් පැවසුවේ එකී ප්‍රදේශයේ කොටි චරපුරුෂයන් සිටින බවයි. අවසානයේදී ගල්කිස්‌ස හෝටලයේදී ජෙයරත්නම් හා ඔහුගේ බිරිය ද දරු දෙදෙනා ද මනෝ සහ මස්‌සිනා යෑයි කියන කුමාර් ද රාත්‍රි භෝජනයට එක්‌වූහ. මේ සාදය පැවැතියේ 2005 අප්‍රේල් 20 දා රාත්‍රියේයි. මෙහිදී ‘කුමාර්’ නමැත්තා ලන්ඩන් නුවරින් ගෙන ආ බව කියමින් ජෙයරත්නම්ගේ දරු දෙදෙනාට කුඩා ‘ටෝච්’ දෙකක්‌ ද පරිත්‍යාග කළේය. එහෙත් එම ටෝච් පිටකොටුවේ පදික වේදිකාවෙන් මිළයට ගෙන ඇතැයි පසුව අනාවරණය විය. ගල්කිස්‌ස හෝටලයේ රුපියල් 18000 ක බිල ගෙවා දැමූ මනෝ හයිඒස්‌ වෑන් රියකින් ජෙයරත්නම්ගේ බිරිය හා දරු දෙදෙනා ගල්කිස්‌ස පොලිසිය ළඟින් බස්‌සා ආපසු හෝටලයට පැමිණ ඇත.

ජෙයරත්නම් සිය බිරිය හා දරු දෙදෙනාව නිවසට යෑවීමට පෙර පැවසුවේ පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයට රාජකාරි වාර්තා කළ යුතු නිසා තමා නිවසට එන්නේ නැති බවයි.

මේ අතර අප්‍රේල් 21 පෙරවරු 8 ට පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයෙන් ජෙයරත්නම්ගේ බිරිය වූ සරලා අමතමින් කියා සිටියේ ජෙයරත්නම් සේවයට පැමිණියේ නැති බවයි.

ඉන් කලබලයට පත් සරලා ජෙයරත්නම්ගේ ජංගම දුරකථනය ඇමතූ නමුත් එය ද ක්‍රියා විරහිත කර තිබිණි. ජෙයරත්නම්ව පැහැරගෙන ඇත්තේ කොටි යෑයි නිලබ්දීන් කියා සිටියේය. එවකට කොළඹ ත්‍රස්‌ත මර්දන ඒකකයේ සේවය කළ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩේල් ගුණරත්න කොන්දක්‌ ඇති පොලිස්‌ නිලධාරියකු ලෙස ප්‍රකටම සිටියේය.

ත්‍රස්‌ත මර්දන ක්‍රියාදාමයන් නතර කරන්නැයි එදා රජය නියෝග කර තිබියදී ඩේල් රහසිගතව විමර්ශන ආරම්භ කළේය. මනෝ නමැත්තා සමග කුමාර් එකතුවී ජෙයරත්නම්ව වත්තන් කරගෙන ගල්කිස්‌ස හෝටලයෙන් පිටව යන අයුරු ආරක්‍ෂක වීඩියෝ කැමරාවල සටහන් වී තිබිණි.

වසර අටකට පසු කොටි ත්‍රස්‌තයකු ජෙයරත්නම්ව පැහැරගෙන ගිය අයුරු හෙළි කළේය. මත්පැන්වලට මත්පෙති දමා හයිඒස්‌ වෑන් රියකින් හලාවතට ගෙන යනු ලැබූ ජෙයරත්නම්ව ඉන් පසු බෝට්‌ටුවකින් මන්නාරමට ගෙනගොස්‌ පසුව කිලිනොච්චියට යවා ඇත.

මේ අතර සිය සැමියාව පැහැරගෙන ගියේ කොටි යෑයි ජෙයරත්නම් බිරිය සරලා කීවාය. “වසර දහයකට පෙර මගේ සැමියාගේ සොහොයුරා ටී. රාජරත්නම් නමැති පොලිස්‌ රියෑදුරාවත් කොටි මැරුවා. ඔහුගේ පියාට හා මවට කොටි කඩුවලින් කෙටුවා” යෑයි ඇය තවදුරටත් පැවසුවාය. මේ අතර ජෙයරත්නම්ව පැහැරගෙන ගොස්‌ විසි දිනක්‌ ගතවුවත් පොලිසිය සහ රජය ඔහුට සිදුවූයේ කුමක්‌දැයි සෙව්වේ නැත.

ඒ අතරේ සියලු පොලිස්‌ නිලධාරීන් මවිතයට පත් කරමින් පොලිස්‌පතිවරයා පුවත්පතකට ප්‍රකාශයක්‌ කරමින් කොටි හෝ වෙනත් කණ්‌ඩායමක්‌ විසින් ජෙයරත්නම්ව පැහැරගෙන ගිය බවට පැහැදිලි සාක්‍ෂි නැතැයි කියා සිටියේය.

එම ප්‍රකාශයෙන් පොලිස්‌ පරීක්‍ෂක සංගමයේ සභාපති ඩේල් ගුණරත්න විස්‌මයට පත්විය. ඔහු තම පොලිස්‌ පරීක්‍ෂක ධුරය ගැන නොතකා රජය හා පොලිස්‌ බලධාරීන්ව මුළුමනින්ම හෙළා දැක්‌කේය. “කොටි ගල්කිස්‌සේ දී ජෙයරත්නම්ව පැහැරගෙන ගොස්‌ දින 20 ක්‌ ගත වුණත් රජයට හමුදා හෝ පොලිස්‌ දෙපාර්තමේන්තුව ඔහුව හා පැහැරගෙන ගිය පිරිස හසුකර ගැනීමට අපොහොසත් වී තිබෙනවා. කොටි ජෙයරත්නම්ව පැහැරගෙන ගිය බවට සාක්‍ෂි නැතැයි පොලිස්‌පති කරන ප්‍රකාශය ද අපි තරයේ හෙළා දකිනවා” යෑයි ඔහු තවදුරටත් පළ කළේය.

මේ අතර කොටි විසින් පැහැරගත් සිය සැමියාව නිදහස්‌ කරදෙන ලෙස සරලා සටන් විරාම කමිටුවට කීවත් තමන්ට ඒ සඳහා බලයක්‌ නැතැයි එකී කමිටුව පවසනු ලැබීය. අනතුරුව ඇය ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය වෙතින් ද ඉල්ලීමක්‌ කළාය. ජෙයරත්නම් පැනලා යන්න ඇති යෑයි එවකට කොටි දේශපාලන නායකයා වූ තමිල් සෙල්වන් විසින් ප්‍රකාශ කරනු ලැබීය.

මේ පසුබිම මැද සරලා ජෙයරත්නම්ට සිදුවූයේ වඳින්න ගිය දෙවොල හිස මත කඩාවැටීමට සමාන සිද්ධියකි. නිලබ්දීන් හා ජෙයරත්නම්ගේ ත්‍රස්‌ත මර්දන කටයුතු නිසා දැඩි ලෙස ඊර්ෂ්‍යාවෙන් පෙළුණු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ තමන්ට හිතවත් මාධ්‍ය පාර්ශ්ව ලවා ජෙයරත්නම් කොටි බුද්ධි සේවාවේ සේවය කළ බවත් තොරතුරු හෙළිවීමට පෙර වන්නියට පැනගත් බවත් දැක්‌වෙන තොරතුරු ප්‍රචාරය කිරීමට ක්‍රියා කළහ.

ඒ සමගම 2006 ජනවාරි සිට ජෙයරත්නම්ගේ වැටුප ගෙවීම ද නතර කරනු ලැබීය.

කොටි සංවිධානය විසින් ජෙයරත්නම්ව ෙද්‍රdaහියකු ලෙස නම්කර තිබියදී ඔහු සේවය කළ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් බිරිය සරලාට දිනපතාම හිරිහැර කිරීමට ක්‍රියා කරනු ලැබීය.

සරලා සිය සත් හැවිරිදි හා පස්‌ හැවිරිදි දරු දෙදෙනා සමග වාසය කළේ ගල්කිස්‌ස පොලිස්‌ අධිකාරි කාර්යාලයට යාබද පොලිස්‌ පරීක්‍ෂකවරුන් සඳහා වූ මහල් නිවසකය. දිනක්‌ ඇය සිය දරු දෙදෙනා සමග නිවසින් පිටවී සිටියදී නිවස කඩා ස්‌වර්ණාභරණ සහ වෙනත් වටිනා දේ සොරාගෙන තිබිණි.

මේ සමගම ජෙයරත්නම්ගේ නිවසේ තිබී අධිතාක්‍ෂණික ස්‌නයිµර් අවියක්‌ සොයාගත් බවට පුවතක්‌ ද ඇතැම් පොලිස්‌ නිලධාරීන් විසින් සිය මාධ්‍ය සගයන් ලවා ප්‍රචාරය කරනු ලැබීය. මේ අවිය 2 වැනි ජගත් සංග්‍රාමයේ භාවිතා කළ පැරැණි ගිනි අවියකි. එය ජෙයරත්නම්ගේ පියාට අයිති එකක්‌. ඔහු බන්ධනාගාර නිලධාරියකු ලෙස සේවය කළා. මෙම පරණ අවිය අපේ ගෙදර සාලයේ තිබෙන බව හැමෝම දැන සිටියා”යෑයි සරලා කියා සිටියාය.

එසේම ඇගේ නිවසට යැම ද තහනම් කර තිබිණි. මෙවන් තත්ත්වයක්‌ මැද එවකට හමුදා මාධ්‍ය ප්‍රකාශක වූයේ වත්මන් හමුදාපති දයා රත්නායකයි. ජෙයරත්නම්ව පැහැරගෙන යැම ගැන පොලිස්‌ බලධාරීහු හමුදා මාධ්‍ය ප්‍රකාශයට පවා දැනුම් දී නැත.

මේ අතර පොලිස්‌ පරීක්‍ෂක ඩේල් ගුණරත්න සේවය කළ ත්‍රස්‌ත විමර්ශන ඒකකය මනෝ නමැත්තාගේ ජංගම දුරකථනයේ ඇමතුම් විමර්ශනයට ලක්‌ කළහ. අප්‍රේල් 19 දා තෙක්‌ම ඉන් ඇමතුම් ලබාගෙන ඇත්තේ වන්නියට යෑයි ඉන් සනාථ විය.

මෙම පසුබිම මැද ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධානියාව සිටි නිලබ්දීන් තම ද්‍රවිඩ ඔත්තුකරුවන්ගෙන් ජයරත්නම්ව පැහැරගෙන ගියේ කොටි යෑයි සොයා ගත්තේය.

අනතුරුව නිලබ්දීන් ප්ලොට්‌ නායක සිද්ධාර්ථන්ට ඇමතුවේය. මනෝ කොටි සමග සබඳකම් පැවැත්වීම නිසා සංවිධානයෙන් ඉවත් කළ බව සිද්ධාර්ථන් හෙළි කළේය. තමා කොටි විරෝධියකු යෑයි පෙන්නුම් කිරීමට මනෝ විවිධ උපක්‍රම භාවිත කළේය. කොටි තමාට මර්ණීය තර්ජන එල්ල කරන බවට ඔහු සටන් විරාම කමිටුවට පැමිණිල්ලක්‌ ද කළේය. පැමිණිල්ලේ පිටපතක්‌ ඔහු ජෙයරත්නම්ට ද පෙන්නුවේය. ජෙයරත්නම්ගේ පවුලේ විශ්වාසය දිනාගැනීම සඳහා ඔහු සිය ජංගම දුරකථනයේ 0776016002 නමැති අංකය ද ජෙයරත්නම්ට දුන්නේය.

මනෝ විසින් සිය ඥතියකු යෑයි හඳුන්වා ගත් කුමාර් ද තමා ලන්ඩනයේ හීත්රෝ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කරන බවත් දක්‌වමින් ජෙයරත්නම් සහ ඔහුගේ පවුලේ අයව රවටා ඇත. ඔහු ලන්ඩනයේ සිට පැමිණි බවට සනාථ කිරීම සඳහා සෙලිබ්‍රේෂන්ස්‌ නමැති ටොµs බෝතලයක්‌ ද ජෙයරත්නම්ගේ නිවසට ගෙනවිත් ඇත.

එහෙත් මනෝ නතරවී සිටියේ කොළඹ කදිරේෂන් විදියේ පිහිටි මානිචාර් සහ අයිලන්ඩ් නමැති ලැඟුම්හල්වල යෑයි නිලබ්දීන් සොයා ගත්තේය.

ඊට සමගාමීව නිලබ්දීන්ගේ තවත් චරපුරුෂයකු දැනුම් දුන්නේ මනෝ හෙවත් මනෝහරන් වව්නියාවේ කුකුලන් මුනිප්පාල් නමැති හින්දු කෝවිල අසල ජීවත්වන සිය මවවූ නවරත්නම් නමැත්තියගේ නිවසට පැමිණ ඇති බවයි.

ජෙයරත්නම්ව පැහැරගෙන යැමෙන් දින 14 කට පසු එනම් මැයි 4 දා සටන් විරාම කමිටුව රජයේ සාම ලේකම් කාර්යාලයට ලිපියක්‌ එවමින් ජෙයරත්නම්ව පැහැර ගැනීමට කොටි සංවිධානය සම්බන්ධ නැති බව දන්වා ඇතැයි දන්වනු ලැබීය.

මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇහීමට සමාන ක්‍රියාවක්‌ නොවේද? 2002 සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මකවීමෙන් පසු ජෙයරත්නම් පමණක්‌ නොව නිලබ්දීන් ද දැඩි අසීරු තත්ත්වයට පත්වී තිබිණි. ජෙයරත්නම්ව වනාතවිල්ලුව පොලිසිය වෙත මාරු කිරීමට ද ක්‍රියා කෙරිණි. එය කොටින්ට ජෙයරත්නම්ව බන්දේසියක තබා බිලි දීමට දැරූ උත්සාහයකි. එහෙත් පසුව ඔහුව පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකාය වෙත මාරු කෙරිණි.

ජෙයරත්නම් පමණක්‌ නොව ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධානි නිලබ්දීන් ද දෙවතාවක්‌ම කොටි ඝාතන ප්‍රයත්නවලින් ගැලවිණි. එහෙත් සතුරු කවුද මිතුරු කවුද යෑයි නිලබ්දීන් දැන සිටියේය. ජෙයරත්නම්ව පැහැරගෙන යැමෙන් පසු නිලබ්දීන් විගස විදේශගත විය.

නවරත්නම් ජෙය මනෝහරන් හෙවත් මනෝ නමැත්තාගේ මෙහෙයුම මත පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ව පැහැරගෙන යැමේ සිද්ධියෙන් පසු කොළඹ ත්‍රස්‌ත මර්දන ඒකකයේ සේවය කළ ඩේල් ගුණරත්න විසින් මනෝගේ ඡායාරූපයක්‌ ද සොයා ගනු ලැබීය.

එම ඡායාරූපය දුටු ජෙයරත්නම්ගේ බිරිය සරලා ඒ සිය සැමියාව පාවා දුන් ෙද්‍රdaහියා යෑයි හඳුනා ගත්තාය. පොලිස්‌ හිරිහැර මැද සරලා ගල්කිස්‌ස පොලිස්‌ නිවාසයෙන් ඉවත් වූවාය. ඇය දැන් යාපනයේ පදිංචිව සිටී.

වන්නියට ගෙනයනු ලැබූ ජෙයරත්නම්ව අරුල්මුල් නමැති කොටි වධකයා ලවා ප්‍රශ්න කිරීම්වලට ලක්‌කර ඇතැයි ද වාර්තා විය.

මේ අතර කොටි විසින් ඝාතනය කළ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ව මේ දක්‌වා මරුමුවට පත්වීමෙන් සිදු කෙරෙන උසස්‌වීම් ලැබී නැත. ඔහුගේ බිරිය සරලා සිය සැමියාට හිමි උසස්‌වීම හා ඊට අදාළ විශ්‍රාම වැටුප ලබාදෙන්නැයි ඉල්ලා ඇත. එහෙත් වත්මන් පොලිස්‌ බලධාරීහු ඇගේ ඉල්ලීම් ඉටු කරයිද? ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දට කොටි බෝම්බකාරියකගෙන් බේරා ගැනීමට දායක වූ උප පොලිස්‌ පරීක්‍ෂක නිහාල් අශෝකා උසස්‌වීමකට සුදුසු යෑයි දේවානන්ද නිර්දේශ කර තිබිණි. එහෙත් පොලිස්‌ බලධාරීහු ඔහුට ද උසස්‌වීමක්‌ දුන්නේ නැත. ඔහු පසුගියදා මියගියේය.

මේ අතර ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩේල් ගුණරත්න ද පොලිස්‌ සේවාවෙන් ඉල්ලා අස්‌විය. මෙම තත්ත්වය මැද ත්‍රිකුණාමලයේ කොටි දේශපාලන නායකයා ලෙස ක්‍රියා කළ මිනීමරු එලිලන්ගේ බිරිය ද්‍රවිඩ සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරග කරයි. ඇය දැන් සිය සැමියාගේ මානව හිමිකම් ගැන හඬ නගයි. එහෙත් සරලාගේ සැමියා වූ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් මෙන්ම කපිතන් ලක්‍ෂ්මන් ඇතුළු අහිංසක ද්‍රවිඩයන් 80 ක්‌ අමු අමුවේ මරා පුළුස්‌සා දමා තිබේ. මෙය යුද අපරාධයක්‌ නොවෙන්නේද?



පිදිය යුතු මුත් නොපිදූ විරු තරුවක කතාව

$
0
0

ඒ ශාප ලත් කුරිරු යුද්ධය දරුණු ලෙස ඇවිළී ගිය සමයයි.

ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදීහු සිංහල ගම්මානවලට පැන පැන, නිරායුධ අහිංසක සිංහල, මුස්‌ලිම් ගම් වැසියන් ගැබ්බර මවුන්, අසරණ දරු පැටවුන් තියුණු අවිවලින් කපා කොටා, මරා දමමින් ලේ ගංගා මවමින් තිබූ අවධියයි. එසේම දකුණේ, බස්‌රථ, කෝච්චිවලට හොර රහසින් අධිබල බෝම්බ තබමින් පුපුරුවමින් ජීවිත සිය ගණන් විනාශ කළ යුගයයි.

එනිසාම ආරක්‍ෂක අංශ තම උපරිම ශක්‌තිය යොදමින්, ඔත්තු සේවා හා ග්‍රාම කමිටු යොදමින් දැඩි සෝදිසි ක්‍රියාමාර්ගවල යෙදී සිටියේය.

මේ කියන දිනය 2007 වසරේ ජුනි 01 දායි. යාපනය, මුහමාලේ සේවය කළ අංක 238505 දරන යුද හමුදා ඉංජිනේරු අංශයේ 6 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්‍රල් ඒ. එම්. ගාමිණී දිසානායක (29) ද සිය නිවසට පැමිණ සිටියේ ය. ඔහු පැමිණ සිටියේ නිකරුණේ නොවේ. 2006.08.26 වැනි දින මුහමලේදී කොටි ත්‍රස්‌තවාදීන්ගේ කාලතුවක්‌කු ප්‍රහාරයකට ලක්‌ව, හිසේ බරපතළ තුවාල ඇතිව සදහටම ඇස අහිමිව, දකුණත ඇඟිලි අප්‍රාණික වී, අනූනවයෙන් ජීවිතය බේරී ආබාධිතයකු ලෙස මත්තේගොඩ හමුදා රෝහලින් ප්‍රතිකාර ලබමින් ම නිවසෙහි රැඳෙමින් ඇසෙහි සිදුරට බේත් කිරීමටයි. ඔහුගේ බිරිඳ ඇසට බේත් දැමුවා පමණි.

ඔහුගේ මල්ලි ඒ. එම්. අසෝක බංඩාර (27) යතුරුපැදියකින් වේගයෙන් නිවසට ආවේ හදිසියෙනි. “අයියේ අතන පලු ගස්‌ හන්දියේ ලොරියක්‌ අල්ලලා තියෙනවා පොලිසියේ කට්‌ටිය. මං නැගලා බැලුවා මට සැකයි අයියේ. මං පොලිසියට කිව්වා අපේ අයියා හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ වැඩ කරනවා. එයාට මේවා ගැන දැනුමක්‌ තියෙනවා කියලා. අනේ අයියේ අපි එතැනට යමුද?”

ගාමිණී දෙවරක්‌ සිතුවේ නැත. ඇසට දැමූ බේත් පිසදා ගත් ගාමිණී තම මල්ලී පැදවූ යතුරුපැදියේ නැගී කිලෝමීටර් පහ හයක්‌ දුරින් පිහිටි කොටවෙහෙර පොලිස්‌ බලප්‍රදේශයේ පලුගස්‌ හන්දියට තම ගම වූ මාගම්මන සිට ඉගිලුණේය. ඒ යන විටත් අංක 41 ශ්‍රී 3589 අංක දරන ටාටා ලොරි රථය නතර කරගෙන කොටවෙහෙර පොලිස්‌ නිලධාරීහු සිටියහ. ඔහු නාවේ නම් ලොරිය මතුපිට පරීක්‍ෂා කොට යවන්නට ඉඩ තිබිණි.

පැමිණි විගසම ගාමිණී ලොරියේ පිටුපසට නැග පරීක්‍ෂා කළේය. ඔහු රතු පැහැ වයර් දෙකක්‌ (Deඒබ්එදර ඤde) (ඩෙට්‌ කෝඩ්) දිටීය. බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සිටි බැවින් ඒවා ඔහු හැඳින්නේය. ඒ වන විටත් ඔහු සම්පූර්ණ පාඨමාලාවක්‌ හදාරා නොතිබුණත් මූලික දැනුම් සම්භාරය බෝම්බ හඳුනා ගැනීමට ප්‍රමාණවත් විය. වහාම ඔහු බැස ලොරි රථයේ බැටරියේ සම්බන්ධක ගලවා දැමුවේය. අසල ගරාජයකට ගොස්‌ කටර් අඬුවක්‌ රැගෙන බෝම්බ සම්බන්ධ වයර් කපා දැම්මේය. පොලිසිය හා එක්‌ව අවට රොක්‌ වී සිටි ජනතාව බොහෝ දුරට ඈත් කොට හන්දියේ තිබූ කඩ කීපය වස්‌සවා දැම්මේය. මාර්ගය වැසීය. ඔහු ලොරි රථයේ පැමිණි රියෑදුරු ද ගෝලයාද ගැන සැලකිලිමත් විය. ඒ වන විටත් ගෝලයා පොලිසියෙන් කෙසේ හෝ මිදී පාරේ ඉදිරියට යමින් ජංගම දුරකථනයෙන් කාටදොa අමතමින් ඈත යනු ඔහු දුටුවේය. තව මොහොතකින් ඔහු පළා යනු ඇත. පොලිසිය ඔහු අල්වා ගත්තේය. ගාමිණී පොලිසියට දැනුම් දුන්නේ පුත්තලම හා කුරුණෑගල බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ට දන්වා මෙහි ඇති බෝම්බ නිෂ්ක්‍රීය කරන ලෙසය.

මේ සිද්ධිය සැලවූ මොහොතේම මම ද හනික එම ස්‌ථානයට ගියෙමි.

බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීහු පැය බාගයකින් පමණ පැමිණ ලොරිය පිටුපසින් නැග ගත්හ. ලොරියේ එක්‌ බඳක, හතරැස්‌ පෙට්‌ටි සේ රාක්‌ක රැසක බෝම්බ අසුරා තිබිණි. ඒවා එකිනෙක ඔවුහු ඉවත් කළහ. වයර් ජාලයකින් එකිනෙක සම්බන්ධ කර තිබූ පෙට්‌ටි රැගෙන ප්‍රවේශමින් තැබූහ. ඒ පැත්ත නිමා විය. අනික්‌ පැත්ත ද පරීක්‍ෂා කරන ලදී. දෙවියනේ ඒ පැත්තේ ද රාක්‌කවල බෝම්බ පෙට්‌ටි රැසකි.

මෙලෙස බෝම්බ පෙට්‌ටි හතළිස්‌ හතක්‌ (47) සොයා ගන්නා ලදී. සී 4 (C – 4) වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය අඩංගු කිලෝ (1034) එක්‌දහස්‌ තිස්‌හතරක බෝම්බ එහි විය. එය එතෙක්‌ ශ්‍රී ලංකාවෙන් සොයාගත් වැඩිම පුපුරණ ද්‍රව්‍ය තොගය විය. ලොරියේ දෙපස බඳ වල අසුරා තිබූ මෙම බෝම්බවලට වයර් ජාලයක්‌ සම්බන්ධ කොට එහි අවසන් ස්‌විචය රියෑදුරු අසලම සකස්‌ කොට තිබිණි.

පොල් පටවාගෙන පොල් විකුණන ලොරියක්‌ සේ හඟවා අගනුවර හෝ ආරක්‍ෂක අංශවලට හෝ ජනපති මන්දිරයට හෝ අති දැවැන්ත විනාශයක්‌ කිරීමට මෙම බෝම්බ තොගය මෙලෙස සකස්‌ කොට ඇති බව පෙනී ගියේය.

සැබැවින්ම ඒ පුපුරණ ද්‍රව්‍ය තොගයේ හැටියට හා ස්‌ථානගත කොට සකස්‌ කොට තිබූ ආකාරයට මුළු නගරයක්‌, ඕනෑම සුවිසල් පෙදෙසක්‌ ගොඩනැඟිලි, මිනිසුන් සහිතව මොහොතකින් අළු දූලි වී පුපුරා යනු ඇත. ඕනෑම රැකවලක්‌ නිකම් පරඬලාපත් බවට පත් වනු ඇති. මිනිසුන් ගැන කවර කතාද? ඔවුන්ගේ මස්‌ වැදැලි විසිවී අලු බවට පත් වනු ඇති. මහත් විනාශයක්‌ ම වනු ඇති.

සැබෑ ලෙසම කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඉලක්‌කය රටේ නායකයා වෙසෙන පෙදෙස නම් ඒ සඳහා ද එම වෙඩි බෙහෙත් තොගය සෑහෙන බව ආරක්‍ෂක අංශවල නිගමනය විය.

කෙසේ හෝ වාසනාවට කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඉලක්‌ක, සැලසුම් සියල්ල ව්‍යර්ථ වී බෝම්බ තොගය අසුවිණි.

ඉන් පසුව සිදුවූයේ කුමක්‌ ද බෝම්බ තොගය අත්අඩංගුවට ගත් පොලිස්‌ නිලධාරීන්ට උසස්‌වීම් ද, දීමනා ද හිමි වීමය.

බෝම්බ සොයා ගත්, හඳුනා ගත් හා නිර්භීතව ඒවා අක්‍රීය කළ ආබාධිත හමුදා කෝප්‍රල් ගාමිණී දිසානායකට සිදු වූයේ කුමක්‌ ද? ඔහුගේ මල්ලීට ලැබුණේ මොනවාද?

ගාමිණීගේ අඩක්‌ නිම වූ නිවස තව දුරටත් ගොඩනඟා ගන්නට කොළඹ පරිත්‍යාගශීලී මහත්මයෙක්‌ ද (නම නොපවසන උතුම් පරිත්‍යාගශීලී මහත්මයෙකි.) “ජයග්‍රහණය” සංවිධානය ද උපකාර කළේය. එවක යුද හමුදාපතිවරයා ප්‍රශංසා සහතික නිකුත් කොට තිබිණි. ස්‌ථිර සැරයන් නිලයකට උසස්‌ කරන ලදී.

එපමණක්‌ ද නොව, ආඥපති උ. ප්‍ර. මු. (කුරු) බ්‍රිගේඩියර් ඒ. සී. ඔබේසේකර විසින් ගාමිණීට වීරෝදාර විභූෂණ පදක්‌කම ලබා දීම සඳහා නිර්දේශ කර ලිපි යවා තිබේ.

එහි මෙසේ සඳහන් වෙයි.

“සිදුවීමට ගිය බිහිසුණු විනාශයක්‌ වැළැක්‌වීමට නොපැකිළව ඉදිරිපත් වී මරණාභිමුඛ වූ අයකුගේ හෝ අයවලුන්ගේ ජීවිත බේරා ගැනීමේ හෝ ආරක්‍ෂා කිරීමේ අරමුණ පෙරදැරිව ස්‌වකීය ආත්ම ආරක්‍ෂාවට සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී තමා විසින් කරන ලද වික්‍රමාන්විත වූද අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නාවූ ද අසෛනික ගණයේ ක්‍රියාව අරභයා මෙම (කො.හෙ.නි.) ගාමිණී දිසානායකගේ එම වීර ක්‍රියාව අගයනු වස්‌ වීරෝදාර විභූෂණ පදක්‌කම හිමිගැන්වීම සඳහා නිර්දේශ කරමි.”

මෙකී නිර්දේශය ඉදිරිපත් කොට දැනට වසර පහක්‌ ද ඉක්‌මවෙමින් පවතී. එකී නිර්දේශය අතරමගදීම කොහේ හෝ සඟවනු ලැබ ඇතැයි අපට සිතෙයි. මන්ද අප සිටින්නේ මේ ශ්‍රී ලංකාව තුළ වන බැවිනි. ඔහුට සම්මානය ලැබුණේ නැත.

රණවිරුවා තම කාර්ය නිමා කොට හමාරය. ඔහුට තහඩුවක කෙටූ සම්මාන නැතිවාට ජනතා සම්මාන හොඳින් ම ලැබී ඇත්තේ ය. ජීවිත පරදුවට තබා රට බේරා ගැනීමට යුද්ධයට පැන්න අභීත රණවිරුවනට හිමි දේ නොදෙන්නේ නම් අපේ රට ගැන රටේ අකෘතඥ මිනිසුන් ගැන කවර කතාද?

අපි යුද්ධයේ සැබෑ වීරයන් අමතක කර දමා සිටිමු. එය රටේ යුතුකම හා වගකීම පැහැර හැර සිටිමු.

ගාමිණීට වීරෝදාර විභූෂණ පදක්‌කම ලබා දීමට මංවැසුවෝ කවරහුද? යමක්‌ හිමි නම් එය සුදුස්‌සාටම ලැබිය යුතුය.

රණවිරු සැමරුම් මාස සති මහ ඉහළින් පවත්වමින් නිම වෙමින් පවතී. ඒවා ගාමිණී වැනි අභීත රණවිරුවන් උදෙසා නොවේ යෑයි කිසිවකුට තර්ක කළ හැකිය. ඒ තර්කයට සාධාරණයක්‌ ද ඇත.

ගාමිණී වැනි යුක්‌තිය සාධාරණය ඉටු නොවූ අභීත රණවිරුවන් මේ දේශයේ තවත් ඇතිවා වෙන්නට පුළුවන. ගාමිණී මෙන් ඇසක්‌ අහිමි කරගෙන, අත් අප්‍රාණිකව එසේම අත් පා සිරුරේ කොටස්‌ අහිමි කරගෙන සදහටම අබ්බගාතව දුක්‌ විඳින රණවිරුවන් තවත් කොතෙක්‌ සිටිනවාද? ඔවුනට සාධාරණය ඉටු වී ඇති ද? ඔවුන් ගැන රණවිරු අධිකාරිය හෝ බලධාරීන් සොයා බැලුවේද?

මතක තබාගත යුතු යමක්‌ තිබේ

රණවිරු රියල් ස්‌ටාර්ලා ප්‍රසංග වේදිකා මත පහළ වන්නේ නැත. සැබෑ රණවිරු තරු අපට ජීවත් වන්නට ඉඩ හසර සලසා දී මේ පොළොවේ පස්‌ කඳු අතරට මුහුවී හමාරය. දිවි පරදුවට තබා, ජීවිතය පමණක්‌ ඉතිරි කරගත් රණවිරු තරු බොහෝ දෙනෙක්‌ ආබාධිතව, රෝද පුටුවට, ඇඳට සීමා වී සිටිති.

ගාමිණී වැනි විරුවන් එදා හෙළුE රුධිරයට, කඳුළුවලට දහදියට වඩා අද හෙළන දුක්‌ කඳුළු “උකු” ගතියෙන් වැඩි බව අප විශ්වාස කරන්නේ එබැවිනි.


කල්ලතෝනින්ගේ තිප්පල වූ කච්චතිව්වල අලුත් කතාව

$
0
0

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට තෑගි ඔප්පුවකින් ලබාදුන් කච්චතිව් දූපත යළි ඉල්ලමින් දකුණු ඉන්දියාවේ දේශපාලන බලධාරීන් හා ස්‌වෙච්ඡා සංවිධාන ගණනාවක්‌ අරගලයක්‌ පටන් ගෙන තිබේ. භාරතීය ජනතා පක්‍ෂය (ඊJඡ) ඇතුළුව තවත් දේශපාලන පක්‍ෂ කීපයක්‌ විසින් ගෙන යන මේ අරගලයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජයලලිතා, වයිකෝ හා නැඩුමාරන් ඇතුළු පිරිසකි.

1974 ජුලි මස 23 වැනිදා සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම මත කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමිවිණි. ඉන්දීය මුහුදු සීමාවත් ශ්‍රී ලංකාවේ යාපනය මුහුදු සීමාවත් අතරමැද පිහිටි කච්චතිව් දූපත ප්‍රමාණයෙන් අක්‌කර 285 ක්‌ පමණ වන දූපතකි. 1605 දී ඉන්දියාවේ රාමනාදන්පුර පාලනය කළ සේතුපති අධිරාජයා විසින් මුලින්ම කච්චතිව් දූපත සොයාගැනීමෙන් පසුව එය ඉන්දීය පාලනය යටතේ පැවතුණි.

කල්යත්ම මේ කච්චතිව් දූපත ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් මහත් හිසරදයක්‌ විණි. ඉන්දියාවට වැළඳෙන සියලු හිසේ කැක්‌කුම් හා උමතු රෝග ඉතා පහසුවෙන් සීරුමාරු කරන්නේ ශ්‍රී ලංකාවටය. ඉන්දියාවෙන් භාරදෙන ඕනෑම හිසරදයක්‌ දොහොත් මුදුනින් පිළිගැනීමට කැමැත්තක්‌ දැක්‌වූ නිසා කච්චතිව් දූපතද ගිවිසුම් අත්සන් කොට භාරගැනීමට එදා පාලකයෝ කැමැති වූහ.

කච්චතිව් දූපත කරා පැමිණෙන්නේ ඉන්දීය ධීවරයෝය. ඊට අමතරව ධීවර කර්මාන්තයට අධිගෘහිත දෙවියන් වහන්සේ කෙනෙකු වූ ශාන්ත අන්තෝනි මුනිඳුන් නමස්‌කාර කිරීමට එන බැතිමතුන්ය. කච්චතිව් දූපතේ පිහිටි කුඩා ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්‌ථානය හැරෙන්නට වෙනත් ගොඩනැඟිල්ලක්‌ ඇත්නම් ඒ එම දූපත ශ්‍රී ලංකාවට ලැබුණු පසු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිකරන ලද ගොඩනැඟිලි පමණි.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමි වීමට පෙර ඉන්දියාවේ සිට එම දූපතට පැමිණි ධීවරයෝ මසුන් මැරීමේ කටයුතුවල නිරත වී කරවල වියළීම සඳහාත් විවේක ගැනීම සඳහාත් මේ දූපත භාවිත කළහ. කල්යත්ම ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සිදුවන නීති විරෝධී ජාවාරම් සියල්ලම සිදුවූයේ මේ දූපත හරහාය. ගංජා, අබින් ඇතුළු සියලු මත්ද්‍රව්‍යද, සරොම්, සාරි සුවඳවිලවුන් වැනි දේද ඉන්දියානු චිත්‍රපටද මේ රටට හොර රහසින් ගොඩ බැස්‌සේ කච්චතිව් දූපත හරහාය. මේ නිසා ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් ලැබිය යුතු විශාල බදු මුදලක්‌ දෙරටම අහිමි විණි.

කච්චතිව් දූපත නිසා මීළඟට සිදුවූ බරපතළම හානිය වූයේ ඉන්දියාවේ සිට හොර රහසේ අනවසරයෙන් මේ රටට එන කල්ලතෝනින්ගේ සංඛ්‍යාව ඉහළ යැමය. දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් ශ්‍රී ලංකාවට හොර රහසේ පැමිණෙන පිරිස්‌ “කල්ලතෝනි” වූයේ එලෙසිනි. මේ කල්ලතෝනි ප්‍රශ්නය එදා ශ්‍රී ලංකාවට මහත් පිළිලයක්‌ විය. වීසා හෝ කිසිදු අවසර පත්‍රයකින් තොරව ඉන්දියාවේ සිට කල්ලතෝනින් මෙහි පැමිණ විවිධ වෘත්තීන්වල නිරත වූහ.

කච්චතිව් දූපතේ සිට පැමිණෙන කල්ලතෝනි පිරිසට අමතරව තලෙයිමන්නාරම හා මන්නාරම මුහුදු මාර්ග ඔස්‌සේද ශ්‍රී ලංකාවට ඔවුන් පැමිණියත් එම ප්‍රදේශවල ආගමන විගමන නිලධාරීන් විශාල පිරිසක්‌ සේවයේ නිරතව සිටීම නිසා ඔවුනට නිදහසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි විය. ඉන්දීය හා ශ්‍රී ලාංකික උතුරු ධීවරයෝ එකම භාෂාව කතා කිරීම නිසා කච්චතිව් දූපතේදී මේ මිනිස්‌ ජාවාරම ඉතා හොඳින් ඉතා සරුවට බොහෝ කාලයක්‌ම සිදුවිණි.

ඉන්දියාවට මඳක්‌ ඈතින් ශ්‍රී ලංකාවේ යාපනය මුහුදට කි. මී. 45 ක්‌ පමණ දුරින් කච්චතිව් දූපත පිහිටීම නිසා ඉන්දියාවට මේ දූපත පාලනය කිරීම ඉතා අසීරු විණි. මේ නිසාම දෙරට අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක්‌ වශයෙන් එදා කච්චතිව් දූපත ගිවිසුමක්‌ මගින් ශ්‍රී ලංකාවට පවරා දී ඉන්දියාව සියලු පව්වලින් නිදහස්‌ විය.

කච්චතිව් දූපත 1974 දී ශ්‍රී ලංකාවට අයත් වීමත් සමඟම 1977 වර්ෂයේ සිට උතුරේ ඇතිවූ යුදමය වාතාවරණය නිසා ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් යන දෙකටම මේ කච්චතිව් දූපත පිළිබඳව කිසිදු පාලනයක්‌ අවශ්‍ය නොවීය. නාවික හමුදාව පමණක්‌ මුර සංචාරවල යෙදෙමින් එම දූපතේ සිදු වන අකටයුතුකම් පිළිබඳව සොයා බැලූහ.

ශ්‍රී ලංකාවට සාමය උදාවීමත් සමඟම ඉන්දියාවට බොහෝ සිත් රිදීම් සිදු වී තිබේ. ශ්‍රී ලංකාව තුළ අරගලය ඉන්දියාවට සෑම පැත්තකින්ම වාසියක්‌ වීමද ඉන්දියාව උදව් උපකාර කළ එල්. ටී. ටී. ඊ. ය යුදමය තත්ත්වයකින් විනාශ වීමද ඉන්දියාව නොරුස්‌සන බැවින් බටහිර රටවල් මෙන්ම ඉන්දියාවද ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරන්නේ රජය දෙමළ ජාතිකයන් සමූල ඝාතනයට ලක්‌ කළ බව කියමිනි.

මානව හිමිකම් කවුන්සලයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට හේතුව වූයේද මෙම තත්ත්වයමය. මේ ආදී වශයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇතිවී තිබෙන විරසකයෙන් ප්‍රයෝජන ලබන්නට උත්සාහ කරන්නේ දකුණු ඉන්දීය දේශපාලනයයි. බොර දියේ මාළු බෑමට උපන් හපන්කම් දක්‌වන දකුණු ඉන්දීය දේශපාලනඥයෝ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ අවස්‌ථාවල උඩගෙඩි දෙති. මේ තත්ත්වයට ප්‍රධාන වී ඇත්තේ ලෝකයේම සිටින දෙමළ වැසියන්ට ලෝකයේ කොතැනක හෝ දෙමළ රටක්‌ බිහිකර ගැනීමේ අවශ්‍යතාවයි. මේ සඳහා හොඳම තෝතැන්න තමිල්නාඩුව බවට ලෝක දෙමළ ජනයා තුළ මතවාදයක්‌ පවතී. එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවුවේනම් එයද එකතුකොට තමිල්නාඩුව තනි දෙමළ රටක්‌ නිර්මාණය කිරීම පිළිබඳවද බොහෝ සිහින මැවූහ.

මේ සිහින සියල්ලම බිඳවැටුණු පසුව විශේෂයෙන්ම දකුණු ඉන්දීය දේශපාලනඥයෝ ශ්‍රී ලංකා රජයේ කකුලෙන් ඇදීමට විවිධ අවස්‌ථාවල මාතෘකා සොයා ගනිති. කච්චතිව් දූපත පිsළිබඳව වත්මන් අවුලද ඒ සම්බන්ධයෙන් ගොඩනැඟුණු තත්ත්වයකි.

කච්චතිව් දූපත යළිත් ඉන්දියාවට පවරා ගතහොත් එහි පාලන බලය ලැබෙන්නේ දකුණු ඉන්දියාවටය. දකුණු ඉන්දීය. ධීවරයෝ නිතරම ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවට ට්‍රොaලර් යාත්‍රාවලින් පැමිණ උතුරේ ධීවරයෝ මාස තුනකදී රැස්‌කරන මාළු තොග එක්‌ දිනයක්‌ තුළ දී පැහැරගෙන යති. උතුරේ ධීවරයන්ට විවිධ බලපෑම් කරන්නේ ඉන්දීය ධීවරයෝ කොල්ලකනු ලබන මත්ස්‍ය සම්පත තව තවත් වැඩියෙන් කොල්ලකෑමට කච්චතිව් දූපත ඉවහල් වන බැවින් ඉන්දියාවේ ධීවර සංගම් සියල්ලද කච්චතිව් දූපත ආපසු ලබා ගැනීමේ කුමන්ත්‍රණයට දායක වී සිටිති.

දකුණු ඉන්දියාවේ දේශපාලනඥයන්ගේ ආශිර්වාදයෙන් වැජඹෙන ඉන්දීය ධීවර සමිති නායකයන් අතර දකුණු ඉන්දීය ප්‍රාදේශීය දේශපාලනඥයෝද වෙති. මේ පිරිස්‌ එකතුවී යළිත් කච්චතිව් දූපත ඉන්දියාවට හිමිකර ගැනීමට දරන උත්සාහය තුළින් ඔවුනට යළිත් මිනිස්‌ ජාවාරමේ මෙන්ම නීති විරෝධී ජාවාරම්වලද නියෑළීමට අවස්‌ථාව උදාවෙයි. මේ නිසා දැන් කච්චතිව් දූපතට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ටද සිය යාත්‍රාවල ඉන්දීය ධජය ඔසවාගෙන පැමිණෙන ලෙසට අණකොට තිබේ. නමුත් ඉන්දීය ධජය යටතේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඉඩ නොදීම නිසා ඔවුන්ගේ එම උත්සාහය සෑම වසරකදීම නිෂ්ඵල වෙයි.

කච්චතිව් දූපත ආපසු ඉල්ලා දකුණු ඉන්දීය දේශපාලනඥයන් විසින් ගෙන යන අරගලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක්‌ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කොට නොමැත. ශ්‍රී ලංකාවේ ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ‍ෙ‍ජ්සුදාසන් මේ පිළිබඳව කියා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාවට මෙතරම් කෙණෙහෙලිකම් දැක්‌වුවත් ශ්‍රී ලංකාවේ පාලකයන් නිහඬව සිටීම විශාල ප්‍රශ්නයක්‌ බවයි.

දැන් බලන්න ඉන්දියාවේ ධීවරයෝ ට්‍රොaලර් 1000 ක්‌ 2000 ක්‌ අතර ප්‍රමාණයකින් ඇවිත් උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මරනවා. ඉස්‌සර මේක සිද්ධ වුණේ මන්නාරම, යාපනය, මුලතිව් අවට මුහුදෙ විතරයි. නමුත් දැන් ඔවුන් පුත්තලම, කල්පිටිය, පුල්මුඩේ වැනි ප්‍රදේශවලටත් එනවා. මේක නවත්වන්න ආණ්‌ඩුව කිසිම වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නේ නෑ. කවුරු හරි කෑ ගහනකොට නාවික හමුදාවට කියලා ඉන්දීය ධීවරයෝ අත්අඩංගුවට ගන්නවා. ඒත් මාසයක්‌ ඇතුළත ඒ අයව නිදහස්‌ කරනවා. අපේ ශ්‍රී ලාංකික ධීවරයෝ සිය ගණනක්‌ ඉන්දියාවේ හිරකූඩුවල අවුරුදු ගණන් ඉන්නවා. ලෝක සාගර නීතිය සෑම රටකටම පොදු වුණත් ශ්‍රී ලංකාව ඉන්දියාවට දක්‌වන මොකක්‌ හරි බය පක්‍ෂපාතකමක්‌ හින්දා ඉන්දීය ධීවරයන්ට දඬුවම් කරන්නෙ නෑ. මේක හරිම අසාධාරණයක්‌.

ඉන්දීය ධීවරයන් නිසා පීඩාවට පත්වී සිටින ශ්‍රී ලංකාවේ ධීවර සංගම් කච්චතිව් දූපත ආපසු ඉන්දියාව විසින් ලබා ගැනීමට උත්සාහ දැරීම තුළ විශාල අනාගත භීෂණයක්‌ දකියි. එහෙත් රජය ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීම ශ්‍රී ලංකාවේ ධීවර සමිතිවලට පමණක්‌ නොව සියලු දෙනාටම විශාල ප්‍රශ්නයකි.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් ආපසු කඩා ගැනීමට උත්සාහ දරන දකුණු ඉන්දීය දේශපාලනඥයන් ඔවුන්ගේ ගමන එතැනින් නතර කරන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වූ කි. පූ. 6 වැනි සියවසේ මැදභාගයේද ඉන්දියාවේ රාජ්‍ය පාලනය තුළ පැවතියේ මේ ආක්‍රමණකාරී ස්‌වරූපයයි. ඔවුන් මත්ස්‍ය න්‍යාය අනුගමනය කරමින් (විශාල රාජ්‍යයන් විසින් කුඩා රාජ්‍ය ගොදුරු කරගැනීම) තම රාජ්‍ය තාන්ත්‍රික වපසරිය වැඩි කර ගැනීමට එදා සිටම ක්‍රියා කළහ. අවන්ති, වත්ස, කෝසල හා මගධ යන මහාරාජ්‍යයෝ එදා ඉන්දියාවේ වූ කුරු, පංචාල, ෙච්ති, මල්ල වැනි කුඩා රාජ්‍යයන් ආක්‍රමණය කිරීමට යුද්ධ කළහ. යුද්ධ කොට දමනය කරගැනීමට නොහැකි වූ කුඩා රාජ්‍යයන් බිලී බා ගත්තේ හොඳ හිත පතුරුවමිනි. තමන්ගේ ළාබාල දියණිය මහලු රජවරුන්ට විවාහ කොට දී ව-ජි රාජ්‍යය වැනි කුඩා රාජ්‍යයන් තම අණසකට යටත් කරගැනීමට එදා ඉන්දියාව දැරූ දේශපාලන ක්‍රියාකාරකම අදටද අතහැර නොමැත. කච්චතිව් දූපත යළි අත්පත් කරගැනීමට ඉන්දියාව හෝ දකුණු ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සටන් නොකළද කුමන හෝ උප්පරවැට්‌ටියක්‌ යොදා කච්චතිව් දූපත තමන්ගේ ග්‍රහණයට හසුකර ගැනීම නියත වශයෙන්ම සිදු කරන්නකි.

යමෙකුට දුන් දෙයක්‌ ආපසු ඉල්ලීම රොඩී ගතියක්‌ ලෙස දකින්නේ අපේ රටේ පොඩි ළමයින්ය. ළමා කාලයේදී ක්‍රීඩා කරන විට පවා ඔවුන් මේ කියමන නිතර නිතර කියයි. එහෙත් ඉන්දියාව තමන්ගේ වාසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට රිදවීමට ඇති අවශ්‍යතාව නිසාත් රොඩී ගතියටත් වඩා වැඩි දේවල් නොකර සිටින්නේ නැත. එහෙත් අපේ රටේ පාලකයෝ නිහඬය. ඒ ඉන්දියාවට ඇති බිය නිසාද නැතහොත් වෙනත් දේශපාලනමය හේතුවක්‌ නිසාද යන්න ප්‍රශ්නයකි.


රතුපස්‌වල වසන්තය බොඳ උනාට හමුදාව පලි නෑ!

$
0
0

“ඒ පස රතු වුයේ ලේ වලිනි” රතුපස්‌වල ඛේදවාචකයට පසුදා “දිවයින” කතු වැකියේ මාතෘකාව වුයේ එයයි. ඒ ලේ වැගිරුවේ කවුද? මෙම රචනයේ මාතෘකාව වන්නේ එයයි.

ප්‍රශ්නයට පහසු පිළිතුරක්‌ දැනටමත් සමාජගත කර තිබේ.

හමුදාව……

හමුදාව යොදවා අහිංසක මිනිසුන්ට වෙඩි තිබ්බ එක කොහොමටවත් අනුමත කරන්නේ නෑ.

ප්‍රශ්නය මෙච්චර දුරදිග යන කං බලධාරීන් නිලධාරීන් මොකද කළේ……. ආදියේ සිට මාවිල් ආරුවේ ජලය හා රතු පස්‌වල ජලය යන්නට ගලපමින් ” හමුදාව කෲර ලෙස රතුපස්‌වලදී හැසිරුණා” යන්න සමාජගත කිරීමේ වෑයමක්‌ මේ වන විට දියත්ව තිබේ. රතුපස්‌වල ප්‍රදේශයේ මිනිසුන් වතුර ඉල්ලා කරන යුද්ධයත්, හමුදාව හා පොලිසිය මිනිසුන් සමග අරගල කරන ආකාරයත්, අවසානයේ හමුදාව අතින් මිනිස්‌ ජීවිත කිහිපයක්‌ නැති වන ආකාරයත් පමණක්‌ දුටු කෙනෙකුට රතුපස්‌වල ගැන ඉහත කතා සාරාංශය පහසුවෙන් කිව හැකිය. ඒ වැනි සාධනයකට පැමිණීමට විශේෂඥ ඤාණයක්‌ තිබෙන්නට අවශ්‍ය නැති අතර මන්ද මානසික හෝ උමතු මානසික තත්ත්වයක්‌ වුවත් ඒ වැඩේට වැඩිය.

ඌරපල ප්‍රදේශයේ දරුවකු වන ගිම්හාන් සන්දීප්ගේ වයස අවුරුදු නවයකි. ඔහුට නිරන්තර උණ ගැනීම් තත්ත්වයක්‌ ඇතිවෙයි. අවසානයේ දී රෝගය හඳුනා ගැනෙනුයේ වකුගඩුවලට විෂබීජයක්‌ ගොස්‌ ඇති ලෙසය. බොන ළිඳේ වතුරෙන් මෙම විෂබීජය ගොස්‌ ඇතැයි විශ්වාසයක්‌ මතුවෙයි. එය කේවල කතාවකි. එතැනින් එහාට එවැනි නිදර්ශන රෝගීන් රතුපස්‌වලින් හෝ අවට ගම්වලින් තවම හමු වී නැත.

ජලයේ විෂ ඇති බවට එම කතාව සමාජගත වන්නේ 2013 වසරේ ජුනි දිනදීය. වෙනිග්‍රොස්‌ අත්වැසුම් කම්හලට යාබදව තිබෙන රෝහණ වික්‍රමාරච්චි මහතාගේ නිවසේ ලිඳේ වතුර බීමට නොහැකි තත්ත්වයක තිබේ. ළිදේ වතුර මෙසේ වීමට හේතුව අසල කර්මාන්ත ශාලාවෙන් මුදා හැරෙන ඇසිඩ් බවට වන මතයක්‌ ඒ සමග කටකතාවක්‌ ලෙස ප්‍රකාශ වෙයි. වික්‍රමාරච්චි මහතා ජල සම්පාදන මණ්‌ඩලයට සිය ළිඳේ ජල සාම්පලයක්‌ රැගෙන යන අතර, ජලයේ පී. එච්. අගය අඩු බවට වන සහතිකයක්‌ මණ්‌ඩලය විසින් නිකුත් කරයි. ඒ සමගම ආම්ලිකතාවය නිසා මෙම ජලය බීමට නුසුදුසු බවට ජල සම්පාදන මණ්‌ඩලය විසින් අදාළ වාර්තා සටහන් කර දෙයි. කලබගෑනියේ පැනනැගීම සඳහා පුළිඟු දැල්වෙන්නේ එතැනිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පානීය ජලය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව, පානීය ජලය සඳහා පී. එච්. අගයේ කිසිදු බලපෑමක්‌ නැත. නමුත් අඩු පී. එච්. අගයක්‌ ජලයේ තිබෙන විට, ජල පරිවහන නලවල යකඩ මළ බැඳීමට ඇති අවස්‌ථාව වැඩිය. මේ නිසා පරිවහනකාර්යයේදී පමණක්‌ හෙවත් යකඩ නල මගින් ජලය බෙදා හැරේ නම් පමණක්‌ ජලයේ පී. එච්. අගය සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්‌ තිබේ.

(දැනට නැඟෙන රැල්ල අනුව, මෙම වාර්තාව හේලීස්‌ ආයතනය හෝ වෙනිග්‍රොස්‌ ආයතනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් ලබාදී ලියවා ගත්තත් බවට යම් සමාජ ක්‍රියාකාරියකු මිය ගිය ජනතාව හෝ රතුපස්‌වල වතුර ගැන කැක්‌කුමෙන් හෝ කිව හැකිය.)

ජල සම්පාදන මණ්‌ඩලය වැඩේ වරද්දා ගන්නේ මෙතැනදීය. ජල සම්පාදන මණ්‌ඩලය යනු ජල මූලාශ්‍ර පිළිබඳ පර්යේෂණ ඒකකයක්‌ නොවේ. එහි රාජකාරිය ජලය බෙදාහැරීම, පිරිපහදු කිරීමය. එම රාජකාරිය අනුව, ජලය බෙදීමේදී පවත්වා ගත යුතු පී. එච්. අගය ජලයේ පී. එච්. අගය සමග සසඳන විට මණ්‌ඩලය ඉක්‌මන් වන්නේ බෙදා හරින ජලයේ පී. එච්. අගය පානීය ජලයේ පී. එච්. අගය ලෙස මණ්‌ඩලය වරද්දා ගැනීම නිසාය. උගුරු දණ්‌ඩේ සිට ජලය ගමන් කරන නහර යකඩින් සෑදී ඇත්නම් මණ්‌ඩලයේ මේ නිගමනය සාධාරණය)

මණ්‌ඩලයේ වාර්තාකොලය දකින රතුපස්‌වල මිනිසුන් කියන්නේ තමන්ගේ ළිඳෙන් එන්නේ වතුර නොව ඇසිඩ් කියාය. මේ කතාව බෙලි ගෙඩිය වැටීම, ලෝකය පෙරළි මට සමාන තත්ත්වයක්‌ මතු කළා සේa රතුපස්‌වල දෙවනක්‌ කළේය. හයක්‌ හතරක්‌ නොදත් රතුපස්‌වල සමහරුන් පී. එච්. අගය පී. එච්. අයි ලෙසද පටලවා ගත්තේය. ජලයේ ආම්ලිකතාව හා අම්ල යනු දෙකක්‌ ලෙස නොවැටහෙන්නාටත්, පී. එච්. අගය හා පී. එච්. අයි එකක්‌ ලෙස තේරුම් ගන්නන් ලවා විශාල කාර්යයක්‌ කර ගත හැකිය. ඒ බව තේරුම් ගත් පිරිසක්‌ ද විය.

කොහොමටත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජලයේ පී. එච්. අගය අඩුය. මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම විසින් පෙන්වා දෙන්නේ, එම තත්ත්වය මතු වන්නේ එම දිස්‌ත්‍රික්‌කය ලැටරයිට්‌ පසෙන් සෑදී තිබීම නිසා බවය.

මෙය අලුත් කතාවක්‌ නොවේ. මෙම ප්‍රදේශයේ අන්නාසි සරුවට වැඩෙන්නේ .. ජලයේ ඇති මෙම ආම්ලිකතාව නිසාය. ඒ බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අන්නාසි වගාවට යෝග්‍ය තත්ත්වයෙන් හා ප්‍රදේශයේa aපස පිළිබඳ වාර්තාවක සඳහන් කර තිබේ. ලැටරයිට්‌ පස රතු පැහැයෙන් යුක්‌තය. රතුපස්‌වල ගමේ නමට පවා මුල් වන්නේ මේ තත්ත්වය බව එයින් පෙනේ.

එයින් පැවසෙන්නේ, කාලාන්තරයක සිටම රතුපස්‌වල පමණක්‌ නොව ගම්පහ දිස්‌ත්‍රික්‌කයේම ජලයේ පී. එච්. අගය අඩු බවය. නමුත් මෙය ලෙඩක්‌ බවට පත් වන්නේ 2013 ජුනි මාසයේ අග සිටය. ව්‍යසනයක්‌ බවට පත්වන්නේ ජුලි මාසයේදීය. ඛේදවාචකයක්‌ බවට පත්වන්නේ අගෝස්‌තු පල වැනිදාය.

මේ තරම් සීග්‍රයෙන් රතුපස්‌වල වතුර නරක්‌ වුණේ ඇයි? හිටි හැටියේම ඒ වතුර නිසා මිනිසුන්ගේ ඇඟ දන්න ගත්තේ ඇයි?

රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගයට හේතුව තවම පැහැඳිලි වී නැතත්, එම ප්‍රදේශයේ වකුගඩු රෝගයක්‌ තිබෙන බව පැහැදිලිය. රතුපස්‌වල භූගත ජලය නිසා එවැනි රෝගී තත්ත්වයක්‌ තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් හෝ ස්‌වාධීන පරීක්‍ෂකයන් තවම කියා නැත. නමුත් ඒ ගැන මාධ්‍යයට කතා කරන ගම්මුන්ට කැසිල්ලක්‌ ඇති වී තිබේ. ඒ කැසිල්ලට ඇත්තේ මාස කිහිපයක ඉතිහාසයකි. ඇස්‌ ලෙඩ, ඩෙංගු, වැනි රෝග පැතිරෙන කාලයට එම රෝගීන්ගෙන් රෝහල් පිරීයයිs. සමාජය තුළද ඒ ගැන කතා ඇතිවෙයි. නමුත් රතුපස්‌වල කැසිල්ලෙන් අවට කිසිම රෝහලක්‌ පිරීගියේ නැත. අවම තරමින් වටපිට කිසිම රෝහලකට මෙය වැදගත් ලෙඩක්‌ යන සංඥාව හෝ ලැබෙන්නේ නැත. ඩෙංගු, රජරට වකුගඩු රෝගය නිසා යම් ප්‍රදේශයකට ලැබෙන තැන මාධ්‍යයේදී, මැති සබයේදී හෝ වෙනත් තැනකදී මේ රතුපස්‌වල කැසිල්ලට, දැවිල්ලට ලැබෙන්නේ නැත. ඒ සියල්ල ලැබෙන්නේ 2013 ජුනි අන්තිම කාලයෙන් පසුවය. රටේ මේ වන විට ප්‍රචාරය වී තිබෙන තරමට අනුව නම් යමෙකු පිටකොටුවේදී හෝ ගාල්ලේදී අතක්‌ කසයි නම් එහා පැත්තේ සිටින කෙනා ඔහුගෙන් ගම රතුපස්‌වලදැයි ඇසිය යුතු තරමටම මේ කැසිල්ල තිබිය යුතුය. කැසිල්ලේ තත්ත්වය එසේය. නමුත්, කැසිල්ලට හේතුව ගම්මුන් විසින් සැණෙන් සොයා ගත්තේය.

වෙනිග්‍රොස්‌ අත්වැසුම් කම්හලෙන් නිකුත් කරන ඇසිඩ්, වතුරට එක්‌වීමෙන් මේ දේ වුණා. එතරම්ම පර්යේෂණශීලී තත්ත්වයක රතුපස්‌වල ඇත්තෝ සිටිති.

වෙනිග්‍රෝස්‌ කර්මාන්ත ශාලාව ආරම්භ වන්නේ 1994 වසරේදීය. එය අයත් වන්නේ හේලීස්‌ සමූහ ව්‍යාපාරයටය. ලෝකයේ රටවල් හැත්තෑපහකට අධික ප්‍රමාණයකට එහි නිපදවන ග්ලවුස්‌ අපනයනය කරති. යුරෝපයේ සුපිරි වෙළෙඳ සල් ජාල වන වෝල් මාර්ට්‌ වැනි ආයතන මගින් මෙම අත්වැසුම් විකුණනු ලබයි. අවශ්‍ය ආරක්‍ෂණය සහ තත්ත්ව සහතික මෙම කර්මාන්ත ශාලාවට ඕනෑවටත් වඩා තිබෙන අතර ඒවා සියල්ලම වාගේ මාස කිහිපයෙන් කිහිපයට යාවත්කාලීන කෙරෙන හා ස්‌වාධීන පරීක්‍ෂණ මගින් විටින් විට සහතික කරන ගණයේ තත්ත්වයන්ය. ඒ උදෙසා එක්‌වරක්‌ නොව පිට පිට කිහිප වරක්‌ම වෙනිග්‍රොස්‌ ආයතනය සම්මානයටද පාත්‍ර වී තිබේ. කර්මාන්තශාලාවක දේශීයව තිබිය යුතු අත්‍යවශ්‍යම තත්ත්වයේ සිට ජාත්‍යන්තර ආයතනය සඳහා තිබිය යුතු අන්තර්ජාතික ප්‍රමිතියෙන් මෙම කර්මාන්ත ශාලාව යුක්‌ත අතර, එසේ නොමැති නම් අධිකරණය හමුවේ එම කරුණු පෙන්වා දී ඉතා පහසුවෙන් මෙම කර්මාන්ත ශාලාව වසා දමන්නට හැකිය. උද්ඝෝෂණ වැනි සංකීර්ණ ක්‍රියාදාම දක්‌වා දුර දිග යා යුතු නැත.

අනෙක්‌ අතට මෙම කම්හලේ නිපදවන අත්වැසුම් ආහාර කර්මාන්තය සඳහා යොදා ගන්නා බැවින් සුරක්‌ෂිතතා සහතික වර්ගීකරණයෙන් මෙම කර්මාන්ත ශාලාව සිය ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුය.

එසේ තිබියදී වෙනිග්‍රොස්‌ කම්හලෙන් නිකුත් වන අපද්‍රව්‍ය මගින් තමන්ගේ ජලය දූෂිත වූවා යෑයි ගමක්‌ හඬ නැඟුවේ ඇයි?

මෙම නිෂ්පාදනයන්ම කරන වෙනිග්‍රෝස්‌ ආයතනයට අයත් කර්මාන්ත ශාලා තුනක්‌ තිබේ. එකක්‌ හංවැල්ලේ පහත්ගමය. අනික රතුපස්‌වලටත් වඩා ජනාකීර්ණ කොට්‌ටාව බ්‍රාහ්මණගමය, එම ප්‍රදේශවාසීන්ට නොතිබුණු කැසිල්ලක්‌, රතුපස්‌වලට මෙම කම්හලේ බලපෑමෙන් වූවා යෑයි කියන්නේ කෙසේද?

රතුපස්‌වල ගමේ තිබෙන වෙනිග්‍රොස්‌ කර්මාන්ත ශාලාවේ සේවකයන් හත්සිය පනහක පිරිසක්‌ 2008 වසරේ දෙසැම්බර් මාසයේ සිට දින පනස්‌ පහක වර්ජනයක්‌ දියත් කළේය. එයට නායකත්වය දුන්නේ ජ. වි. පෙ වෘත්තීය සමිති අංශය වන අන්තර් සමාගම් සේවක සංගමයයි. අන්තර් සමාගම් සේවක සංගමයට ගම්පහ ප්‍රදේශයේ ඇති පක්‍ෂ වැඩිම සාමාජිකයන් පිරිසක්‌ සිටියේ, වෙනිග්‍රොස්‌ කම්හලෙනි. ජ. වි. පෙ. මැයි රැලයේ මුල හරියේ ගමන් කරන ලද්දේ, මෙම ආයතනයේ සේවකයන්ය. 2008 දෙසැම්බර් වර්ජනයෙන් සේවකයන් 120 ක්‌ රැකියාවෙන් ඉවත් කර යළිත් සේවයට ගන්නා තැනට පරිපාලනය පැමිණියේය. යළිත් මැතිවරණයක්‌ පවත් වන්නේ 2013 ජනවාරි 29 දාය. එම වර්ජනයන් සේවකයන් 122 ක්‌ එළියට දමන්නට පාලනාධිකාරිය තීරණය කළේය.

රතුපස්‌වල කේන්ද්‍ර කරගත්, කිලෝමීටර් දොළහක සීමාව තුළ කර්මාන්තශාලා පහළොවක්‌ හා ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක්‌ තිබියදී, කැසිල්ලට හේතුව වෙනිග්‍රොස්‌ කම්හලේ අපද්‍රව්‍ය ලෙස නම් වන්නේ, මේ එකසිය විසිදෙනා එළියට විසිවීමය.

ජලය දූෂිත යෑයි ගමේ යන කතාව සංවිධානාත්මක ව්‍යාපාරයක්‌ බවට පත් කිරීමට පෙරමුණ ගන්නේ එළියට විසි වුණු පිරිස්‌ හා ඔවුන්ගේ දේශපාලනඥයන්ය.

ජුලි දාහත් වැනිදා ගමේ වතුර ගැන හා කර්මාන්ත ශාලාව පිළිබඳ සාකච්ඡා ගමේ පිරිස්‌, අදාළ බලධාරීන් හා කම්හලේ ප්‍රධානීන් අතර පැවැත්විණි.

ගම්පහ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු හා ගම්වාසීන් මේ සඳහා සහභාගි වූහ. ගම්වාසීන් අතර කුමාරදාස නම් මහතෙක්‌ද සිටියේය. ඔහු ඇන්සල් ලංකා ආයතනයේ අන්තර් සමාගම් වෘත්තීය සමිතියේ අයෙකි. 1994 වසරේ වෙඩි තැබීමකින් සේවකයෙන් මියගියේ මෙම ආයතනයේදීය. එවැනි අත්දැකීම් සහිත චරිතයක්‌, රතුපස්‌වල ජලය ගැන ප්‍රශ්නය සාකච්ඡා කෙරෙන පළමු දිනයේම ගම්වාසීන් අතරට එක්‌වන්නේය.

එතැන් සිට දිනෙන් දින තත්ත්වය මෙසේ කැටිකළ හැකිය.

ජුලි – 18

මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජගත් මනතුංග හා ගම්වාසීන් කර්මාන්ත ශාලා බලධාරීන් මුණගැසෙති. මතු වී ඇති තත්ත්වය පිළිබඳව වාර්තාවක්‌ ලබාදීම සඳහා ආචාර්ය මනතුංග වෙත ආරාධනා කරන ලද්දේ කර්මාන්ත ශාලාව මගිනි. විසිදෙනකු පමණ මෙම අවස්‌ථාවට සහභාගි වූහ. මේ වන විටත්, ජල ප්‍රශ්නයට හේතුව වෙනිග්‍රොස්‌ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බවට වන කතාවක්‌ හා එම කර්මාන්තශාලාව වැසිය යුතු බවට වන විරෝධතා තත්ත්වයක්‌ ගමේ ඇති වේ.

ජුලි 19

ගම්වාසීන්, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා කර්මාන්තශාලා බලධාරීන්, ආයෝජන මණ්‌ඩල නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙදින සාකච්ඡාවට සහභාගි වූහ. කම්හලේ ජල සාම්පල පරීක්‍ෂණ සඳහා ලබාගත් අතර ගම්වාසීන් ඉදිරිපිට ඒවා ලබාගනී. මෙම සාකච්ඡාව කර්මාන්ත ශාලාව තුළ පවත්වයි. අනතුරුව නි. ඇමැතිවරයා හා ගම්වාසීන් අතර සාකච්ඡාවක්‌ ගමේදී සිදු වේ.

ජුලි 20

රාජ්‍ය නිලධාරීන් හා කර්මාන්ත ශාලාවේ බලධාරීන් අතර සාකච්ඡාවක්‌ කර්මාන්ත ශාලාවේ ඇති වේ.

ජුලි 23

ගම්වාසීන් ඉදිරිපිට මහර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක විසින් ජල සාම්පල් කර්මාන්ත ශාලාවෙන් ලබාගනී.

ජුලි 24

යළිත් ගම්වාසීන් ඉදිරියේ ජල සාම්පල් ලබාගනී. කර්මාන්ත ශාලාවේ සෑම තැනකින්ම වාගේ මෙම සාම්පල් ලබාගනී.

ජුලි 25

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කර්මාන්ත ශාලාවට පැමිණ ජල සාම්පල් ලබාගනී.

ජුලි 26

නි. ඇමැති ලසන්ත අලගියවන්න විසින් ස්‌ථාන තුනකදී ප්‍රදේශවාසීන් හමුවෙයි. මාස එකහමාරක්‌ තුළ ප්‍රදේශයට නළ ජලය දෙන බවට නි. ඇමැතිවරයා පොරොන්දුවක්‌ ලබාදෙයි.

ජුලි 27

ගම්වාසීන් රතුපස්‌වල මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත වෙයි. පැය දෙකකට වැඩි කාලයක්‌ පාර වසා හාරසීයක්‌ පමණ දෙනා උද්ඝෝෂණයේ යෙදෙති.

වැලිවේරිය පොලිස්‌ ස්‌ථානාධිපති, සහකාර පොලිස්‌ අධිකාරි හා පොලිස්‌ අධිකාරිවරුන් තෙරිපැහැ සිරිධම්ම හිමි සමග කර්මාන්ත ශාලාවට පැමිණෙති.

ගම්වාසීන් රැස්‌වී සිටිති. විසිර නොයන තත්ත්වය හමුවේ පොලිසිය විසින් ගම්වාසීන් විසුරුවා හරියි.

ජුලි 28

පාරවල් අවහිර කරමින් ගම්වාසීන් විරෝධතාවක යෙදෙයි. පාර අවහිර කිරීමට පොලිසිය ඉඩ නොදෙන අතර රතුපස්‌වල ක්‍රීඩාංගණයේ පිරිස රැස්‌වෙයි. එදින රාත්‍රියේ සිරිධම්ම හිමියන් සත්‍යග්‍රහයක්‌ සඳහා පිවිසෙයි.

ජුලි 29

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීහු කර්මාන්ත ශාලාවේ බලධාරින් හා ගම්වැසියන් හැත්තෑ පස්‌දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් රැස්‌වීමකි. එහිදී රාජ්‍ය නිලධාරීන්ගෙන් යුත් කමිටුවක්‌ පත් කෙරෙයි. පසුදා දිනයම ගම්වාසීන්ගේ පැමිණිලි භාරගැනීම සඳහා කමිටුව වෙන්කර ඒ බව පැමිණි ගම්වාසීන්ට දැනුම් දෙයි. මාස එකහමාරක්‌ තුළ නළ ජලය දෙන බවට රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය රතුපස්‌වල ක්‍රීඩාංගණයේ සිටින ප්‍රදේශවාසීන්ට දැනගැනීමට ලැබෙයි. උපවාසයේ නියුතුව සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රදේශවාසීන් මයික්‍රොපෝනයකින් අමතනු ලබයි. ප්‍රශ්නයට විසඳුම් ලැබී ඇති බවත්, නිවෙස්‌ බලා පිටත් විය යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටිති.

නමුත් එතැන සිටි කර්මාන්ත ශාලාවේ වර්ජනයෙන් එළියට දමා සිටි පිරිස හාමුදුරුවන්ගේ තීරණයට එකඟ නොවන බව ප්‍රකාශ කරයි. කර්මාන්ත ශාලාව වසන තෙක්‌ තමන් සටන අතනොහරින බව ඔවුන් ප්‍රකාශ කරයි. පොලිසියද මේ වන විට ඉවත්ව ගොසිනි.

එදින රාත්‍රි අටට පමණ පන්සියයක පමණ පිරිසක්‌ කර්මාන්ත ශාලාව දෙසට පැමිණෙයි. උපවාසය කළ ස්‌වාමින් වහන්සේද ඒ අතර වෙයි. පිරිස විසින් කර්මාන්ත ශාලාවට ගල් ප්‍රහාර එල්ල කරයි. කර්මාන්ත ශාලා භූමියට පොලිසිය පැමිණෙයි. පොලිස්‌ නිලධාරියකු ගල් ප්‍රහාරයකින් තුවාල ලබයි. රාත්‍රි 11.30 වන විට තත්ත්වය සමනය කිරීම සඳහා යුද හමුදාව ද පැමිණෙයි. සිද්ධිය නිසා ප්‍රධාන මාර්ගය රාත්‍රි 8.30 සිට වැසී ගොසිනි. සියලුම මාර්ගවල ටයර් පුච්චනු ලබයි. කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන ලද 80 දෙනකු පමණ උද්ඝෝෂණයේ ක්‍රියාකාරීව සිටිනු පෙනේ. විරෝධතාකරුවන් මහමඟ හා පිට්‌ටනියේ කෑම පිසිමින්, තේ බොමින් කටයුතු කරගෙන යයි.

ජුලි 30

උදැසන හත වන විට ‍ෙ‍ජ්Hෂ්ඨ නි. පොලිස්‌පති අනුර සේනානායක ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ ප්‍රදේශයට පැමිණේ. කර්මාන්ත ශාලා කළමනාකාරිත්වය වෙනුවෙන් ආචාර්ය මහේෂ රණසෝම සමග නි. පොලිස්‌පතිවරයා සාකච්ඡා පවත්වයි. උපවාසයේ නියුතු හිමියන් සමගද සාකච්ඡාවක්‌ පවත්වයි.

මේ වන විට කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙසීයක්‌ පමණ, විරෝධතාකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට කර්මාන්ත ශාලාව තුළ පත්වේ. සේවකයන් නැවතී සිටිනා ප්‍රදේශයේ බෝඩිං ගණනාවකට ද පහර දෙයි.

මහජන උපයෝගිතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විරෝධතාකරුවන් හා කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය හමුවෙයි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ අධිකරණයේ දී සිද්ධිය විභාගයට ගැනෙයි. තවමත් මාර්ග වැසී තිබේ.

ජුලි 31

තත්ත්වය දිගටම පැවැත්වෙයි. ගම්පහ දිස්‌ත්‍රික්‌ අධිකරණයේදී සිද්ධිය විභාග වෙයි.

මේ වන විට උපවාසයේ නියුතු හිමියන් සමග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද දුරකථනයෙන් සාකච්ඡා කර තිබිණි. එසේම රටේ ප්‍රධාන පුවත බවට රතුපස්‌වල පත් වී තිබිණි. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ අණ දීම යටතේ යුද හමුදාව දිගටම කර්මාන්ත ශාලාවට ආරක්‍ෂාව ලබාදෙන අතර සිද්ධියේ රැඳී සිටියි.

අගෝස්‌තු 1

වැලිවේරියේ පාරවල් වසාගෙන දින ගණනක්‌ සිටි විරෝධතාකරුවන් බැලුම්මහර මංසන්ධියට පැමිණෙයි. නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දමමින් විරෝධතාවේ යෙදෙයි. පාර වසා ටෙන්ට්‌ ඉදිකර තිබෙන අතර මිනිපෙට්‌ටියක්‌ ද උද්ඝෝෂකයෝ රැගෙන යති.

මේ වන විට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් කර්මාන්ත ශාලා බලධාරීන්, ගම්වාසීන්, රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ඡාවක්‌ කොළඹදී සිදුවෙයි. තත්ත්වය සමනය වන තෙක්‌ කර්මාන්ත ශාලාව වසා දැමීමට කර්මාන්ත ශාලා බලධාරීන් එහිදී එකඟවෙයි. විරෝධතාව අවසන් කිරීමට ගම්වාසී ර

නියෝජිතයෝ එහිදී එකඟ වූහ.

ගමේ තත්ත්වය දරුණු අතට හැරෙමින් තිබුණි. බැලුම්මහර හන්දිය වසාගෙන විරෝධතාකරුවන් සිටියහ. ඊට මඳක්‌ ඔබ්බෙන් තිබූ වතුරුගම පාර අසලින් ගමනාගමන කටයුතු සඳහා ඉඩකඩ විවර කරන්නට ආරක්‍ෂක අංශ කටයුතු යෙදූහ. විරෝධතාකරුවන් එතැනට ද රැස්‌විය. විකල්පය ද වැසී ගිය කල මුළු පළාතේම ගමනාගමන කටයුතු අඩපණ විය. විරෝධතා දිනයේ සිටම ගම්වාසීන්ව පොළඹවන ලද්දේ අරගලයක්‌ ඉල්ලාය. අහිංසක ගම්වාසීන් යෑයි වහරන ලද වුවද මැර බලයක්‌ සේ ඔවුන්ගේ පෙළගැසීම ඒ වන විට එක්‌ව තිබුණි. පොලිසියට මෙම බලවේගය සීරුමාරු කිරීම අසීරු විය.

රතුපස්‌වලට මඳක්‌ නුදුරෙන් පිහිටි දොම්පෙ පොලිසියට ගම්වාසීන් ගිනි තබන ලද්දේ අතිශය චෞර කුඩ්ඩෙකු පොලිස්‌ පහරදීමකින් මියයැම නිසාය. ඒ මීට වසර දෙකකට පමණ ඉහතදීය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් විසින් ජනතාවගෙන් ගුටි කෑ පොලිස්‌ නිලධාරීන්ට අණකර තිබුණේ තුවක්‌කු දුන්නේ වෙඩි කන්නට නොවන බවය. මෙවැනි කතා රාශියක්‌ ඒ වන විටත් කරලියේ තිබිණි. රතුපස්‌වලදී පොලිසියට සිදුවූයේ එයමය. පොලිසියේ කිසිදු හඬකට එහි ජනතාව කන් දුන්නේ නැත.

ජුලි 29 වැනිදා යුද හමුදාව හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය නොයොදන්නට අහිංසක ගැමියන් කම්හල විනාශ කර එහි සේවකයන්ගේ ජීවිත බිලිගන්නට ද ඉඩ තිබිණි. පුදුමය වූයේ අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ජීවත්වීමේ අයිතිය, පිපාසය ඇතුළු සියල්ල අවශ්‍ය වී තිබුණේ රතුපස්‌වල ගැමියාට පමණක්‌ වීමය. විරෝධතාකරුවන් සිරිසීවලී විද්‍යාලය අසල ළදරු පාසලක දරුවන් ද උද්ඝෝෂණ ව්‍යාපාරයේ වාඩිකරගෙන සිටියහ. ජීවත්වීම සඳහා ජලය ඉල්ලා පැමිණි බලවේගය මාධ්‍යට ඇසෙන සේ ප්‍රකාශ කරන ලද්දේ මරාගෙන මැරෙන බවය. ආරක්‍ෂක ලේකම්වරයා මැදිහත් වී තත්ත්වය සංසිඳුවා තිබුණ ද විරෝධතාකරුවන් වගේ වගක්‌ නොමැතිව තම කාර්යයේ නිරතව සිටියෝය.

නුවර පාර මුළුමනින්ම වැසී යැම තුළ වතුරුගම පාර අසල මිරිස්‌වත්ත හන්දිය ගමනා ගමන කටයුතු සඳහා විවර කර දෙන්නට, පහරදීම මගින් විරෝධතාකරුවන් එලවීමට ද යුද හමුදාවට සිදුවිය.

ඊළඟ තැන වූයේ බැලුම්මහරය. එතැනදී විවෘත ලෙස සියලු විරෝධතාකරුවන් අමතන්නට හමුදාවට සිදුවිය. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන එහිදී ප්‍රකාශ කළේ විරෝධතාකරුවන්ට විසිර යන ලෙසය. අහිංසක ගැමියන් බ්‍රිගේඩියර් ගුණවර්ධන සමඟ වාද විවාද කරගත්තේ මෙතැනදීය. ජීවත්වීමට ජලය ඉල්ලා සිටි අහිංසක ගැමියකු බ්‍රිගේඩියර් ගුණවර්ධන වෙත ප්‍රකාශ කරන ලද්දේ මෙතැනින් නොයන බවත් මරාගෙන මැරෙන බවත්ය.

කෙසේ හෝ අරියාදුවෙන්ම පාර ඇරගන්නට හමුදාව සමත් විය.

ඊළඟට විවෘත කළ යුතුව තිබුණේ වැලිවේරිය හන්දියයි. පාර විවෘත කිරීමට පොලිසියට හා හමුදාවට නිමා නොමැති ගල් වරුසාවකට මුහුණ දෙන්නට සිදුවිය. පොලිසිය විසින් කඳුළු ගෑස්‌ එල්ල කරන්නේ මේ අතරය. කඳුළු ගෑස්‌ වර්ෂාව කෙතරම් දරුණු වූවාද කිවහොත්, යුද හමුදාව පවා කඳුළු ගෑස්‌ මගින් පීඩාවට ලක්‌විය. එහෙත් විරෝධතාකරුවෝ නොසැළුණහ. පොලිසිය සතු කඳුළු ගෑස්‌ නිමාවට පත්විය. කරකියාගත නොහැකි වූ පොලිසිය තත්ත්වය සමනය කිරීම සඳහා හමුදාවට මුළුමනින්ම “බාර දෙන්නේ” මෙතැනදීය.

වැලිවේරිය දක්‌වා යන හමුදාවට හූ හඬින් ඇරඹි ගල්මුල් ප්‍රහාර දක්‌වා යන විරෝධතාවයකට මුහුණදෙන්නට සිදුවිය. හමුදා පහරකෑමෙන් විරෝධතාකරුවන් තුවාල ලැබුවා සේම, ගැමියන් වෙතින් හමුදාව ද තුවාල ලබන්නට පටන් ගත්තේය.

වැලිවේරිය නගරයේදී විරෝධතාකරුවන් අමතමින් බ්‍රිගේඩියර් ගුණවර්ධන ප්‍රකාශ කරන ලද්දේ පාර විවෘත කිරීමට අවශ්‍ය නිසා මහමගින් ඉවත් වන ලෙසය. බ්‍රිගේඩියර් ගුණවර්ධන ජනතාව අමතමින් සිටියදීම අසල සිටි තවත් හමුදා ප්‍රධානියකුට ආරක්‍ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ප්‍රශ්නය විසඳුණු බව දැනගන්නට ලැබිණි. උඩට නැග ජනතාව අමතමින් සිටි බ්‍රිගේඩියර් ගුණවර්ධන පහළට බැඳ මෙම පණිවුඩය දැනගත් අතර යළිත් ඉහළට නැග මයික්‍රෙපෝනය මගින් ජනතාවට ඒ බව දැනුම් දුන්නේය. තත්ත්වය යම් සමථයකට පත්ව තිබිණි. ගැමියන්ට විසඳුම් ලැබුණ ද වෙනිග්‍රෝස්‌ ආයතනයෙන් ඉවත් කරන ලද “රතු චණ්‌ඩින්ට” ඒ පිළිතුර ප්‍රමාණවත් නොවීය. පාර විවෘත කිරීම සඳහා එකඟතාවක පැමිණ හමුදාව විසින් මහමඟ දමා තිබූ බාධක ඉවත් කිරීමට පැමිණෙන විට “රතු චණ්‌ඩින්” මහහඬින් පැවසුවේ තමන් මහමගින් ඉවත් නොවන බවය. ඒ සමඟම කලින් සූදානම් කරගෙන තිබූ ගල්මුල්, වැලි පිරවූ බෝතල් ආදියෙන් හමුදාවන්ට ප්‍රහාර එල්ල විය. ඊට පෙර දිනයේදී ජලය බීමට නොහැකි නිසාදොa විරෝධතාකරුවන් අරක්‌කු කේස්‌ විස්‌සක්‌ හිස්‌කර තිබිණි. අංක තහඩු නොමැති කැබ් රථ මගින් ඒවා ප්‍රවාහනය කර තිබිණි. යම් ප්‍රශ්නයක්‌ තිබුණා යෑයි සිතුවද විරෝධතා දැක්‌විය යුතු තත්ත්වයට එහා ගොස්‌ රතුපස්‌වල ත්‍රස්‌තවාදය බිහිවන්නේ මේ සමඟය. පොලු මුගුරු, ගල්මුල් ප්‍රහාර සමඟ තත්ත්වයට මුහුණදීම හමුදාවට අසීරු විය. පෙට්‍රල් බෝම්බ ප්‍රහාර ද හමුදාව දෙසට එල්ල විය. අසල තිබූ ඉන්ධන පිරවුම්හල වෙත පෙට්‌රල් බෝම්බ ප්‍රහාර තුනක්‌ පමණ එල්ල විය. එය සේවකයන් මගින් ගිනි නිවන උපකරණ යොදා නිවා නොදමන්නට මහා අග්නියකින් පළාතම වැසී යන්නට ඉඩ තිබුණි. අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි වෙඩි ප්‍රහාර ද හමුදාව දෙසට එල්ල වී තිබේ. හමුදා සෙබළුන්ගේ සීමාව ඉක්‌මවා යන්නේ එතැනිනි. මාධ්‍යකරුවකුගේ කැමරාව හමුදාව විසින් බිඳ දමන ලද්දේය. එතැනින් පසු වෙඩි ප්‍රහාර එල්ල විය.

මේ වන විට ප්‍රදේශවාසීන් තිදෙනකුගේ ජීවිත විනාශ වී තිබේ. හමුදා සෙබළුන් විස්‌සකට වඩා තුවාල වී තිබේ.

නමුත් ඇසෙන්නේ එක්‌ කරුණක්‌ පමණකි. මාධ්‍ය විසින් ආවරණය කර රටටම බෙදන්නේ ද එයම පමණි. රතුපස්‌වල මිනිස්‌සුන්ට හමුදාව වෙඩි තිබ්බා, මරා දැම්මා. හමුදාවට එල්ල වූ ප්‍රහාරය ගැන කිසිදු කතාවක්‌ නැත. සමහරු කීවේ රතුපස්‌වල නන්දිකඩාල් කලපුවක්‌ බවට පත්කරන ලද බවය. රටම මිලිටරි යාන්ත්‍රණයකට යටත් කර ඇති බවය. හමුදාපතිවරයකු ජනාධිපති කරන්නට මීට වසර තුනහමාරකට පෙර උත්සාහ දැරූ පිරිසට මිලිටරිකරණයක්‌ ගැන හඬ නගමින් සිටියේය. ලසන්ත වික්‍රමතුංග මරා දමන ලදැයි, උපාලි තෙන්නකේන්ව කපා දමන ලදැයි, කීත් නොයාර්ට පහර දෙන ලදැයි රටම දන්නා මිලිටරිකරණය, ජනාධිපති කරන්නට හැදූ පිරිස කැමරාවක්‌ පොලොවේ ගැසීම මාධ්‍යයට කරන ලද ලොකුම හිංසනය ලෙස අරුත්ගන්වමින් තිබිණි.

තුවක්‌කු පත්තුවන්නේ ඉබේ නොවේ. කොකාට අත තබන මිනිසා අනුවය. ශ්‍රී ලංකා හමුදාව ලෝකයේම විනයවත් හමුදාවක්‌ ලෙස ප්‍රසංශා ලැබ තිබේ. යුද සමයේදී එල්. ටී. ටී. ඊ. තුවක්‌කුවට ප්‍රේම කරමින්, හමුදා තුවක්‌කුවට වෛර කරන ලද එන්. ජී. ඕ. නඩය හමුදාවට එරෙහි යළිත් පිටියට බැස්‌සේය.

ජීවිත අමිලය. රතු චණ්‌ඩින්ගේ වැඩවලට අහිංසකයන් පළි ද නැත. සිද්ධියක්‌ ඛේදවාචකයක්‌ කරන ලද්දේ මිනිසුන් විසිනි. එහිදී මියයන ලද්දේ මනුෂ්‍යකමය. හමුදාවෝ ද මනුෂ්‍යයෝය. ඔවුන්ගේ ජීවිත ද ජීවිතය. වතුර ඉල්ලා කරන අරගලයට විසඳුමක්‌ ලැබී තිබියදීත් මරාගෙන මැරෙන්නට ඉල්ලු පිරිස්‌ “නිදොස්‌ය.” මෙතැනදී යම් සෙයකින් හමුදා භටයකු මළේ නම්, වැඩේ බැලන්ස්‌ය. ඒකපාර්ශ්වික වාර්තාකරණය විසින් සියලු වගකීම හමුදාව වෙතට දමා අත පිසදාගෙන තිබේ. මෙය තවත් චැනල් ෙµda පන්නයේ මාධ්‍ය මෙහෙයුමකි.

වැඩිදුර විස්‌තර නොසොයන්නාට සිද්ධිය පෙනෙන්නේ ‘හමුදාව ආවා, වෙඩි තිබ්බා’ යන ළදරු මනසේ සාධනයකි. නොදැනුවත්කම, සංවිධානාත්මක කඩාකප්පල්කාරීන් පිරිසක්‌ ඉදිරියට පැමිණුනි. නොඉවසිලිවන්තකම ද අනුපානයට එක්‌වී තිබිණි. රතු දේශපාලනයේ වෛරය හොඳ පදනමට තිබුණි. අනෙකා ද ඇවිස්‌සුණි. ප්‍රතිඵලවය ඛේජනකය. තමන්ගේ දේශපාලන ගිම්හානයට රතුපස්‌වල වසන්තයක්‌ කර කැඳවා ගන්නට රත්තන්ට අවශ්‍ය වී තිබිණි.

මෙතැනදී කිවයුතුම දෙයක්‌ වන්නේ හමුදාව සතු අවම අවි බලය තවමත් ටී පනස්‌හයේ තිබීමය. හමුදාව තම ආරක්‍ෂාවට භාවිතා කරන ලද්දේ එයය. පැමිණ සිටි හමුදාව හරියට වෙඩි තිබ්බා නම් රතුපස්‌වල දෙවැනි අරන්තලාවක්‌ බඳු වීමට තිබිණි.

යමෙකුට සියල්ල වැඩක්‌ නැති ඒවා වන්නට පුළුවන. පී. එච්. අගය, විරෝධතාකරුවන්ගේ ක්‍රියා, ප්‍රාණ ඇපයට ලක්‌වූ ජනතාව, ළමුන් වැනි දේ ඔවුන්ට වැඩක්‌ නැත. වැඩක්‌ තිබෙන්නේ හමුදාව අතින් මළ ගණනය. ගණන ඉහළ යන්නට යන්නට ඔවුන්ට සතුටුය. රතුපස්‌වල ගම්මුන්ගේ දුක ගැන කතා කරන කොළඹ සිටින්නන් පිරිසකට මෙය තවත් 20-20 තරගයකට වඩා වෙනසක්‌ නැත.

ඒ පස්‌ රතු වූයේ ලේවලිනි. සිද්ධියට පසුදා දිවයින කතුවැකිය සනිටුහන් වූයේ ඒ සිරස්‌තලයෙනි.

ඒ ලෙය වැගිරුණේ රතු දේශපාලනයෙනි.

සමාප්තිය ලෙස ඒ වැකිය සනිටුහන් කොට තබමු.


නවිපිල්ලෙ එන්නෙ ජාත්‍යන්තර විමර්ශනයකට –තමාරා කුමානායගම්

$
0
0

ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර විමර්ශනයකට කරුණු සෙවීම සඳහා ඇමරිකාව මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේව ශ්‍රී ලංකාවට එවන බව ජිනිවා හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුමානායගම් හෙළිකරයි.

නවිපිල්ලේ මානව හිමිකම් සමුළුවට යොමුකළ වාර්තාවෙන් ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි ප්‍රකාශ කර තිබුණා. මෙකී වාර්තාවේ විමර්ශකයා කවුද කියා නැහැ. එහෙත් ඇය තමයි විමර්ශකයා. ඇගේ මේ ක්‍රියාව කපටි ක්‍රියාදාමයක්‌. මේ බව අපට අවබෝධ වී නැහැ යෑයි ඇය තවදුරටත් කියා සිටියේය.

2013 සැප්තැම්බර් මස 5 දා ආරම්භ වන මානව හිමිකම් සැසිවාරයට ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීමට අප ක්‍රියාකරන බව තවදුරටත් සඳහන් කරන තමාරා කුමානායගම් බටහිර රටවලට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ ක්‍රියාදාමය මත යෑපිය යුතුයි යන අරමුණ තහවුරු කරගැනීම යෑයි ද පළ කළේය.

මානව හිමිකම් ප්‍රශ්නය ඉදිරියට දාලා බටහිර රටවල් ශ්‍රී ලංකාව ගැන ක්‍රියාමාර්ග ගැනීම බාරදී ඇත්තේ නවිපිල්ලෙට යෑයි ද ඇය කීවාය.

මේ අතර නවිපිල්ලේගේ මේ රහස්‌ අරමුණුවලට සහය වීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන 47 ක්‌ ඇයට සංදේශයක්‌ යවමින් හිටපු කොටි ත්‍රස්‌තවාදීන් රඳවා ඇති ස්‌ථානවලට ගොස්‌ විමර්ශනය කරන ලෙසත් උතුරේ පිරිස්‌ පුද්ගලිකව හමුවී තොරතුරු විමසන ලෙසත් ඉල්ලා ඇත.


බොස්‌ටන් මැරතන් බෝම්බය ගැන කවුරුත් නොදත් කතාවක්‌ මෙන්න!

$
0
0

කාලය රාත්‍රි 11 ය. දිනය 2013 අප්‍රියෙල් 18 ය. තැන ඇමරිකාවේ කේම්බ්‍රිඡ් නගරයේ අංක 1 දරන වීථියයි. එහි ජීවත්වන චීන ජාතික ව්‍යාපාරික තරුණයකු වූ ඩැනී (වයස 26 යි.) පෙර කියූ වෙලාවෙහිදී අංක 1 දරන වීථිය දිගේ සිය අලුත්ම මර්සඩීස්‌ බෙන්ස්‌ SUV (Sports Utility Vehicle) රථය පදවා යමින් සිටියදී පිටුපසින් පැමිණි රථයක්‌ හදිසියේම බ්රේක්‌ ගැසීය. එය තම රියෙහි වදින්නට ඇතැයි සැක කළ ඩැනී වහාම තිරිංග තද කර වාහනය නැවැත්විය. පිටුපසින් පැමිණි වාහනයෙන් බට තරුණයෙක්‌ ක්‍ෂණයකින් රිදී පැහැති පිස්‌තෝලයක්‌ වනමින් ඩැනීගේ රිය වෙත පැමිණ මෙසේ කීවේය. “වහාම වීදුරුව පහත් කරපන්. නැත්නම් වීදුරුවත් නුඹෙ හිසත් දෙකට කුඩු කරනවා.

වීදුරුව පහත් කළ වහාම රිය තුළ අත දමා අගුල පන්නා දොර විවෘත කරන තරුණයා ඩැනීගේ උකුල මතට නැඟ ඔහුට වම්පසින් ඇති අසුනට පැන ගත්තේය. “දැන් යමන්” ඔහු ඩැනීට අණ කළේය. “නුඹට මතකද බෝස්‌ටන් නගරයේ මැරතන් එකට බෝම්බ ගහපු සිද්ධිය…?” ඔහු විමසීය. “ඔව්” මහත්සේ බියට පත්වෙමින් සිටින ඩැනී කීවේය. එය හරියටම සතියකට පෙර සිදු වූවකි. “බෝම්බ ගැහුවේ මමයි මගේ සහෝදරයයි එකතුවෙලා…. තරුණයා කීවේය.” මගේ නම තමෙර්ලාන් සාර්නෙව් අපි මුස්‌ලිම්” ඔහු දිගටම කතා කළේය. නුඹේ ජාතිය මොකද්ද?

“මම චීන…” ඩැනීගේ කටින් වචන පිටවූයේ නැත. එය අධික ශීතල රැයකි. එහෙත් ඩැනීට දහදිය දමන්නට විය. “ඒකනේ” තමෙර්ලාන් කීවේය. “මුස්‌ලිම් සහ චීන අප දෙගොල්ල අතරේ එතරම් වෙනසක්‌ නැහැ. “වසර දහසකට පමණ පෙර සිටි මුස්‌ලිම් චීන සෙන්පතියකු වූ “සෙන් යෝ” ගැන ඔහු සිsහිපත් කළේය. “තුම්ලායි ඩාන්ගේ මුස්‌ලිම් රාජ සභාවේ සිටි ඇමැතිවරු වැඩි පිරිසක්‌ චීන්නු…” තමෙර්ලාන් ඒ කීවේ කටට ආ බොරුවකි. ඒ මගින් චීන තරුණයාගේ සන්ත්‍රාසයට පත් සිත නිවෙනු ඇතැයි ඔහු සිතුවේය. “නුඹට කියන්න අමතක වුණා…” මා මේ එන්නේ කේම්බිඡ් නගරයේදී පොලිස්‌කාරයෙක්‌ මරා දමලායි….” තමෙර්ලාන් කීවේය. ඩැනී වෙවුලන්නට පටන් ගත්තේය. “සීතල වැඩි නම් අපි හීටරය වැඩි කරමු…” තමෙර්ලාන් රථයේ හීටර් නොබ් එක සොයන්නට විය.

ඩැනී ඇමරිකාවට මුල් වරට ආවේ සිය ශාස්‌ත්‍රපති උපාධිය කරනු පිණිස 2009 දීය. 2012 දී උපාධිය ලැබූ ඔහු චීනයට ගොස්‌ 2013 පෙබරවාරියේදී එම වීසාව ලැබ ආපසු ඇමරිකාවට විත් ෆිනෑන්ස්‌ පහසුකමක්‌ යටතේ බෙන්ස්‌ රියක්‌ මිලයට ගෙන චීන මිතුරන් දෙදෙනකු සමග ව්‍යාපාරයක්‌ පටන් ගත්තේය. තමෙර්ලාන් ඔහු ඇමරිකාවට පැමිණි කාලය විමසූ විට “වසරකට පෙර” යයි ඩැනී කීවේය. “ඒක තමයි නුඹේ ඉංගී්‍රසි තවම එතරම් හොඳ නැත්තේ…” තමෙර්ලාන් කීවේය. එහෙත් ඇත්තම කතාව වූයේ ඩැනීට ඉතා හොඳින් ඉංගී්‍රසි පුළුවන් වූ නමුත් පීනස නිසා ඔහුගේ දිව පැටලීමය. ඒ අතර රථයේ කණ්‌නාඩියෙන් පිටතබැලූ ඩැනී දුටුවේ තමෙර්ලාන් පැමිණි රිය පසුපසින් එන බවය. ඔහු තවත් බිය විය. “නුඹ අතේ කීයක්‌ තිබෙනවද?” තමෙර්ලාන් ප්‍රශ්න කළේය. “ඩොලර් 50 යි” ඩැනී කී විට ඒ බව විශ්වාස කරන්නට තටෙර්ලාන් අදි මදි කළේ ඩැනීගේ බෙන්ස්‌ රථය අඩුම ගණනේ ඩොලර් 5000 ක්‌ වටිනා බව ඔහු දත් නිසාය. දැන් ඔවුන් පිවිස සිටින්නේ බොස්‌ටන් බලා යන පාරටය. “දීපන් නුඹේ ATM කාඩ් එක” තමෙර්ලාන් ගැඹුරු හඬින් කීවේය. ඊට පස්‌සේ කාර් එක නවත්තපන්.

ඩැනී රථය එය බොස්‌ටන් නගරයබලා යන පාරේ පිහිටි water town ප්‍රදේශයයි. තමෙර්ලාන්ගේ විධානයෙන් ඩැනී රිය නැවැත්වූ විට එය පසුපසින් පැමිණි රථයද නවත්වන ලදි. ඉන් වහා පිටතට පැනගත් තරුණයෙක්‌ ඩැනීගේ බෙන්ස්‌ රිය වෙත පැමිණියේය. ඔහු තමෙර්ලාන්ගේ සහෝදරයා වන සොකාර් බව ඩැනී වහා හැඳින ගත්තේ මේ දෙදෙනාගේ පින්තූර විනාඩි පහෙන් පහට රූපවාහිනිය මගින් ප්‍රචාරය කරන හැටි ඔහු එදා උදේ දැනගත් නිසාය. ඉතා කෙටි කාලයක්‌ තුළ සොකාර් තම රථයේ වූ බර බඩු (බර අවි) තොගයක්‌ බෙන්ස්‌ රියට පැටවීය.

එතැන් සිට රිය පදවන ලද්දේ සොකාර්ය. ඩැනී රියෑදුරු අසුනට දකුණු පසින් (ලංකාවේ රිය පදවන ක්‍රමය අනුව වම් පසින්) හිඳ සිටි අතර තමෙර්ලාන් පිස්‌තෝලය මානාගෙන පිටුපස අසුනේ විය. මෙහි මුලින් සඳහන් කළ යුතු එහෙත් අතපසුවූ යමක්‌ මතක්‌ කර දෙමු. නයිට්‌ ලයිෆ් කාරයකු හෙවත් නිශාචරයකු වූ ඩැනී එදා මහ රෑ යන්නේ තම පෙම්වතිය හමු වීමටයි. “යළි කිසිදාක මට ඔයා දකින්නට ලැබෙන්නේ නැහැ…” ඩැනී දැන සිටින්නේය… “තව ටිකකින් මුන් මා මරණවා… එතැනින් සියල්ල ඉවරයි…” මේ අතර රථයේ දොර ඇරගෙන පැනීමට ඩැනීට විටෙක සිත් විය. තව විටෙක ඔහු කල්පනා කළේ සුක්‌කානමට කඩා පැන රථය පෙරළීමටය. “නුඹ ළඟ ගීත තියෙන CD තියෙනවද?” තමෙර්ලාන් අසයි. එහෙත් එවැනි දැ ඩැනී ළඟ නැත. එබැවින් තමෙර්ලාන් තම අයිපෑඩ් දුරකථනයේ ඉයර්ෆෝන් දෙක කනේගසාගෙන ගීත අසන්නට විය. මේ අතර ඩැනීට දුරකථන ඇමතුමක්‌ පැමිණියේය. “නුඹ එක වචනයක්‌වත් චීන භාෂාවෙන් කීවොත් මරණ එක මරණවාමයි. ඉංගී්‍රසි භාෂාවෙන් උත්තර දී කියපන් නුඹ අද ගෙදර නොයන බව. යාළුවකුගේ ගෙදර නිදියන බව කීවම හොඳටම ඇති…

මේ අතර රථයේ පෙට්‍රල් ක්‍රමයෙන් නිමවූ නිසා එය ඉන්ධන හලක නවත්වන ලදුව ඩැනීගේ ක්‍රෙඩිට්‌ කාඩ් පත දාගත් සොකාර් රියෙන් බැස්‌සේය. ගිය පයින්ම ආපසු ආ සොකාර් “තෙල් මුදලට පමණයි” යයි සහෝදරයාට කීවේය. තමෙර්ලාන් ඔහුට ඩොලර් 50 ක්‌ දුන් අතර රියේ ටැංකියට ඉන්ධන පුරවන ලදි.

ඒ අතර දෙපාරක්‌ සිතු ඩැනී වහාම ඉදිරිපස දොර ඇරගෙන එළියට පැන්නේය. ආසන පිටිය ලිහා ගැනීමත් රියේ දොර ඇර ගැනීමත් ඔහු එකවර සිදු කළේය. එය විදුලියක්‌ හා සමානව සිදුවූ ක්‍රියාවලියකි. රථය වහාම ඉගිල ගියේය. බඩ ගාගෙන ඉන්ධන හල වෙත ගිය ඔහු එහි සිටි ලිපිකරුවාගේ දුරකථනයෙන් 119 ට කතාකර තමාට වූ හදියන් තමා ඉන්නා තැනත් දැන්වීය. නොබෝ වේලාවකින් පොලිසිය එහි ළඟා විය. තම අයිපෑඩ් දුරකතනය මගින් රථය යන දිසාව සොයාගත හැකි බව ඔහු පොලිසියට කීවේය. එහෙත් පොලිසිය කීවේ තමෙර්ලාන් සහ සොකාර් දුරකථනය වීසි කර ඒ අවදානමෙන් අත් මිදෙන්නට ඇති බවයි. එහෙත් රිය සොයාගත හැකි වඩා හොඳ ක්‍රමයක්‌ පොලිසියට මතක්‌ විය. එනම් මර්සඩීස්‌ බෙන්ස්‌ රියවලට ආවේණික GPS ක්‍රමයෙන් රිය සෙවීමය. නූතන බෙන්ස්‌ රථ තිබෙන තැන් චන්ද්‍රිකාවක්‌ හරහා දැනගත හැකිය. පොලිසිය රථය සොයාගෙන එයට වෙඩි තබා බොස්‌ටන් බෝම්බකරුවන් දෙදෙනාගෙන් අයකු මරා තව කෙනකුට තුවාල කිරීම සිදුවන්නේ ඉන් පසුවය.


යේමන් ඩ්‍රෝන් ප්‍රහාර වලින් සටන්කාමීහු 14ක් මරුට

$
0
0

ඇමෙරිකාව විසින් සිදුකරන ලදැයි සැලකෙන ඩ්‍රෝන් ප්‍රහාර තුනකින් යේමනයේ අල්කයිඩා සටන්කාමීන් යැයි සැකකරන පුද්ගලයන් 14 දෙනකු මියගොස් තිබේ. පසුගිය මාසය තුළ විටින් විට යේමනයේ ඩ්‍රෝන් ප්‍රහාර සිදුවනු දැකගත හැකිවිය. වරාය සහ ඉන්ධන නළවලට ප්‍රහාර එල්ල කිරීමේ අල්කයිඩා කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කළ බව යේමන් බලධාරින් සඳහන් කිරීමෙන් දිනකට පසුව මෙම ප්‍රහාරය සිදුව තිබේ.යේමනය අල්කයිඩා සංවිධානයේ බළකොටුවක් සේ සැලකෙයි. පසුගිය 08දා සවස සිදුවූ මෙම ඩ්‍රෝන් ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ වාඩි අල් ජාඩ්, මාරිබ් සහ හඩ්‍රාමවුන්ට් ප්‍රදේශවල අල්කයිඩා සටන්කාමීන් යැයි සැකකරන කණ්ඩායමය.

ඉකුත් 07දා දිනයේ එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින්ද පුද්ගලයන් හත් දෙනකු මරණයට පත් වී තිබුණි. ජූලි මාසයේ 28 වනදා සිට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරවලින් සටන්කාමීන් යැයි සැකකරන පුද්ගලයන් 30 දෙනකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තාකරයි.

 


ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරූ පාබළ සෙබළු විසිර යති

$
0
0

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 17 දෙනකු සහ සෙසු නිලයන් 161 දෙනකු විසිර යෑමේ උත්සවය අම්පාර කොන්ඩවටුවාන යුද හමුදා සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එල්.ඩබ්ලිව්.සී.බි.බී. රාජගුරු එහි ආරාධිතයා විය. පුහුණු පාසලේ සේනා විධායක බ්‍රිගේඩියර් එස්.එස්.වඩුගේ සහ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්. කස්තුරි මුදලි මහත්වරු එම අවස්තාවට එක් වූහ.



නවිපිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරයේ අභිරහස

$
0
0

නවිපිල්ලේ මෙරටට ඒමට පෙර කැනඩාවේදී ආර්. සම්පන්දන් වෙනුවෙන් පැවැති සාදයට කොටි හිතවාදී ඩේවිඩ් පූපාල පිල්ලේ පැමිණ සිටි අයුරු.

මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මෙරටට පැමිණීමට තව ඇත්තේ දින 11 කි. ඇය මෙරටට ඒමට පෙර කොටි හිතවාදීහු යළිත් වරක්‌ මතුවී ඇත.

ප්‍රභාකරන්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම් ඊයේ (13 දා) ප්‍රකාශයක්‌ කරමින් නවිපිල්ලේට උපදෙස්‌ දෙමින් දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකා රජයට දැඩි පණිවුඩයක්‌ දෙන ලෙසයි.

“වන්නි මෙහෙයුමේ අවසාන අදියරේදී දසදහස්‌ සංඛ්‍යාත ජනතාවක්‌ විනාශ වුණා. කාලය ඉක්‌මගියා. ජාත්‍යන්තර ප්‍රජාව ඇස්‌ වසාගෙන සිටියා. යුද අපරාධ සිදු කිරීමට ඉඩ හැරියා. යුද අපරාධ චෝදනා ගැන ශ්‍රී ලංකාව තුළ නිසි විමර්ශන යාන්ත්‍රණයක්‌ නැහැ. දැන් ජාත්‍යන්තර විමර්ශනයක්‌ ආරම්භක කළ යුතුයි, යෑයි සෝල්හයිම් පවසා ඇත.

කොටි බිහිසුණු අපරාධ කරන තුරු නිහඬව සිටි සෝල්හයිම්ගේ මේ ප්‍රකාශයේ අන්තර්ගත වී ඇති අබිරහස කුමක්‌ද? මානව හිමිකම් කොමසාරිස්‌වරිය ලවා අන්තර්ජාතික යුද අපරාධ විමර්ශනයකට මඟපාදා ගැනීමයි.

නවිපිල්ලේ මෙරටට පැමිණීමට දින 11 ක්‌ තිබියදී එරික්‌ සෝල්හයිම් සිය ක්‍රියාදාමයෙන් වන්නි හමුදා නායකත්වයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

තමිල් සෙල්වන්, පුලිතේවන් හා නඩේසන් නමැති මිනීමරුවන් මියගිය අවස්‌ථාවේ හඬා වැළපුණේ එරික්‌ සෝල්හයිම්ය. මේ නිසා නවිපිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය පිටුපස දියත් වී අති සාවද්‍ය යුද අපරාධ චෝදනා යාන්ත්‍රණය පැහැදිලිය.

එසේම එරික්‌ සෝල්හයිම් ද්‍රවිඩ ඩයස්‌පෝරාවට එකම වේදිsකාවකට පැමිණෙන ලෙසද කියා සිටී. ඉන් ද්‍රවිඩයන්ගේ නීත්‍යනුකූල හිමිකම් ලබාගත හැකි යයිද ඔහු දක්‌වා ඇත.

මේ නීත්‍යනුකුල හිමිකම් යනු ස්‌වයං පාලනයද? සතුරන් අවස්‌ථාව පැමිණි විගස මතුවන බව රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වරක්‌ පළ කළේය.

එරික්‌ සෝල්හයිම්ද මෙරට සතුරෙකි. ඔහු දැන් අරඹා ඇත්තේ කොටි සංවිධානය විනාශ කිරීමේ පලිය ගැනීමයි.

ඇමරිකාවේදී වරක්‌ ප්‍රකාශයක්‌ කළ සෝල්හයිම් පැවසුවේ කොටි විනාශ කිරීමට නොහැකි බවයි.

එහෙත් කොටි සමූලඝාතනය විය. චැනල් 04 අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේ සහ මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රාන්සස්‌ හැරිසන්ද සාවද්‍ය යුද අපරාධ චෝදනාවේ කොටස්‌කරුවන් ලෙස ක්‍රියා කරයි.

එහෙත් සාවද්‍ය යුද අපරාධ චෝදනාව දියත් කර ඇත්තේ ඇමරිකාවයි. එසේ වූවත් මෙරට බහුතරය මේ සිදුවීමට යන්නේ කුමක්‌ද යන්න නොදනී. නවිපිල්ලේ මෙරටට එන්නේ රටේ යහපතට නොවේ. ඇය එනතුරු විදෙස්‌ අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු, ද්‍රවිඩ සන්ධානය, සහ රාජ්‍ය විරෝධීන්a මෙන්ම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය ඇතුළු විවිධ පාර්ශ්ව සූදානම් වී සිටී.

මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ යනු ඇමරිකානු රජයට අවශ්‍ය පරිදි නැටවෙන රූකඩයකි. ඇයව ජිනීවා නුවරදී නටවනු ලැබුවේ ඇමරිකානු තානාපතිනි අයිලින් ඩොනහෝයි.

ඩොනහෝගේ මෙහෙයුම මැද නවිපිල්ලේ මෙරටට එන්නේ යුද අපරාධ විමර්ශකයා ලෙසිනි. කොටි ත්‍රස්‌තවාදීන්ගේ ස්‌මාරක ඉවත් කිරීම වැරැදි බවත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට මහාවිරු හෙවත් මියගිය ත්‍රස්‌තයන් සැමරීමට හිමිකම ඇති බවත් පැවසුවේ ඇයයි.

යාපනයේ සිසුන්a දෙවියන් නැමදීමට යැමේදී අත්අඩංගුවට ගත් බව මෙරට සිටින විදේශ මාධ්‍ය ඒජන්ත්වරු ප්‍රකාශ කර තිබුණත් කොටි හිතවාදීහු එය මහාවිරු සැමරුම බවට පිළිගත්හ.

මේ පසුබිම මැද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නවිපිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව දැඩි අවධානයෙන් සිටී.

නවිපිsල්ලේ යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, වව්නියා යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව ඇති අතර තවත් පිරිසක්‌ ඊට වැලිවේරියද ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

එහෙත් ඇය වත්මන් උතුරේÊසංවර්ධනය හෝ අවතැන් වූවන් ගැන සෙවීමට හෝ ක්‍රියා නොකරන බවත් ඇගේ ඉලක්‌කය සාවද්‍ය යුද අපරාධ චෝදනා ගැන තොරතුරු දැන ගැනීම බවත් පැහැදිලිය. එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයන්ට කිසිදු අවහිරයකින් තොරව උතුරට හා නැගෙනහිරට යැමට ඉඩදිය යුතු යෑයි පැවසුවේද නවිපිල්ලේය.

මේ තත්ත්වය මැද ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයෝ ලක්‌ෂයක හමුදාවක්‌ උතුරේÊපදිංචි කරවීමට රජය සැලසුම් කරන බවට ප්‍රචාරය කර ඇත.

එසේම ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්¾ සම්පන්දන්, එස්‌. සුමන්තිරන් කැනඩාවේ සහ ඇමරිකාවේ සංචාරයක නිරත වී ඇත.

කැනඩාවේ ස්‌කාබරෝහි ජැස්‌මින් ශාලාවේදී සම්පන්දන් වෙනුවෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේ ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර්Ê500 කි.

මේ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණ සිටි පිරිස කවුද? ඒ ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් මෙහෙය වන ඊළම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ නියෝජිතයන්, කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ඩේවිඩ් පූපාල පිල්ලේ, කැනඩා ද්‍රවිඩ කමිටුවේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන්ය.

මෙවන් පසුබිමක්‌ මැද නවිපිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙරටුව විවිධ අබිරහස්‌ ක්‍රියාදාමයන් දියත් වී ඇති බව සනාථ වේ.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා මුලින්ම එල්ල කළේ ද්‍රවිඩ සන්ධානය බව සිහිපත් කළ යුතුය.

මේ නිසා නවිපිල්ලේ මෙරටට පැමිණීමෙන් පසු ඇයට මෙරට විවිධ පාර්ශ්වයන් සාවද්‍ය තොරතුරු සපයනු නොඅනුමානය.

ප්‍රභාකරන්ව පරාජය කිරීම නිසා කෝපයට පත්වී සිටින විවිධ පාර්ශ්ව මෙරට සිටී. ශ්‍රී ලංකාවට එරෙහිව දරුස්‌මාන් විමර්ශන මණ්‌ඩලයට යෑවුණු පෙත්සම් 4000 කට අධික සංඛ්‍යාවකින් අඩක්‌ම මෙරටින් යෑවූ ඒවාය.

ඇගේ බ්ලැක්‌බෙරි ජංගම දුරකථනයට එස්‌.එම්.එස්‌. පණිවුඩ අතිවිශාල සඛ්‍යාවක්‌ ලැබුණු බව ඇය වරක්‌ හෙළිකර තිබුණි.

මෙවැනි වාතාරවණයක්‌ මැද ඇගේ ශ්‍රී ලංකා සංචාරය පුන පුනා බලාසිටින පාර්ශ්වයන් මෙම 25 දා වන තුරු නොඉවසිල්ලෙන් සිටී.

ඒ වන්නි මෙහෙයුමට උරදුන් හමුදා නායකයන් යුද අපරාධකරුවන් කිරීමටයි.

පසුගිය කාලය තුළ ඇමරිකාව විටින් විට පැවසුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ අවශ්‍ය බවයි.

එහෙත් මේ යුද අපරාධ විමර්ශනයට අවශ්‍ය විමර්ශකයා විය යුත්තේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරියයි.

නවිපිල්ලේ මෙරටට එන්නේ එම ඇමරිකානු ඉල්ලීමට ප්‍රතිචාරය දැක්‌වීමට බව පැහැදිලිය.

ඒ සඳහා බොරු සාක්‌කිකරුවන් තොග පිටින් මෙරටින් සොයාගත හැකි බවද ඇය දනී.

බෝල්කන්a යුද්ධයේ දී 34700 කට අධික පිරිසක්‌ අතුරුදන් වී ඇතත්, නවිපිල්ලේ ඒ ගැන නිහඬ වී ඇත.

පැරැණි යුගෝස්‌ලෝවියාවේ 500,000 කට අධික පිරිසක්‌ මෙම අතුරුදන්වීම ගැන ස්‌වාධීන ජාත්‍යන්තර පරීක්‌ෂණයක්‌ ඇගෙන් ඉල්ලා සිටියත් අද වන තුරු ඊට ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.

ඊට හේතුව වරදකරු ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය සහ එරික්‌ සෝල්හයිම් නිසාය.


Tougher action mulled against TN poachers

$
0
0

* Rajitha alleges illegal catch sold to EU

The government is mulling over a proposal by Fisheries and Aquatic Resources Minister Dr. Rajitha Senaratne to confiscate Indian trawlers taken into custody in Sri Lankan waters.

With the first Northern Provincial Council polls scheduled for Sept. 21, poaching will be a major issue to be flogged by the government.

Minister Senaratne told The Island that tangible action was needed to prevent the Tamil Nadu fishing fleet from plundering Sri Lanka’s maritime resources.

He said: “I have already discussed the issue with Attorney General Palitha Fernando, PC. As those managing the lucrative Tamil Nadu fisheries industry are bent on poaching, we have no option but to take deterrent measures. Andra Pradesh, too, confiscates our trawlers when they enter its waters.”

The confiscation of trawlers would compel those engaged in the illegal practice to think twice before sending fishers across the international maritime boundary, the minister said.

The current practice of prosecuting poachers had failed to have deterrent effect the minister said. “We should confiscate trawlers and release fishermen.”

Dr. Senaratne accused the Indian Central government of turning a blind eye to the massive ongoing poaching operation. Responding to a query, he said the government would go all out to apprehend those crossing the international maritime boundary regardless of political consequences.

Asked whether he intended to take up the issue with the international community in line with the UN Convention on the Law of the Sea, Minister Senaratne said that as Sri Lanka and India had agreed in 2005 to tackle the problem as a bilateral issue it wouldn’t be possible to call for third party intervention.

In accordance with the agreement, all fisheries issues would be handled bilaterally through the Indo-Sri Lankan Joint Working Group on fisheries issues.

Minister Senaratne claimed that the fishing community in the Northern and Eastern Provinces had been deprived of their livelihood as a result of massive scale poaching by the Indians.

The minister said that the Indian Coast Guard could easily prevent the Tamil Nadu fishing fleet from crossing the international maritime boundary. Although the Coast Guard had the wherewithal to intervene, it was allowing the continuation of the illegal operation at the behest of the Centre and the state administration.

The minister said that India was exporting the illegal catch to EU countries at the expense of Tamil speaking fishermen. The minister alleged that in spite of the conclusion of the conflict, they couldn’t enjoy freedom of movement in northern, eastern and to a certain extent north-western waters due to Tamil Nadu poachers.

Those fighting for political rights of Tamil speaking people in post-war Sri Lanka had been strangely silent over the poaching issue, the minister said.


Pillay treading on others’ corns

$
0
0

Visiting UN High Commissioner for Human Rights Navi Pillay went on record as saying immediately after her arrival on Sunday that she was here not to criticise but to raise human rights concerns. But, the following day itself at a meeting with Justice Minister Rauff Hakeem, she expressed displeasure at the police coming under the newly created Law and Order Ministry, among other things, and went so far as to ask why the police could not be brought under the Ministry of Justice.

Certainly, it is Pillay’s business to mind human rights in Sri Lanka or anywhere else for that matter and express her concerns. And her right to travel to any part of the world for that purpose cannot be questioned. Protecting human rights is one thing, but straying into the affairs that are best left to an elected Head of State and the national legislature is quite another.

True, there are allegations of human rights violations against the Sri Lankan police and military, and the UNHRC has a right to be critical of them. But, it should realise that the allocation of ministerial subjects is the exclusive preserve of the executive president whose right to do so has been enshrined in the Constitution whether one likes it or not.

The problem with most UN panjandrums and western diplomats is that they tend to act like viceroys in the developing world dictating to democratically elected governments while handling terrorist outfits with kid gloves. They also have no qualms about turning a Nelsonian eye to blatant human rights abuses in pro-western countries.

If the UN had told the LTTE what to do and what not to do and taken stern action to deal with noncompliance, perhaps Sri Lanka’s war could have been avoided and Pillay would have been spared the trouble of coming all the way here on a fact finding mission. The UN Security Council, it may be recalled, chose to skirt tough measures that human rights groups demanded against the terrorist groups, including the LTTE, on the UN List of Shame for harming children. Even when the LTTE abducted two UN workers in the North in 2007 the UN office in Colombo took it lying down and shamelessly tried to secure their release on the sly; the UNHRC never so much as made a whimper.

At the international level, when the UNHRC boldly issued a condemnatory statement on Bahrain over the violent suppression of pro-democracy protests influenced by the Arab Spring revolts the US and other western powers sympathetic to King Hamad bin Isa Al Khalifa brought pressure to bear on Pillay to eat her words. The UNHRC statement was recanted immediately and the matter ended there. So much for the UNHRC’s impartiality and independence!

Pillay is on official business here and, therefore, she has a right to carry out her duties and functions without let or hindrance though it is doubtful whether anyone will buy into her claim that she keeps an open mind, which is not possible in the realm of diplomacy and UN politics. The proof of the pudding, as they say, is in the eating. We should wait for her report.

There has been no complaint of any government interference with Pillay’s work as far as we know. She is moving about freely and being warmly received by government ministers. She ought to act with restraint without overstepping her diplomatic limits and having a finger in the political pie though her cheerleaders may encourage her to do so.


UNHRC used against countries like Sri Lanka

$
0
0

The President Mahinda Rajapaksa, according to newspaper reports, has condemned the practice of certain countries for using the United Nations Human Rights Council (UNHRC) against countries like Sri Lanka and Belarus, during his visit to Belarus. This is an important statement by a President of a non western country and the President’s recent attempts to have good relationships with non western countries in Asia, Africa, Europe should be welcomed. The President could play an important role in organizing a new movement of non western countries especially when India has become a lapdog of the western countries and the non aligned movement has died a natural death after the collapse of the Soviet Union and emergence of uni-polar world.

The President should also visit the South American countries, especially the Central American countries such as El Salvador that has followed the Kelaniya group in identifying what they called the Chronic Kidney Disease due to nontraditional causes as that due to Arsenic. We have to deviate from the so-called methodologies of western knowledge and western knowledge per se (unless we absorb them into our cultures), and the non western countries should get together in evolving their own systems of knowledge, and I wish the President would consider this aspect also in his future visits to the non western countries. The western intellectuals propagate the myth that we live in a knowledge based world (knowledge based economy etc.) without specifying that by knowledge they mean knowledge created in the western Christian world during the last four to five centuries.

We in Sri Lanka are so much dependent on this knowledge that while China chased out Fontera of New Zealand we are still testing for DCD and some bacteria in powdered milk, while at the same time letting the Kidney patients die to maintain the hegemony of western science. (The next installment of the relevant series should appear in the near future). It has to be mentioned that we have one of the most subservient “educated” sects to western knowledge in the whole world.

The President is not quite correct when he said that some countries are using UNHRC against countries such as Sri Lanka and Belarus. The UNHRC is part of the hegemony of western Christian colonialism that came into existence about five hundred years ago. To summarize what I have been expressing in these columns and elsewhere, Greek Judaic Christian (GJC) Chinthanaya began its struggle against the Catholic Chinthanaya in the late fifteenth century and early sixteenth century and defeated it within two hundred years or so.

The so called Renaissance was the beginning of the process with Martin Luther who became the father of the poster in 1517 playing an important role. Galileo Newton were to follow and it was the GJC Chinthanaya that gave rise to Judaic Christian Culture, western science, industrial revolution, capitalism, rationalism, enlightenment, modernism etc., and even post modernism to a certain extent. Joseph Needham had said that China with an enormous amount of knowledge could not create western science due to absence of capitalism in that country. However, he is wrong as in Europe capitalism followed western science and not the other way around. The Judaic Christian culture has produced the worst kind of colonialism known to the world, which has three components cultural, political and economical, which are mutually interdependent.

The Catholic Chinthanaya tried to make a comeback in the form of Marxism and Fascism but GJC Chinthanaya was able to defeat all such attempts. Today not only the Pope but the Marxists have become servants of the GJC Chinthanaya and they have all got together under the leadership of Obama to suppress the other Chinthanayas such as Islamic Chinthanaya and Theravada Buddhist Chinthanaya. In the forties when the Soviet Union was in existence the western countries were forced to give limited political freedom to some countries in Asia including Sri Lanka and in the sixties to countries in Africa. However, the west wanted to keep its hegemony in all these countries and the establishment in the sixties of so called non-governmental organizations that were in effect financed by the western governments was to propagate western knowledge, ideology in non western countries.

They were twentieth century missions and the missionaries were adequately compensated. The Born Again Christian sect was born in USA and they also have contributed their share in propagating western ideology. The west is engaged in cultural colonialism in addition to political and economical, and the education system that includes the schools, the universities and the qualifications that we are awarded are all part and parcel of this component of colonialism. Unfortunately, free education in Sri Lanka has helped cultural colonialism and that is one of the reasons why we have one of the most subservient ‘educated’ sects in the world. Now the media, with the introduction of television, have joined hands with the NGOs, the schools and the universities to propagate western ideology.

After the fall of the Berlin Wall, the west has near monopoly in the UN and its organizations such as UNHRC, and the latter are part of western Christian colonialism. The function of the western states, and UN and its organizations is to maintain the hegemony of the Judaic Christian culture and they would not talk of violation of human rights in the western countries. The Muslims in Sri Lanka have more freedom, facilities, privileges than in the western Christian countries (don’t tell me that they are secular) but the UNHRC is interested in violation of the human rights of the Muslims in Sri Lanka.

It is not double standards by the western countries but their vested interest in the protection of the western Judaic Christian culture. They want to protect Judaic Christian culture against the Muslims in the western countries but in the Theravada Buddhist countries they use Muslims to annihilate the Theravada culture if possible. While Muslim culture is a threat to Judaic Christian culture in the west, the Theravada culture is a threat to Judaic Christian culture in the ideological sphere in the entire world.

The Sinhala Buddhist culture had been one of the most tolerant cultures in the whole world until the Dutch and the English used other cultures to weaken if not destroy the Sinhala Buddhist culture. It was the Sinhala King Senerath who settled the Muslims in the present eastern province when the latter were harassed by the Catholic (emerging Christian) culture of the Portuguese. The Sinhala kings then settled the Catholics in Vahakotte near Matale and other places when the latter were harassed by the Reformist Dutch. Even today the Muslim schools in Sri Lanka have their own terms something that cannot be experienced in the “enlightened” west or any other non Muslim country. The Sinhala Buddhists having realized that the Dutch and the English were using the imported Tamils, Kochins (Kochchi), Malays, and religious communities such as Christians and Muslims turned against them as part of their anti colonial struggle. When Anagarika Dharmapala warned the Sinhala Buddhists of the Kochchis it was the Kochchis imported by the English that he had in his mind.

The imported people did not want to accept that Sinhala Buddhist culture is the significant culture in the country and most of the problems in Sri Lanka are due to the association of the non Sinhala Buddhists with the colonial powers and their culture. Piyadasa Sirisena’s novels (Ediriweera Sarachchandra, after all basically a product of western education, did not consider Piyadasa Sirisena as a novelist) clearly demonstrate the anti colonial attitude of the author and not any hatred towards other ethnic communities per se.

The UNHRC and its commissioner were not chased out by the Sri Lankan government, knowing very well what they are up to. If the NGO personalities think that the government has succumbed to international pressure then they are wrong. The west, together with their NGO agents will not stop their propaganda against the Sinhala Buddhists for violating the human rights of the “ethnic minorities” as they would not accept that the Sinhala Buddhists are fighting for their lost rights, and that the “ethnic minorities”are being used by the western powers and their lapdog India to maintain the hegemony of western Judaic Christian culture and the Indian regional superiority.


පිල්ලේගේ ඉල්ලීම පල්ලම් බසි

$
0
0

බ්‍රිතාන්‍යය – ඇමරිකාව සහ ඉන්දියාව තවදුරටත් ත්‍රස්‌ත මර්දන පනත් ක්‍රියාත්මක කරන අවස්‌ථාවේ මෙරට ත්‍රස්‌ත මර්දන පනත වහාම ඉවත් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරිය කළ ඉල්ලීම රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත. “ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව අප ඇය සමඟ කිසිදු එකඟතාවකට එන්නේ නෑ. ත්‍රස්‌ත මර්දන පනත ඉවත් කරන ලෙස ඉල්ලීම නවි පිල්ලේට ඉදිරිපත් කර ඇත්තේ ද්‍රවිඩ සන්ධානය හා රාජ්‍ය නොවන සංවිධාන යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (27 දා) පැවැසීය.

නවි පිල්ලේ ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කර ඇති කරුණු ඇගේ ස්‌වාධීන අදහස්‌ නොව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පසුගිය කාලය මුළුල්ලේ ඇය වෙත සංදේශ යවමින් ඉදිරිපත් කළ කරුණු යෑයි ද හෙළි වී ඇත.

“ඇය අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්‌තයන් 800 ක්‌ ගැන ද විමසා තිබෙනවා” යෑයි එම ආරංචි මාර්ග කියා සිටියේය.

නවි පිල්ලේ මානව හිමිකම් වෙනුවට රටක ජාතික ආරක්‍ෂාව සම්බන්ධ බරපතළ ලෙසින් මැදිහත් වී ඇති බව ඇගේ ප්‍රශ්නවලින් සනාථ වුණා යෑයි එම ආරංචි මාර්ග පළකළේය.


තමිල්නාඩු පී. එම්. කේ. පක්‍ෂ නායකගෙන් පිල්ලේට සංදේශයක්‌

$
0
0

උතුරෙන් ශ්‍රී ලංකා හමුදාව ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජයට උපදෙස්‌ දෙන්නැයි තමිල්නාඩුවේ පී.එම්.කේ. පක්‍ෂයේ නායක එස්‌. රාමදොaස්‌ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත හදිසි සංදේශයක්‌ එවා ඇත

ඔහු කොළඹ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් උපදේශක හරහා නවි පිල්ලේට එකී සංදේශය යොමු කර තිබේ.

උතුරේ ජනතාව හමුදාවේ සිරකරුවන් බවට පත් වී ඇති බවත්, සෑම තැනකම මාර්ග බාධක දමා ජනතාව පරික්‍ෂාවට ලක්‌ කරන බවටත් ඔහු එකී සංදේශයේ සාවද්‍ය තොරතුරු දක්‌වා ඇත.


කල්ලතෝනින්සේ පාරට වැටෙන කෙවිලියාමඩුවේ සිංහලයෝ!

$
0
0

හාත්පසින් එක සීරුවට වෙඩි හ`ඩ ඇසේ. රාත්‍රී අ`දුරේ රීදී පැහැති සිත්තම් මවන අතර හාත් පස කම්පනය කරවන මෝටාර් උණ්‌ඩ ගුවන පුරා විසිරෙමින් ඇත. පුලුකුණාව යුධ හමුදා කදවුරට රෑ පුරා මහා ප්‍රහාරයක්‌ එල්ලවෙමින් තිබේ. ප්‍රහාරයෙන් බියට පත්වු කෙවිලියාමඩුව ගම්වාසීහු පසුදාම ගම් බිම් හැර යති. ඒ ස්‌වකීය පණ කෙන්ද පමණක්‌ රක්‌ෂා කරගැනීමේ පරමාර්ථයෙනි.

ගම් පියසට මදක්‌ දුරකින් පිහිටා තිබුණු මංගලගම ගම්මානයටද තිරිසන් කොටි ත්‍රස්‌තයන්ගෙන් මාරාන්තික ප්‍රහාරයක්‌ එල්ලවූ හැටි පුළුකුණාව ගම් වාසීන්ට මතකය. ඒ අමානුෂික ප්‍රහාරයෙන් කිරි දරුවන් පෙති ගැසුනි. පොළොවේ ගසා මරා දැමිනි. නිරායුධ ගම්වාසින් දෙපලු කොට කැපී මැරිනි. මේ අත්දැකීම පුනරුච්චාරණය වනු දැකීමට නොරිසි පුලුකුණාව ගම් වාසීහු උපන් බිම් අතැර ඇ`දි වත පමණක්‌ ගෙන සිය උපන් බිමෙන් පිටවූහ.

යුද ගිණිදැල් නිමී ගියේය. පණ කෙන්ද බේරාගෙනය යුද අනාථයන් සේ අන්ත අසරණ දිවියක්‌ ගත කරමින් ජීවත් වු කෙවිලියාමඩුව ගම්මානයේ මිනිස්‌සු අවුරුදු දොලහකට පෙර, එනම් 1996 වසරේදී අත්හැර දමා ගිය තමුන්ගේ ගම්මාන වලට පැමිණියහ.

කෙවිලියාමඩුව ගම්මානය පිහිටියේ අම්පාර දිස්‌ත්‍රිකය මායිමේය. අම්පාරට ලංවය. අම්පාර මහඔය මාර්ගයේ පුලුකුනාව ආසන්නයේය. එහෙත් කෙවිලියාමඩුව අයත් වන්නේ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ටාශයටය. අප නොදන්නවා සේ සිටියාට කෙවිලියාමඩුව, මංගලගම, වැනි නැගෙනහිර පලාතේ සිංහල ගම්මානවලට දෙමළ පරිපාලන බලයක්‌ සහිත නිලධාරීන්ගෙන් සිදුවන්නේ නොසලකා හැරීම්ය. ගර්හාවට ලක්‌කිරීම්ය. කෙවිලියාමඩුව මිනිස්‌සු මේ නින්දිත යථාර්ථය අත් වි`දිමින් උන්හ.

තමන්ගේ උපන් ගම්බිම් වල හිමිකම් භුක්‌ති වි`දීම තීන්දු කළ යුත්තේ එම දේපල අයිති මිනිස්‌සුන්ය. ඒ අයිතිය කිසිවෙකුට ප්‍රශ්න කළ හැකි නොවේ. එහෙත් කෙවිලියාමඩුව ගම්මානයට නැවත පදිංචියට පැමිණි සිංහල මිනිස්‌සුන්ට අහන්නට ලැබුනේ පුදුමාකාර අලුගුත්තේරු කතාවකි. ගම්වැසියන් හමුවන්නට ග්‍රාමසේවක නිලධාරීවරයා පැමිණියේය. පැමිණ පැවසුවේ කෙවිලියාමඩුව ගමේ පදිංචි වීමට අවශ්‍යනම් අවතැන්ව සිටි කාලයේ හරිහම්බරකරගත් දේපල අත්හැර දමා පදිංචියට පැමිණෙන ලෙසය. මේ අතාර්කික නොසන්නාඩාල නොපනත් බලපෑම් හමුවේ කෙවිලියාමඩුවේ මිනිස්‌සු අන්ත අසරණ වූහ. අප ඔබට මේ කියන්නේ ඒ මිනිසුන්ගේ වේදනාත්මක කතාවය.

කෙවිලියාමඩුවේ මිනිස්‌සු තමන්ගේ ගමට පදිංචියට ආවේ අදින් අවුරුදු පහකට පෙරය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයකට එම කාළ සීමාව තුළදි පැවති මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ද මඩකලපුවේ නිළධාරින් විසින් උදුරා ගෙන තිබුණි. වසරේ එක්‌ කලකදි පමනක්‌ ලැබෙනා වැසි දියෙන් වගා කරන ලද හේන් වගාවෙන් දිවි සරි කර ගන්නා මේ මිනිස්‌සුන්ගේ ජීවිතය මහා කටුක එකක්‌ විය. මෙවැනි අතිශය දුක්‌ත ජීවිතයක්‌ ගතකරන කෙවිලියාමඩුවේ සිංහල මිනිස්‌සුන්ට සමෘද්ධි සහනාධාරයද ලබා නොදීමට පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි නිලධාරීහු කටයුතු කළහ. ඒ මේ රටේ එක්‌ කොණක මිනිසුන් පිරිසක්‌ තමන් සිංහල වීම නිසාම දුක්‌ වි`දින ආකාරයය. මේ දෙමළ ජාතිවාදී ගෝත්‍රික ලක්‌ෂණ මේ රටේ උතුරු නැගෙනහිර දී සිංහල මිනිස්‌සුන්ට එරෙහිව ක්‍රියාත්මක වන ආකාරය ගැන ගතවන මොහොතේ දැක්‌විය හැකි නිදසුනය.

කෙවිලියාමඩුවේ සිංහල මිනිස්‌සු මෙතැන්සිට කතා කරන්නෝය. මේ ඒ කතාවය.

“අනේ මහත්තයෝ… අපි කෙවිලියා මඩුව ගමට වෙලා අන්ත අසරණ වෙලයි ඉන්නේ. අපි මේ ගෙවල් අත්හැරලා යද්දි කාමර දෙකක්‌ සාලෙයි එක්‌ක උළු වහපු ගේත් අත්හැරලා තමයි අපි පණ බේරගෙන ගියේ. යුද්දේ කාලේ අපේ ගෙවල් ඩෝසර් කරලා. යුද්දේ ඉවර වුනාට පස්‌සේ තමයි අපි නැවතත් මෙහෙට ඇවිල්ලා පදිංචි උනේ. ජීවත්වෙන්න ඉඩමක්‌ නැති හරිහමන් රැකියාවක්‌ නැති අය තමයි මේ ගමේ වැඩි හරියක්‌ ඉන්නේ. කටුමැටි ගහගෙන හදා ගත්ත පුංචි ගේ පොඩ්ඩක පුලු පුලුවන් විදිහට වේලක්‌ ඇර වේලක්‌ කාලා හරි නොමැරි ඉන්නේ බොහොම අමාරුවෙන්. එහෙම හිටිය අපේ ගම්මානේ 31 දෙනකුට මෙ මාසේ 29 වෙනදා ඉඩම් වලින් අයින් වෙලා යන්න කියලා පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලියුම් දීලා. සමහර ගෙවල්වල දොරවල්වල ලියුම් අලවලා ගිහින් තියෙනවා. අපි මේවා දාලා කොහේ ජීවත් වෙන්නද?. අපෙන් මෙසේ අසන්නේ කෙවිලියා මඩුව පන්සල්ගල පදිංචි කේ. එම් . කුසුමලතා ය.

කුසුමලතාලා ජාතිය රජ කරවන්නට හදන ආඩම්බරකාර නායකයින්ගේ අතපල්ලෙන් වැටුණු මිනිස්‌සුය. සිංහල වීම නිසා දෙමළ නිලධාරී වාදයේ දුර්දාන්ත පීඩනයෙන් හෙම්බත්ව උන්හිට තැනින්ද පලවා හරින්නට නියමවූ මේ ගම් වැසියෝ මෙතෙක්‌ සිය ගමේ ජීවත් නොවී ජීවත් වූහ. අත්හැර දමා සිටි මේ මිනිසුන් වෙනුවෙන් කිසිම පොදු පහසුකමක්‌ නිර්මාණය වූයේ නැත. බොන්නට දිය පොදක්‌ ගෙනෙන්නටත් සැතපුම් 3 ක්‌ දුර යන්නට ඔවුන්ට සිදුවූයේය. කෙවිලියාමඩුව ගමේ ඩබ්ලියු. එම ජයතිලක කියන්නේ ඒ කතාවය.

“ගමේ කුලියකA කරගන්නවත් වැඩක්‌ නැහැ. ගල්කොරියේ ගල් තලලා තමයි සමහරු ජීවත්වෙන්නේ. හේන් ගොවි තැන තමයි අපේ ප්‍රධානම ජීවිකාව. නමුත් හැමදාම අලි කරදර නිසා වගාව කඩලා ගෙට ගන්නකම් විශ්වාසයක්‌ නැහැ. පොදු ප්‍රවාහන පහසුකම් මේ පැත්තට නෑ. අපේ ප්‍රශ්නයක්‌ ගැන කතාරනන් අපි පට්‌ටිපොළට හරි මඩකලපුවට හරි යන්නේ රුපිලයල් පන් හය දාහක්‌ වාහන වලට වියදම් කරගෙන. පාන් කෑල්ලක්‌ ගන්න බැරිව ඉන්න අපිට අපේ ඉඩකඩම් බේර ගන්න මෙහෙම වාහන හයර් කරගෙන යන්න වත්කමක්‌ නැහැ. කිසිම පහසුකමක්‌ නැතිව අපා දුක්‌ වි`දිමින් මෙහෙම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අපිට යන්න එන්න තැනක්‌ නැති නිසයි. බඩගින්දර නිවා ගන්න බැරිව අසරණ වෙලා ඉන්න අපි මේ ගෙවල් වලින් පන්නලා තවතA අසරණ කරන්න එපා”. මේ වේදනාව මේ රටේ වගකිවයුතු මහත්වරුන්ට ඇසෙනු ඇත්දැයි අපට වැටහෙන්නේ නැත.

කෙවිලියාමඩුවේ දරුවොද ඉගන ගන්නට මහත් වෙහසක්‌ ගනිති. දිවුලාන විදුහල ඇත්තේ කෙවිලියාමඩුවට කිලෝ මීටර හයක්‌ දුරිනි. මංගලගම ගොනාගොල්ල විදුහලට ඇති දුර කිලෝමීටර 10 කි. මේ පුංචිදරු පැටව් කැළ අවපැහැ ගැනුණු පාසල් නිළ ඇ`දුමද ඇදගෙන සිටියදි ඇතැම් බස්‌රථ රිදුරෝ උන්ව අතරමග දමා යතිs. හැම තැනම නොසලකා හැරීම්ය. මෙවන් පරිසරයක වේල සොයාගැනීමට නොහැකිව අසරණව සිටින අහිංසක ගම්වැස්‌සන්ට ඉඩම්වලින්ද එලවා දමන්නට යැම නින්දා සහගත අපරාධයකි. කෙවිලියාමඩුවේ කේ. ඩී. තිලකරත්න ඒ කතාව අපට කියන්නේය.

“අපිව තාමත් ගමේ ලියාපදිංචි කරලා නැහැ. එක නිසා ඡන්දය දාන්න බැරිවෙලා තියෙනවා. නැති බැරි කමට ගාමන්ට්‌ එකකටවත් ගිහින් රස්‌සාවක්‌ කරන්න කරන්න අද බොහෝ දෙනකුට සහතිකයක්‌ ගන්න විදිහක්‌ නැහැ. හැඳුනුම්පතක්‌ අලුත් කරන්න විදිහක්‌ නැහැ. චරිත සහතිකයක්‌වත් ගන්න බැරිවෙලා තියෙනවා. සමහර වෙලාවට ළමයි ඉස්‌කෝලෙට ඇතුලත් කරගන්න බැරිව අප අසරණ වුන අවස්‌ථා තියෙනවා.

මහ ලොකුවට දැයට කිරුළ අම්පාරෙදි කළා. අපට මොන සෙතක්‌වත් නෑ. ජන්ද නාම ලේඛණ පුරවන්න දුන්නත් තවමත් භාර ගත්තේ නැහැ. ග්‍රාම සේවකට දුන්නම පස්‌සේ කෙවිලියාමඩුවෙන්ද කියලා අහලා එAවා ගන්නැතිව යනවා. වැඩක්‌ කර ගන්න ගියාම දෙමළ භාෂවෙන් වැඩ කරන නිසා අපිට කිසිම දෙයක්‌ තෙරෙන්නේ නැහැ. අපේ ගමේ කිහිප දෙනකුට විරුද්ධව කළවංචිකුඩි උසාවියේ නඩු පැවරුවා අනවසරයෙන් පදිංචිව සිටින බව කියලා. නමුත් උසාවියට යන්නට සල්ලි නැති නිසා ඒ අයට උසාවි යන්න බැරි වුනා. එක නිසා මේ වන විටත් ඒ අයට හිටපු ඉඩම් වලින් අයින් වෙන්න සිදුවෙලා තියෙනවා. අපි කියන්නේ වේලක්‌ හැර වේලක්‌ කාලා ජීවත් වෙන්න අපිට අපි ජීවත්වන ඉඩම් ලබාදෙන්න කියලයි.”

කෙවිලියාමඩුවේ එම්.කේ විමලාවතී කියන කතාව අෙ`දාaනාවක්‌ බ`දුය. මේ ඇයගේ කතාවය.

අපි කල්ලෝතෝනියෝ වෙලයි ඉන්නේ. යන්න එන්න තැනක්‌ නැති කරන්න සියලු සැලසුම් හැදිලා ඉවරයි. පොඩි දරුවෝ බස්‌ එකෙන් පාසලට රුගෙන ගොස්‌ නැවත එක්‌කරගෙන එන්න දෙවතාවක්‌ යන්න ඕන. එකට දවසට රු. 100 ක්‌ යනවා. නා ගන්න රුපියල් 20 දුර බස්‌ එකේ යන්න ඕන. පස්‌ දෙනෙක්‌ ඉන්න ගෙදරකට දවසකට නාගෙන එන්න රුපියල් සීයක්‌ යනවා. සල්ලි නැති නිසා අපේ සමහර පොඩි දරුවෝ බස්‌ වල නොමිළේ යන්න උත්සාහ කරනවා. ඒක නිසා ඇතැම් රියදුරන් අපේ ළමයින්ට පාසල් යන්න බස්‌ එක නතර කරන්නේ නැහැ. මෙහම අපාදුක විදගෙන ජීවත්වෙන්නේ වෙන යන්න තැනක්‌ නැති නිසා. අපිට අපේ පාඩුවෙ ජීවත්වෙන් ඉඩ දෙන්න.

නදීකා රාජපක්‌ෂ මේ ජීවිතයෙන් හෙම්බත් වූ කාන්තාවකි. ඇය අපට මෙවැනි කතාවක්‌ කියන්නීය.

“අපිට කන්න නැති වුනාම මඩකලපුවෙ හාමුදුරුවෝ තමයි සැරෙන් සැරේ ඇවිත් අපිට කන්න බඩු මුට්‌ටු ටිකක්‌ දිලා යන්නේ. මඩකලපුවෙ හාමුදුරුවෝ හිටියේ නැත්නම් අපිව මෙලහකටත් මේ ඉඩම් වලින් පන්නලා.”

“අපේ පුංචි ගෙවල් වැහි දාට පෙරලිලා යනවා. හාමුදුරුවෝ එක්‌සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටින සිංහල අයගේ සංවිධානයක්‌ වන හෙළ බිම සංවිධානය මගින් අපිට නිවාස 16 ක්‌ හදලා දුන්නා. තවත් නිවාස 05 ක්‌ හදන්න අත්aතිවාරම දාලා තියෙනවා. මේ අය කියන විදිහට ඒ ගෙවල් 16 ම අත්හැරල යන්න වෙනවා.”

මේ වේදනාත්මක කතාව කියන්නට පසුගියදා කෙවිලියාමඩුqව ගම්වාසීහු මඩකලපුව දිසාපතිවරිය මුනගැසීමට ගියහ. එහිදී කමිටුවක්‌ හරහා දැනට පදිංචිව සිටින අය පිලිබ`ද සොයා බලා පෙර පදිංචිය සනාථ කිරීමට හැකි අයට ඉඩම් ලබාදෙන ලෙස පවසා තිබේ. එහෙත් කෙවිලියාමඩුවේ පදිංචි කරුවන්ට දැන් අතීත පදිංචිය සනාථ කිරීමට නොහැකිය. ඇතැමුන්ගේ අතීත පදංචිය පිළිබ`දව වන ලේඛණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සොයා ගැනීමට භාෂාව හරස්‌ වී තිබේ. ඒ ස`දහා නිලධාරීන්ගේ සහායද නැත. සමහර ලේඛණ අතුරුදන්ය. මේ සියලු දේ සිදුවෙද්දී මෙවැනි අසරණයින්ට මුවාවෙමින් ආරක්‌ෂක අංශවල සහ රජයේ රුකියාවන් වල යෙදන පිරිසක්‌ද අනවසර හා නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගෙන සිටිති. ඔවුන් නිසා මේ වන විට සැබෑ ලෙස ඉඩම් අහිමිව යමින් සිටින ජනතාවද බරපතල ගැටලුවකට මුහුණ දි සිටියිs.

මේ මිනිස්‌සුන්ට හැමදාම පිහිටට හිටියේ අම්පාරේ මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ය. අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසීය. උන්වහන්සේ මේ ගැටළුව දකින්නේ මෙසේය.

“මඩලපුව දිස්‌ත්‍රික්‌කයේ සිංහල ජනතාවට අද යන එන මං නෑ. කෙවිලියා මඩුව ගම්මානයේ මිනිස්‌සු මේ වන විට දැඩි ගැටළුවකට මුහුණ දී සිටිනවා. මෙම අසරණ මිනිසුන්ට සහනයක්‌ දී ජීවිතය ගොඩනගන්න උදව් කරනවා වෙනුවට ජීවිතයම විනාශ කර දැමීමට කටයුතු කිරීම ඉතා ශෝචනීයයි.”

“සිප්පිමඩුවෙ මේ වන විට සිංහල පවුල් 18 ක්‌ පදිංචිව සිටිනවා. තවත් පවුල් 72 ක්‌ පදිංචි කරන්න ගියත් එයත් නැවති තියෙනවා. පරණ බලපත්‍ර මේ මිනිස්‌සුන්ට සොයා ගන්න අමාරුයි. සින්නවත්ත සිංහල ජනයා සිටින ගම්මානයේ කොටසක්‌ද අත්හැරදා යුද්දයෙන් අනාථව පැමිණි මිනිසුන්ට දැන ඒ ඉඩම් වලට යන්න බෑ. එම ප්‍රදේශයේ තිබෙන බිම් බෝම්බ දින 30 කින ඉවත් කරන බවට නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස්‌වරයා කිව්වා. ඒත් මේ වන විටත් එම කාර්යය වචනයට පමණක්‌ සීමාවෙලා තියෙනවා.”

“මේ වනවිට බොහෝ සිංහල මිනිස්‌සුන්ගෙ ඉඩම් ව්‍යාජ ඔප්පු හදාගෙන මුස්‌ලිම් සහ දමිළ පිරිස්‌ විසින් අත්පත් කරගෙන අහවරයි. මේකයි ඇත්ත. අපි දමිළ නම් කථා කරන්න ඉන්දියාව සිටිනවා. අප මුස්‌ලිම් නම් කථා කරන්නෙ ඉරානය, ඉරාකය සිටිනවා. නමුත් අපි සිංහලවීම නිසා අපට වෙන අසාධාරනයකදි කථා කතා කරන්න අපේ මිනිස්‌සුත් අපට නැහැ.” අම්පිටියේ සුමනරතන හිමියෝ කියති.

අප දකිනා යථාර්ථයක්‌ තිබේ. මේ වන විටත් නැගෙනහිර පළාතේ පානම ඇතුළු බොහෝ ප්‍රදේශවල ඉඩම් ඇතැම් දේශපාලන හෙංචයියලා ඇතුළු බලවත්හු රිසිසේ අල්ලා ගනිමින් සිටිති. එම ඉඩම් පිළිබ`ද නෛතික සාධක සහිත ලේඛණ ගිනි තබා පුළුස්‌සමින් අතුරුදන් කරමින් සිටිති. නින්දා සහගත ලෙස හොර ඔප්පු තිරප්පු හදමින් සිටිති. ඒ අතර කෙවිලියාමඩුව වැනි සිංහල ගම්මාන වල දුගී අසරණයෝ යන එන මං රහිතව අවතැන් කරමින් සිටිති. මේ රට ගැන අපට දුක හිතෙන්නේ මෙවැනි සිදුවීම් දකින විටය. රටට නීතියක්‌ නොතිබේද, මේ රට අරාජිකදැයි අපට සිතෙන්නේ මෙවැනි අනීතික ෙ€දවාචක විලි ල-ජාවකින් තොරව එළපිටම සිදුවනව විටය.

බලාසිටින්නේ මේ සිදුවන දේවල කෙළවර කොතැනද කියාය.



කෙවිලියාමඩුව ජනතාවගේ ඉඩම්වල අයිතිය නොදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කල් අරී

$
0
0

අතහැර ගියේ කොටි කලබල සමයේ

අම්පාර දිස්‌ත්‍රික්‌කයට මායිම්ව මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත්ව ඇති කෙවිලියාමඩුව සිංහල ගම්මානයේ ජනතාවට හෙළබිම සංවිධානයෙන් ලබාදී තිබුණු නිවාස ඉදිකිරීමේදී මංගලගම පොලිසිය ඊට ඉඩ නොදීමට විරෝධය පළකරමින් එම ඉඩම්වල අයිතිය කෙවිලියාමඩුව ජනතාව වෙත හැකි ඉක්‌මණින් පවරා දෙන්නැයි ඉල්ලා මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමි ඇතුළු භික්‌ෂූන් වහන්සේලා රැසක්‌ මෙන්ම කෙවිලියාමඩුව ගම්වාසීන් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් විල්වරත්නම් මහත්මිය හමුවට ගොස්‌ ජනතාව පත්ව ඇති අසරණභාවය පිළිබඳ කරුණු දක්‌වා ඇත.

මෙම කෙවිලියාමඩුව ගම්මානයේ සිටි සිංහල ජනයා කොටි කලබල සමයේ තම ඉඩම් අත්හැර පලාගියේ පණ බේරා ගැනීමටයි. යුද්ධයෙන් පසු නැවත පැමිණි විට ඒ ඉඩම් ආපසු ලබා ගන්න ක්‍රමයක්‌ නැහැ. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වසර 7 ක්‌ 8 ක්‌ තිස්‌සේ මෙම ප්‍රශ්නය විසඳන්නේ නැතිව කල් අරිමින් සිටිනවා. හෙළබිම සංවිධානයෙන් නිවාස 15 ක්‌ ඉදිකිරීමට උපකාර කර ඇති අතර එම නිවාස ඉදිකිරීමේදී මංගලගම පොලිසිය පැමිණ ඉදිකිරීම නතර කරීමට පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයා මෙම ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස නැගෙනහිර ආණ්‌ඩුකාරවරයාට සහ මහ ඇමැතිවරයාට දැනුම් දුන්නා. ඉඩම් කොමසාරිස්‌වරයා විසින් ජංගම සේවයක්‌ පැවැත්වීමට පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්ට යොමු කළ ලිපිය මාසයක්‌ ගතවීත් මෙතෙක්‌ ලැබී නැතැයි ප්‍රාදේශීය ලේකම්වරිය කියයි.

මෙම කෙවිලියාමඩුවේ අහිංසක ජනතාව මෙම ඉඩම්වලින් පන්නලා පොලිසියේ අයි. පී. මහත්වරු, එස්‌. අයි. මහත්වරු අක්‌කර ගණන් ඉඩම් අල්ලගන්න බලාගෙනයි ඉන්නේ. වසර ගණනාවක්‌ මේ ගමේ හිටියත් මේ දුප්පත් මිනිසුන් බොහෝ දෙනාට පවා සමෘද්ධිය ලැබුණේ නැහැ. ඡන්ද දාන්න අවස්‌ථාව ලැබුණේ නැහැ. තවම ඔවුන්ගේ ඡන්ද ලියාපදිංචි කරලා නැහැ. මේ මිනිසුන්ට වෙන තැනක්‌ නොමැති නිසයි ගම්මානයේ පැල්පත් සාදාගෙන ජීවත් වෙන්නේ. සාධාරණයක්‌ ඉටුකරන්න කියලා මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යයි අම්පිටියේ සුමනරතන හිමියෝ එම අවස්‌ථාවේදී පැවසූහ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් විල්වරත්නම් මහත්මිය -ආණ්‌ඩුකාරතුමා සහ මඩකලපුව, අම්පාර දිසාපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පස්‌සේ මෙම කෙවිලියාමඩුව පදිංචිකරුවන් සම්බන්ධයෙන් කිසි ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ නැහැ. නමුත් අනවසරයෙන් නිවාස ඉදිකරන බව මා හට දැනගැනීමට ලැබුණ නිසා මම එය ඉහළ නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා. මම පොලිසියට එම ඉදිකිරීම් නවතා දමන ලෙස නියෝග කළා. මේ සම්බන්ධව ඉඩම් කොමසාරිස්‌ කාර්යාලයෙන් ජංගම සේවයක්‌a සම්බන්ධ පැවසෙන ලිපිය තවම මට ලැබුණේ නැහැ. යෑයි පැවසුවාය.

එම අවස්‌ථාවේ එම ස්‌ථානයට පැමිණි කලවංචිකුඩිය සහකාර පොලිස්‌ අධිකාරි ජයන්ත රත්නායක මහතා නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා දැනුවත් කර පොලිසියෙන් ජනතාවට සිදුවන බාධා කිරීම් නතර කිරීමට කටයුතු කරන බව පැවසීමෙන් පසු අම්පිටියේ සුමනරතන හිමි ඇතුළු ගම්වාසීහු ප්‍රාදේශීය ලේකම්වරියගේ කාර්යාලයෙන් පිටතට පැමිණියහ.

නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස්‌ ඉෂාන් විෙ-තිලක මහතාගෙන් මේ පිළිබඳව විමසීමක්‌ කළ විට 29 වැනි දින ජංගම සේවාවක්‌ පවත්වා මෙම ගැටලුවට විසඳුමක්‌ ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

මංගලගම පොලිසිය විසින් ජනතාවට සිදුවන බාධාකිරීම් නවතා දමන බව කලවංචිකුඩිය සහකාර පොලිස්‌ අධිකාරි ජයන්ත රත්නායක මහතා එම අවස්‌ථාවේ පවසා සිටියදී නැවතත් 21 වැනිදා රාත්‍රියේ මංගලගම පොලිසියේ නිලධාරීන් පැමිණ නිවාස ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනාවොත් ඔවුන් අල්ලා රිමාන්ඩ් කරන බව ගම්වාසීන්ට පැවසූ බව ඔවුහු පවසති.

යන්නට එන්නට තැනක්‌ නොමැතිව අසරණව කිසිදු පහසුකමක්‌ නොමැතිව කෙවිලියාමඩුවේ දුක්‌ විඳින ජනතාවට අක්‌කර ගණන් කොල්ලකන ඉහළ පැලැන්තියේ පිරිසට විරුද්ධව ක්‍රියාකරන ලෙසද කෙවිලියාමඩුව ගම්වාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


කෙවිලියාමඩුව

$
0
0

යුද්ධය නිමවී ඇතත්, යුද අනාථයන් තවදුරටත් නැති බව අප කල්පනා කළත් එය එසේ නොවන බව පෙනෙන්ට තිබේ. යුද්ධයේදී දෙමළ, මුස්‌ලිම් මෙන්ම සිංහලයෝ ද යුද අනාථයන් බවට පත්වූහ. අම්පාරේ කෙවිලියාමඩුqව ගම්මානයේ සිංහල මිනිස්‌සු අදටත් ඉන්නට – හිටින්නට තැනක්‌ නැති යුද අනාථයෝ ය. මේ රටේ අන්තිම යුද අනාථයන් බලා ගැනීමට නම් නවනීදන් පිල්ලේ මහත්මිය යා යුත්තේ කෙවිලියාමඩුවට ය. එහෙත් එහිදී ඇයට දකින්නට ලැබෙන්නේ ඇය දැකීමට අපේක්‍ෂා කරන දෙමළ යුද අනාථයන් නොවන නිසා ඇයගේ හිත නරක්‌ වනවා ඇත.

බෙදුම්වාදී යුද්ධය පැවති කාලයේදී කෙවිලියාමඩුqව ගමට විශාල වශයෙන් තර්ජන එල්ල විය. සිංහල ගම්මානවලට පැන මන්න පිහිවලින් කොටා ජනයා සංහාරය කිරීම ඒ කාලයේදී කොටි ත්‍රස්‌තවාදීන් සතුව තිබූ ඉතා ජනප්‍රිය ක්‍රමවේදයකි. ජන සංහාරය සඳහා පතරොම් යොදා ගැනීමට වඩා මන්න පිහි යොදාගැනීම එල්. ටී. ටී. ඊ. යට ලොකු ලාභයක්‌ විය. කොටි ත්‍රස්‌තවාදීන් විසින් කපා කොටා මරන ලද අසරණ සිංහල දරුවන්ගේත් ගැමියන්ගේත් මළ මිනී පෝලිම් ගසා තිබෙන අයුරු මේ රටේ ජනයා පින්තූරවලින් දැක ඇත. කෙවිලියාමඩුව ගමේ ජනයා තම වාසභූමිය වූ පාරම්පරික ගම්බිම් අත්හරින්නේ මෙබඳු කැති ගා දමනු ලැබීමේ තර්ජනයක්‌ වුව විටදී ය. යුද්ධය නිම වූ විට ආපසු විත් පදිංචි වීමේ අපේක්‍ෂාව මත ඔවුහු තාවකාලිකව තම ගම් බිම් අත්හරිති. එහෙත් යුද්ධය නිම වී, ආපසු ගමට එන ගැමියන්ට තම ගේදොර සහ වගා ඉඩම් ආපසු ලැබෙන්නේ නැත. මේ ප්‍රශ්නය දැන් වසර කිහිපයක්‌ම පරණ ය. කෙවිලියාමඩුවේ පාරම්පරික ජනයා එදත් යුද අනාථයන් යá අදත් යුද අනාථයන් ය. ඉතාම නරක තත්ත්වය වන්නේ ඔවුන් අද අනාථභාවයට පත්ව සිටින්නේ තම පාරම්පරික වාස භූමියෙහි වීම ය.

යුද්ධයක්‌ නිසා කිසියම් ගමක්‌ ජනයාගෙන් හිස්‌ වූ විට එම ගමට ඡන්ද ලැයිස්‌තු හැදුවත් එම ලැයිස්‌තුවල ලියාපදිංචි වීමේ හැකියාවක්‌ ජනයාට ලැබෙන්නේ නැත. කෙවිලියාමඩුව වැසියන්ට ද අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ ලියාපදිංචියක්‌ නැත. එය, ඔවුන් හොර වැසියන් බවට පත්වීමට හේතුවක්‌ ද නැත. මේ මිනිසුන් වැඩි දෙනාට සමෘද්ධි හිමිකම නැත. එයද, ඔවුන් හොර වැසියන් වීමට හේතුවක්‌ වන්නේ නැත. තමන් උපන් හැදුණු වැඩුණු ගමට යළි පැමිණි ඔවුන් එහි පදිංචි වීම නීතිය විසින් වළක්‌වාලන කල්හි කෙවිලියාමඩුව වැසියෝ පොලිසියට ගියහ. ඔවුන්ට අදාළ පොලිසිය මංගලගම පොලිසියයි. එහෙත් ඔවුන්ට පිළිසරණක්‌ ලැබුණේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ ඉඩම් අල්ලා ගැනීමට පොලිසියේ එස්‌. අයි. ලා සූදානම් වූහ. මෙය වූ කලී පොලිසිය කලිසමට උඩින් ජංගිය අඳින ලද අවස්‌ථාවකි. මේ කාලකණ්‌ණි එස්‌. අයි. ලාට නියමානුකූලව ජංගි හැඳ ගැනීමට බල කරන ලෙස අපි පොලිස්‌පතිතුමාගෙන් ඉල්ලමු.

තමන් උපන් බිමේ හිමිකාරිත්වය නීතිය සහ පොලිසිය එක්‌ව වළක්‌වන විට එල්. ටී. ටී. ඊ. ය තිබුණා නම් වඩා හොඳ බව කෙවිලියාමඩුව අසරණයන්ට හිතුණොත් එයට විරුද්ධව ක්‍රියා කිරීමට කාටවත් බැරිය. වඩාත් භයානක තත්ත්වය වන්නේ මේ අසරණයන් නීතයේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරවන රාජ්‍ය සේවයට සහ පොලිසියට එරෙහිව මන්න පිහි අතට ගතහොත් ය.

කෙවිලියාමඩුව ගම්මානය භාර පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම්වරිය කියන්නේ ගම්වැසියන් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගන්නා බව ය. ගැමියන් දීර්ඝ කාලයක සිට එම ඉඩම් වගා කරන ලද්දේ නම් සහ එම ඉඩම්වලින් ජීවත් වූයේ නම් සින්නක්‌කර පැවැරුම් හෝ ඔප්පු තිරප්පු නැතත් ඒවායෙහි යළි වගා කිරීමට ඔවුන්ට අයිතියක්‌ තිබේ. එසේ වගා කිරීමට ඉඩ දීමට ආණ්‌ඩුවට බැරි නම් ඒ මිනිසුන්ට විකල්ප ආදායම් මාර්ගයක්‌ සලසා දිය යුතු ය. කෙවිලියාමඩුවේ පාරම්පරික ගොවීන්ට සහ එම ගොවි ඉඩම්වල අත්තමට වැඩ කරන කම්කරුවන්ට පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියන්නන් ලෙස වැඩ කළ නොහැකි ය. මේ නිසා ඔවුන්ට ඔවුන්ගේ පාරම්පරික ඉඩම් දීම හැර වෙන විසඳුමක්‌ නැත.


කෝ අපේ උරුමය සිහල වීමද කරුමය…

$
0
0

මඩකලපුවේ සිංහල ජනතාව අනාථයි

එදා පුරපසළොස්‌වක පෝය දිනයකි. එනිසා අවට පරිසරය සඳ එළියෙන් නැහැවී තිබිණි. ත්‍රස්‌තවාදී කලබල අවට තැනින් තැන තිබුණද ජනතාව සුපුරුදු වූ තම තමන්ගේ වැඩකටයුතුවල නිරතවී සිටින්නට වූහ. රාත්‍රි අඳුරු වැටෙත්ම නගරය දෙසින් දිගින් දිගටම රතිඤ්Æ එකපිට එක පත්තු වෙන්නට වුවද එය ඇසූ ජනයා ඒ ගැන වැඩි තැකීමක්‌ද නොකළහ.

ඒ වෙනකොටද කන් බිහිරි කරනා රතිඤ්Æ හඬ මැද සිත් පිත් නැති කොටි රකුසන්ගේ දරුණු ගිනි අවියෙන් නිකුත් වූ වෙඩි උණ්‌ඩකට මිනිස්‌ ජීවිත රැසක්‌ම ඉලක්‌ක වී තිබිණි. මඩකලපුව නගරයේ සිටි ස්‌වර්ණාභරණ ව්‍යාපාරිකයකු වූ සිරිපාල මහතා ඇතුළු පිරිසගේ සිරුරු කි¹ බසිමින් ඇදීගිය මූනිස්‌සම් අනෙක්‌ පසින් මතු වූයේ දසතම රතුවන් ලේ ගංගා ඇති කරලමිනි. ගතවූයේ මොහොතකි. මඩකලපුව නගරයේ හුන් සිංහල ජනයා වෙඩි උණ්‌ඩවලට ගොදුරු වන්නට වූහ. ඇතැමුන්ගේ සිරුරු මුවහත් නැති මන්නා පහරින් පෙත්තෙන් පෙත්ත කැපී, වියළි මඩකලපුව වැලි පොළොව රුහිරු දහරාවෙන් නැහැවෙන්නට විය.

තවත් මොහොතක්‌ ගතවිණි. මඩකලපුව නගරයට මඳක්‌ ඈතින් වූ ජයන්තිපුර සහ විජයපුර ගම්මානවල සිංහල ජනයා වෙනදා මෙන් කල්ගෙවුමට සිතාගෙන සිටියද එක්‌වරම එම ගම්මානවලට පැමිණි තිරිසන් කොටි රකුසන් නිවාස පීරමින් සිංහල ජනයා සොයන්නට වූහ. ඉහළට එසවෙන කැති පිහි පහරින් අත දරුවෝ පෙත්තෙන් පෙත්ත කැපී දෙපළු වන්නට විය. අහිංසක මුව පොව්වන් සේ අසරණ දරු පවුල් ත්‍රස්‌තයන්ගෙන් ජීවිතය යදින්නට වූහ. ලේ පිපාසයෙන් සිටි ත්‍රස්‌තවාදීන්ගේ සිත් එයින් මොළොක්‌ නොවිණි. තප්පර කිහිපයකින් ඔවුන්ගේ හිස දෙපළු වී වේදනාත්මක කෙඳිරි හඬවල් නංවමින් අඳුරේම අවසන් හුස්‌ම වා තලයට එකතුවන්නට විණි. වියරුවෙන් මත්ව සිටි මිනීමරුවෝ ඇතැම් තරුණියන් දූෂණය කොට මරා දමන්නට වූහ.

ජයන්තිපුර දෙමළ ගෙවල් රැසකට මැදිව සිටි සන්ධ්‍යා රංජනීලාගේ නිවසට අසල්වාසී ද්‍රවිඩ හිතවතුන් කිහිපදෙනකු දිවවිත් තතු පවසන්නට විය. ඉක්‌මණට හැංගෙන්න. අපේ ගෙවල්වල හරි හැංගිලා පණ බේරාගන්න. කොටි මුළු ගමම කපනවා. මොහොතක්‌ ගතවිණි. සන්ධ්‍යාලාගේ වත්තට ද කැති පොරෝ අමෝරාගත් මිනිමරුවෝ යක්‍ෂාවේශයෙන් පැමිණෙන්නට වූහ. ගේ ඇතුළට හිස ඔබා කවුරුත් නැහැ වගේ. කෝ… මේ ගෙදරවුන්. අවට දෙමළ ජනයාගෙන් විමසන්නට වූහ. එයාල ගෙදර නැහැ. සන්ධ්‍යාගේ අසල්වාසීන් බියෙන් වෙව්ලමින් පැවසුවේ නිවස ඇතුලේ සිටි ඔවුන්ද මරා දමාවි යෑයි බියෙනි. සන්ධ්‍යා සැමියා හා දරු තිදෙනා බියෙන් වෙව්ලමින් ඒ වන විටත් නිවස පිටුපස වතුර ටැංකියේ දියෙන් ගොඩගත් මාළුන්සේ බයෙන් ගැහෙමින් සිටින්නට වූහ.

දැන් දැන් ඇසෙන්නේ ජයන්තිපුර සහ විජයබාපුර දෙසින් විලාප හඬ හා වෙඩි හඬකි. අඳුරට තිත තබමින් අරුණාලෝකය උදාවුවද දුටු දසුනින් මුළු මඩකලපුවම කම්පාවට පත්විණි. තැන් තැන්හි මංමාවත් මිදුල් නිවෙස්‌ තුළ මැරී වැටී සිටි හිතවතුන්ය. රතු ලේ දහරාව ඝන වී කළුවී වැලි පසේ කැටි ගැසී ගොස්‌ය. මොළකැටි සිනහ පෑ සිඟිත්තෝ හිස දෙපළු වී මරු තුරුලේ සැතපෙන්නට වූහ. ක්‍රිස්‌තියානි පියතුමකු පැමිණ බේරිලා ඉන්න ජනතාවට පැමිණෙන්නැයි පවසන්නට වූවේය.

මේ අයුරින් 1987 වසරේදී මඩකලපුව නගරයේ සිටි ව්‍යාපාරිකයන් ඇතුළු විජයපුර සහ ජයන්තිපුර යන ගම්මාන වල අහිංසක නිරායුධ සිංහල ජනයා 105 දෙනකු ඒ වන විටත් ඉතා ෙ€දනීය ආකාරයෙන් කොටි ත්‍රස්‌තවාදීන් ඝාතනය කර තිබිණි.

මඩකලපුව නගරයේ, ජයන්තිපුර, විජයපුර, කල්කුඩා, වාලච්ෙච්න, එරාවුර්, පුන්නකුඩා, කෝපවේලි, පෙරියපුල්ලුමලේ, කොස්‌ගොල්ල, ටැම්පිටිය, මංගලගම, සිප්පිමඩුව, කෙවිලියාමඩුව, සින්නවත්ත ඇතුළු මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ රැසක සිංහල ජනයා 22,000 ක්‌ පමණ ත්‍රස්‌තවාදීන් සමගම පෙර ජීවත්ව සිට ඇත. එවකට 1976 වසරේදී මඩකලපුව මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල සිසුන් 2600 කට අධික ප්‍රමාණයක්‌ සහ සිංහල ගුරුවරුන් 77 ක්‌ පමණ සේවය කර තිබුණු අතර ව්‍යාපාරික ක්‍ෂේත්‍රය ද 30% ක්‌ පමණ සිංහල ජාතික ව්‍යාපාරිකයන් සතුව තිබී ඇතැයි පැවැසේ.

ත්‍රස්‌තවාදී කලබල සමය ඇරඹෙත්ම සිංහල ජනතාවට ටිකෙන් ටික නරක කල දසාවක්‌ උදාවුණි. විටෙක තැන් තැන්හි සිංහල ජනයා මරා දමන්නට ගත් අතර ඇතැමුන් බස්‌රථ වලින් බස්‌සවා පැහරගෙන යන ලදී. මේ අයුරින් කරදර ඇතිවීම නිසා පණ බේරා ගැනීම සඳහා සිංහල ජනයා පිටගම් කරා ඇදෙන්නට වූහ. 87 වසරේදී මුළුමනින්ම වාගේ මඩකලපුවේ සිදුවූ සිංහල ජනසංහාරය නිසා ඇතැමුන් ඉඩකඩම් අතහැර තම නෑදැ ජනයාගේ නිවෙස්‌වලට පලා යන ලදී. ඇතැමුන් තුට්‌ටුවට දෙකට නීත්‍යනුකූල නොවන අයුරින් එම ඉඩකඩම්ද විකුණා දමා මඩකලපුව හැර දමා යන්නට වූහ. මෙලෙස ටිකෙන් ටික මඩකලපුව සියලු ගම්බිම් පාලුවෙද්දී තවත් ඇතැමෙක්‌ එම ගම්මානවලම ජීවත් වන්නට වූයේ කොටි තර්ජන මැදය.

හමුදාවයි පොලිසියයි අපිව ආරක්‍ෂා කරන සමයේ මේ ආකාරයට ගම්බිම් කපලා දැම්මේ නැහැ. නමුත් ඉන්දියන් හමුදාව ආවට පස්‌සේ අපේ හමුදාව සහ පොලිසිය කඳවුරු ඇතුළට පමණක්‌ සීමා කළා. එම නිසා කොටි ත්‍රස්‌තවාදීන් 105 ක්‌ පමණ මරා මිනිකඳු ගොඩ ගැසුවා. පස්‌සේ එන්න එන්නම කලබල වැඩිවීම නිසා මඩකලපුව පොලිසියේ අනාථ කඳවුරක්‌ සකසා ඉතිරිව සිටි අයට රැකවරණය දුන්නා. ඊට පස්‌සේ මඩකලපුව විහාරස්‌ථානයේ දවල් කාලයේ සිට රාත්‍රියට නැවතත් මඩකලපුව පොලිසියට ඇවිල්ලා නිදාගත්තා. 90 වසරේදී නැගෙනහිර පළාතේ පොලිස්‌ ස්‌ථාන යටත් කරලා පොලිසියේ 600 ක්‌ මරපු කාලේ මඩකලපුව පොලිසියත් යටත් වුණා. පොලිසියයි හමුදාවයි අපියි ඔක්‌කොම ත්‍රස්‌තවාදීන්ට කොටු වුණා. ගොඩබිමෙන් එන්න බැරි වුණා. ගුවන් යානා බස්‌සන්න බැරි වුණා. එම නිසා උඩින් ගෙනත් කෑම දැම්මා. ඒවත් දාන තැන්වලට නෙවෙයි වැටෙන්නේ. එහෙම තියෙද්දි පියතුමෙක්‌ මැදිහත්වෙලා ත්‍රස්‌තවාදීන්ට දැනුම් දීලා විශේෂ ගුවන් යානයක්‌ ගෙන්වා මඩකලපුවෙන් යැමට අපට අවස්‌ථාව ලබා දුන්නා. එහෙමයි මඩකලපුවෙ සිටි අපට ජීවිත බේරාගන්නට හැකි වුණේ. පස්‌සේ ජනාධිපති ප්‍රේමදාස මහතා අපව මාදිවෙල කෝට්‌ටේ පාසලකට රැගෙන ගිහින් සහන සැලසුවා. මම ඉපදුණේ මඩකලපුවේ. පාසල් ගියේ මඩකලපුවේ. ඒක නිසා නැවතත් අපි අපේ උපන් ගම්බිම්වලට ආවා. අපි විතරයි ජයන්තිපුර දැනට ඉන්න එකම සිංහල පවුල. අපිටත් නොසෑහෙන්න බාධක ආවා. වැසිකිළියක්‌වත් හදාගන්න ඉඩ දුන්නේ නැහැ. සිංහල ජනයා ඉඩම් කොල්ල කන්න එනවා කීවා. දෙමළ සාමාන්‍ය ජනතාව අපි නැවත උපන් ගම්වලට එනවට කැමතියි. නමුත් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් සහ සමහර ජන කොටස්‌ සියලු ජනයා නැවත ගම්බිම්වලට එනවාට අකමැතියි. නැවතත් සිංහල ජනතාව විශාල පිරිසක්‌ මඩකලපුවට පැමිණ පදිංචි වීමට කැමැත්තෙන් සිටිනවා යෑයි ද මඩකලපුව ජයන්තිපුර පදිංචි වී සිටින සන්ධ්‍යා රංජනි මහත්මිය “දිවයින”ට අදහස්‌ දක්‌වමින් පැවසුවාය.

මඩකලපුව නගරයේ පිහිටා තිබුණු මංගලාරාමය ද කොටි ත්‍රස්‌තයෝ වෙඩිතබා බෝම්බ ගසා මුළුමනින්ම විනාශ කර තිබිණි. එම නිසා එම විහාරස්‌ථානයද පාළුවට ගිය අතර එරාවුර් පුලිමතලා විහාරස්‌ථානයේ වැඩවාසය කළ හිමිනමද කොටින් විසින් සිත්පිත් නැති අයුරින් ඝාතනය කර තිබිණි. වාලච්ෙච්න හා පෙරියපිල්ලුමලේ ආදී විහාරස්‌ථාන රැසක වැඩවාසය කරමින් මඩකලපුවෙහි බෞද්ධ උරුමයට නායකත්වය දුන් භික්‌ෂූන් වහන්සේලා පන්නා දමමින් එම විහාරස්‌ථාන ද විනාශ කර දමන්නට වූහ.

මේ අයුරින් මඩකලපුව සිංහල ජනයාගෙන් තොරවෙද්දී 98 වසරේදී අම්පිටියේ සුමනරතන හිමි මඩකලපුව මංගලාරාමයට වැඩම කරද්දී එම විහාරස්‌ථානය එකම සුන්බුන් ගොඩක්‌ම විය. පන්සල ආසන්නයේ කාමරයක නැවතී සැප වෙනුවට දුකම වළඳමින් දානය වෙනුවට කුසගින්දර කුසෙහි පුරෝගෙන සෙමින් සෙමින් විහාරස්‌ථානය ගොඩනගන්නට වූහ.

මම මංගලාරාම විහාරස්‌ථානයට ආවයින් පසුව කොටි ත්‍රස්‌තයන් දිගින් දිගටම කරදර කළා. මට විහාරස්‌ථානය අත්හැරලා යන්න කීවා. වෙඩි උණ්‌ඩ හිසට උඩින් යද්දි මම යාන්තම් දිවි බේරාගත්තා. මාව වාකරේ එල්. ටී. ටී. ඊ. කාර්යාලයට රැගෙන ගිහින් රඳවාගෙන දස වධ දුන්නා. මට පන්සල අත්හැරලා යන්න කියා දිගින් දිගටම තර්ජනය කළා. තුනුරුවන්ගේ බලෙන් මට බේරෙන්න හැකි වුණා. කොටින්ගේ වෙඩි උණ්‌ඩයට බිලිවූ රණවිරුවෝ මගේ අත් දෙකේ අවසන් හුස්‌ම හෙළුEහ. වෙඩි වැදිලා ලේ පෙරි පෙරී හිටිය අපේ රණවිරු දරුවෝ මම දැතින් ඔසවගෙන ඉස්‌පිරිතාලෙට අරගෙන ගොස්‌ ඇතැම් අවස්‌ථාවල බේරාගත්තා. ඒකේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඒ ජීවිතවලට වන්දි ගෙවන්න විවිධ දුක්‌ගැහැට හා තර්ජන බාධක මැද මම තවමත් මඩකලපුව මංගලාරාමයේ වැඩවසනවා. මම කිසිම රාජ්‍ය නොවන ආයතනයක ඉත්තෙක්‌ නොවෙයි. දේශපාලනය බලය ගන්න අදහසක්‌ නැහැ. නමුත් අපිට අවශ්‍ය මඩකලපුවේ සිටින සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනයා සමගියෙන් සහයෝගයෙන් ජීවත් වීමටයි. අපට ඕනවෙලා

තියෙන්නේ ගම්බිම් අත්හැරලා ගිය මඩකලපුව සියලු ජනතාව නැවත මඩකලපුවට ගෙන්වා ඔවුන්ගේ ඉඩකඩම් යළි ඔවුන්ටම ලබා දෙන්න. අද නැවතත් තමන්ගේ පැරණි ගම්බිම් සොයා එන සිංහල ජනතාව දැඩි කරදරවලට මුහුණ පානවා. රාජ්‍ය ආයතනකට ගියාට කිසිම නිලධාරියෙක්‌ ඔවුන්ව ගණන් ගන්නේ නැහැ. ඔවුන්ගේ කාර්ය කරලා දෙන්නේ නැහැ. දේශපාලන අධිකාරිය මඩකලපුවේ සිංහල ජනතාව ගැන කිසිම තැකීමක්‌ කරන්නේ නැහැ. අද ඔවුන් උපන් බිමේම පිට දේසක්‌කාරයෝ වෙලයි තියෙන්නේ. ප්‍රශ්න ගොඩකට මැදි වෙලයි අද මඩකලපුව සිංහල ජනතාව ජීවත් වෙන්නේ. කෙවිලියගමුවේ ජනතාවට අද උපන් බිම්වල පදිංචි වෙන්න දෙන්නේ නැහැ. සින්නවත්ත ජනතාවටත් ගැටලු. සිප්පිමඩුව ජනතාවටත් ගැටලු තියෙනවා. කෙවිලියාමඩුව අයත් පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට, නමුත් අනවසරව පදිංචි උනා කියලා පවුල් 19 කට වව්නතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නඩු දැම්මා. මංගලගම අයිති චෙංකලඩිවයේ, තමුන් නඩු දැම්මේ වව්නතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. අපි අහන්නේ මඩකලපුව සිංහල ජනතාවට විතරක්‌ තියෙන මේ නීතිය මොකක්‌ද කියලා. අපි මේ ගැන සාකච්ඡා කරන්න ජනාධිපතිතුමාගෙන් අවස්‌ථාවක්‌ ඉල්ලුවා. නමුත් එයට අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ. යනුවෙන් මඩකලපුව සිංහල උරුමය රකින්නට තනිව සටනක්‌ කරමින් මඩකලපුව සිංහල ජනතාවගේ එකම ගැලවුම්කරුවා වූ මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති පූජ්‍ය අංපිටියේ සුමනරතන හිමි පැවැසීය.

සුමනරතන හිමියන්ගේ එම ප්‍රකාශයත් සමගින් අපි මඩකලපුවේ වත්මන් සිංහල ජනතාව පිළිබඳ තොරතුරු සොයන්නට වෙහෙසුණි. මේ වනවිටත් වසර ගණනක්‌ ත්‍රස්‌තවාදීන්ගෙන් බැටකෑ මඩකලපුව සිංහල ජනතාව නැවතත් තමන් උපන් ගම්බිම් කරා සෙමින් ඇදෙමින් සිටිති. නමුත් අද ඔවුනට සටන් කරන්නට වී තිබෙන්නේ “රාජ්‍ය ත්‍රස්‌තවාදය”Êසමගය. මේ වනවිටත් අතීතයේ සිංහල පවුල් 22000 ක්‌ සිටි මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ මේ වන විට මංගලගම පවුල් 375, කෙවිලියාමඩුව පවුල් 65, කොස්‌ගොල්ල පවුල් 15, සින්නවත්තේ පවුල් 45 සහ සිප්පිමඩුවේ පවුල් 35 ක්‌ පමණි. ඊට අමතර ගෝනගල ඇතුළු ප්‍රදේශවලින්ද මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට තවත් පවුල් රැසක්‌ අයත් වේ. ඒ අනුව මේ වනවිට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පවුල් 750 කට ආසන්න ප්‍රමාණයක්‌ උපන් බිමේ අසරණ වී සිටිති.

කෙවිලියාමඩුව ගම්මානයේ හිටි අය 91 අවුරුද්දේ ගම අත්හැරලා කොටින්ට බයේ යන්නට ගියා. නෑදැ ගෙවල්වලට ගොස්‌ ඔවුන්ගේ ඉඩම්වල තාවකාලිකව නිවාස හදාගෙන පදිංචි වී සිටියා. යුද්ධය ඉවර උනායින් පසුව අපිට නැවතත් හිටපු තැන්වලටම යන්න කියලා ඒ අය කීවා. ඒක නිසා අපි නැවතත් පුංචි ගෙවල් හදාගෙන පවුල් 35 ක්‌ කෙවිලියාමඩුවට 2009 වසරේ ආවා. නමුත් එදා පටන් අපි අන්ත අසරණ වෙලා. ඉස්‌සර අපි වගා කරලා තිබ්බ ගස්‌ කොළන් මොනවත් නැහැ. ඔක්‌කොම ඩෝසර් කරලා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට නඩු දැම්මා කලවංචිකුඩි උසාවිය අනවසරයෙන් පදිංචිව ඉන්නවා කියලා. අපිව හාමුදුරුවෝ කලවංචිකුඩි උසාවියට එක්‌කරන් ගිහින් අපිට උදව් කළා. උසාවි යන්න සල්ලි නැහැ. නීතිඥ මහත්තුරුන්ට දෙන්නත් සල්ලි නැහැ. එදාවේල කුලියක්‌ කරලා අමාරුවෙන් ජීවත් වන අපි කොහොමද උසාවි යන්නේ. රජයේ නිලධාරීන් කියනවා ඔයාලා අනවසරයෙන් ඉන්නේ. ඒක නිසා මොනවත්ම දෙන්නේ නැහැ කියලා. අපිට මොනවත් රජයෙන් ලැබෙන්නේ නැහැ. යනුවෙන් කෙවිලියාමඩුවේ පදිංචි එච්. පී. ධම්මිකා කුමාරි මහත්මිය පැවසුවාය.

කෙවිලියාමඩුව පදිංචි ජී. ටී. සිරිල් (68) මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය.

1978 මම කෙවිලියාමඩුවේ පදිංචිවෙලා හිටියේ. ඒ කාලේ තණබිමක පදිංචි වෙලා ඉන්නවා කියලා මාව උසාවි අරන් ගිහින් මාස 05 දවස්‌ 10 ක්‌ රිමාන්ඩ් කළා. පස්‌සේ උසාවියට අදාළ සිතියම ගේන්න කියලා බලද්දි තණබිමකට වෙන් කරලා නැහැ. ඊට පස්‌සෙ මාව නිදහස්‌ කරලා මට අක්‌කර 02 කට බලපත්‍රයක්‌ ලබා දුන්නා. අපි ගියේ පණ බේරගන්න. අලින්ගෙන් කරදර මැද වතුර ටිකක්‌ විදුලිය ටිකක්‌ නැතිව අපි මෙතෙන්ට දුක්‌ විඳගෙන හරි ජීවත් වෙන්න එන්නේ අපිට ඉන්න වෙන තැනක්‌ නැති නිසා. අපිට ජීවත් වෙන්න තැනක්‌ තියෙනවා නම් අපි මෙතෙන්ට ඇවිල්ලා නිලධාරීන්ගෙන් දොස්‌ අහන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ අපේ අයිතිය. යනුවෙන් ජී. ටී. සිරිල් මහතා අදහස්‌ දක්‌වමින් පැවැසීය.

අපි ඇවිල්ලා මඩකලපුව ටවුමේ උපවාසයක්‌ කළා. එතකොට කරුණා අම්මාන් හෙවත් විනායාගමූර්ති මුරලිදරන් ඇමැතිතුමා ඇවිත් කීවා ඉක්‌මනින් පදිංචිය දෙන්නම් ඉන්න තැනින් පදිංචිය අත්හැරලා එන්න කීවා. අපි හිටපු තැනින් ග්‍රාමසේවා මහත්තයට කියලා පදිංචිය අත්හැරලා ආවා. අපි ග්‍රාමසේවක මහත්තයත්, ප්‍රාදේශීය ලේකම්තුමිය සහ මඩකලපුව දිසාපතිතුමත් මුණගැසුණා. නමුත් තවම අපිව ලියාපදිංචි කළේ නැහැ. අපි අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නේ කියලා අපිව ලියාපදිංචි කරන්න බැහැ කීවා. අපිට දැන් මෙතනට ආවට පස්‌සේ ඡන්දය දාන්න බැරි උනා. සමෘද්ධි දීමනාව තබා භූමිතෙල් කාඩ් එකක්‌වත් නැහැ. රජයේ රැකියාවක්‌ කරන කව්රුත්ම නැහැ. ගෙවල් හදාගන්න රජයෙන් ආධාර නැහැ. ළමයෙක්‌ පිට පාසලකට දාගන්න


නිදොස්‌ කොට නිදහස්‌ කළ ‘අහිංසක’පදුමන්

$
0
0

පදුමන් නිදහස්‌ කර ඇත්තේය. නිදොස්‌ කොට නිදහස්‌ කර ඇත්තේය. ඒ අවුරුදු දෙකක නඩු විභාගයකින් අනතුරුවය. පදුමන්ට එරෙහිව ඔහුගේ පාපොච්චාරණය හැරෙන්නට ඔහුට එරෙහි වූ වෙනත් සාක්‌ෂි නොමැති බව සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ආර්. අමල් රණරාජා විසින් පදුමන් නිදොස්‌ කොට නිදහස්‌ කළේය.


නිදොස්‌ කොට නිදහස්‌ කරන ලද  නිදහස්‌ පදුමන් මාධ්‍යවේදීන් උසාවිය ඉදිරිපිට බලා සිටිද්දී උසාවියේ වෙනත් දොරකින් පිටව යන්නට ගොස්‌ තිබුණේය. එබැවින් මේ චිත්තාකර්ෂණීය ප්‍රවෘත්තිය බරක්‌ සහිතව වාර්තා කරන්නට තිබූ ස්‌වර්ණමය අවස්‌ථාව මාධ්‍යයට අහිමි වී ගියේය.

මිනිස්‌සු ඕනෑ තරම් නිදොස්‌ වී නිදහස්‌ වෙති. එහෙත් පදුමන්ගේ නිදොස්‌ වී නිදහස්‌ වීම තුළ කතාවක්‌ තිබේ. පදුමන් හිරේ ගියේ අල්ලපු වත්තේ මඤ්ඤොක්‌කා හොරකම් කරන්නට ගොස්‌ නොවේ. බරපතල මිනීමැරුම් හා නින්දාසහගත ත්‍රස්‌තවාදී ක්‍රියා සැලසුම් කිරීම මෙහෙයවීම නිසාය. කාලයක්‌ ත්‍රී කුණාමලය සල්ලං කරගෙන හිටි ත්‍රස්‌තවාදී නායකයා පදුමන්ය. එදා ඔහු කොටි සංවිධානයේ නැගෙනහිර, කරුණාට පමණක්‌ දෙවෙනි වන කර්නල් පදුමන්ය. ශිව සුබ්‍රමනියම් වර්ධනාදන් හෙවත් පදුමන් ත්‍රී කුණාමලයේ සන්නද්ධ නායකයා ලෙසත් එවකට නැගෙනහිර විශේෂ නායක කරුණා ගේ දෙවැනියා ලෙසත් කිළිනොච්චියෙන් පත්කර එවන්නේ වර්ෂ 2002 දීය.

පදුමන් ගැන බුද්ධි අංශ කී කතා

සන්නද්ධ බුද්ධි අංශ වාර්තාවලට අනුව අසූව දශකයේ මැද භාගයේ සිට නැගෙනහිර සිදුවන ප්‍රධාන සන්නද්ධ මෙහෙයුම් සිදුවන්නේ පදුමන්ගේ සහභාගිත්වය සහිතවය. නැතහොත් ඔහුගේ සැලසුමක්‌ අනුවය. කොටින්ගේ ප්‍රධානම සන්නද්ධ මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ වන පේරාරු බේස්‌ සෑහෙන කලක්‌ පැවතුනේ පදුමන් යටතේය.

බුද්ධි අංශ එවකට වාර්තා කළ අන්දමට 1985.04.1 දින කුච්ච්වේලි පොලිසියට එල්ල කළ ප්‍රහාරයට පදුමන් සම්බන්ධය. එහිදී නාවික හමුදා භටයෝ නවදෙනෙක්‌ මිය ගියහ. 1986 දී කුච්චවේලිවල මුස්‌ලිම් ජාතිකයන් 57 දෙනෙක්‌ පැහැරගෙන ගොස්‌ මරා දැම්මේය. එම ඝාතනයටත් පදුමන් සම්බන්ධ බව කීවේය. 1989 දී කොටි සාගරපුර ධීවර ගමට පහර දී සිවිල් වැසියන් 28 ක්‌ මරා දැමූහ. ධීවරයින් 35 දෙනෙක්‌ ඝාතනය විය.

එහෙත් ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් පදුමන්ට විරුද්ධව මීට දෙවසරකට පෙර නඩු පවරන්නේ වර්ෂ 2001 වසරේ අවසන් මාස 6 තුළ ත්‍රී කුණාමලය පාලම්පාර් කොටි ක`දවුරේ සිට යුද හමුදා ක`දවුරු වලට ප්‍රහාර එල්ල කිරීම හා සෙබළුන් මරා දැමීම යන චෝදනා යටතේය. බුද්ධි වාර්තා එදා කී ආකාරයට 2001 දී මොරවැව ආරක්‌ෂක ක`දවුරට පහර දී එහි සිටි සෙබළුන් පස්‌ දෙනාම ඝාතනය කර ක`දවුර සමතලා කරන්නේ පදුමන් ගේ කණ්‌ඩායමකි. පහළ තෝපුර් යුද හමුදා ක`දවුරට පහර දී එහි සෙබළුන් සමූල ඝාතනය කරන්නේ පදුමන්ගේ කණ්‌ඩායමකි. ත්‍රී කුණාමලය, තොප්පිගල, කිතුල්උතුව, අංගොඩවිල්ලූව, තිරියාය, තඹලගමුව හා පාලම් පටාර් ප්‍රදේශ වල ජන ඝාතන කරමින් ආරක්‌ෂක නිලධාරීන් මරමින් භීෂණය වැපිරවූ ත්‍රස්‌තවාදී නායකයා පදුමන්ය. එහෙව් පදුමන් සාක්‌ෂි නැති නිසා දැන් නිදොස්‌කොට නිදහස්‌ වී තිබේ. එනම් බුද්ධි අංශවල සාක්‌ෂි පෙළගැස්‌වීම අශාස්‌ත්‍රීය අවිද්‍යාත්මක එකක්‌ වී තිබේ. කෙසේ වෙතත් දැන් පදුමන් නිදහස්‌ය. නිදහස්‌ පදුමන් ගේ අතීතය මෙසේය.

පදුමන්ගේ අතීතය

පදුමන් ඉපදෙන්නේ 1968 අවුරුද්දේ දෙදසැම්බර් මස 23 වැනිදාය. සාමාන්‍ය පෙළ දක්‌වා ත්‍රී කුණාමලය කෝනේෂ්වරම් හින්දු විµdලයෙන් ඉගෙන ගත්තේය. සාමාන්‍ය පෙළ සමත් වූ පසු වර්ෂ 1980 දී ශාන්ත ජෝන් කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක්‌ හැදැරුවේය. එම පාඨමාලාව හදාරා තිබුණේ මාස 4ක්‌ පමණි. සන්තෝසම් මාස්‌ටර් නැමැති කොටි නායකයාගේ මෙහෙයවීමෙන් හෙතෙම 1983 දී කොටි සංවිධානයට බැ`දුනේය.

පදුමන්ගේ තාත්තා වී. සුබ්‍රමනියම්ය. අම්මා සුබ්‍රමනියම් ගෞරීය. ඔවුන් පදිංචිව සිටියේ ත්‍රී කුණාමලය පාසල් පාරෙ අංක 20 දරන නිවසේය. ඔහුට සහෝදරයන් දෙදෙනෙකි. එක්‌ සහෝදරියකි. සෝයුරෝ මේ වනවිට රටෙහි නොවෙති. සෝයුරිය ගුරුවරියකි. පදුමන්ගේ තාත්තා නාවික හමුදාවේ සිවිල් සේවකයෙක්‌ වී සිටියේය. ඒ වනවිට ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ජාතිවාදී දේශපාලන රැල්ලට පදුමන් හසුවී සිටියේය. 1976 ජාතිවාදී කලබලයක්‌ ත්‍රිකුණාමලයේදී ඇති වුනේය. චෙල්වනායගම් ගේ අළු රැගත් පෙරහරක්‌ ත්‍රී කුණාමලය ශිවම් කෝවිල අසලට ගමන් කරමින් සිටියදී එල්ලවන ප්‍රහාරයක්‌ නිසා මේ ගැටුම ඇවිලී ගියේය. පදුමන් එල්.ටී.ටී.ඊ යට බැෙ`දන්නේ මේ පරිසරයේදීය.

පදුමන් ඇතුලු කණ්‌ඩායම අවි පුහුණුව ලබන්නේ ඉන්දියාවේදීය. ඉන්දියානු හමුදාව යටතේය. මේ කණ්‌ඩායමේ කරුණා අම්මාන්, සුසෙයි, රෙජී, අයින්කරන්, සුරේන්ද්‍රන් වැනි පසුකාලීන කොටි නායකයෝ උන්හ. මේ පුහුණුව අවසානයේ ඔහුට අංකයක්‌ ලැබෙන්නේය. ඒ අංකය අංක 1ය. ශිවසුබ්‍රමනියම් වර්ධනාදන් , පදුමන් බවට පත්වන්නේ එදාය.

පදුමන් ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌ නායකයා වන්නේ 1987 දීය. ඒ පත්වීම ලැබෙන්නේ පදුමන්ගේ ගුරුවරයා වන සන්තෝෂම් මාස්‌ටර් ඉන්දීය සාම හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් මිය ගිය පසුවය. 1990 දී ප්‍රභාකරන් විසින් යාපනයට කැ`දවන පදුමන් නැවත නැගෙනහිරට එන්නේ 2001 වසරේදීය.

පදුමන් එල්.ටී.ටී.ඊ යේ සිටි මරණයට බිය නැති යුද සෙබළෙක්‌ බව කියෑවිණි. එල්.ටී.ටී.ඊ යේ බොහෝ ප්‍රහාර දියත් කළේ නැගෙනහිර සන්නද්ධ කොටි සෙබළුන්ය. ඒ සටන්වලදී හෙතෙම සටන් බිමේ සිටි බවත් කියෑවිණි. මේ නිර්භීතකම හා කැපවීම ප්‍රභාකරන්ගේ විශේෂ ඇගැයීමට හේතු වූයේය. මෙහෙයුම් කරන අතරම හෙතෙම අවුරුදු 11 ක්‌ ප්‍රභාකාරන්ගේ කාර්ය මණ්‌ඩලයේ සේවය කළේය. යුද්ධ කාලයේදීම විවාහ වුණේය. දරුවන් තිදෙනෙකුගේ පියෙක්‌ වූයේය.

පදුමන් හැමදාම සිටියේ කරුණාට හිතවත්වය. මේ වකවානුවේ එල්.ටී.ටී.ඊ ය දෙදරා යැමේ ලකුණු පහළ වූයේය. නැගෙනහිර කොටි නායකයෝ මුලතිව් නායකත්වයට එරෙහිව විරෝධය ප්‍රකාශ කළහ. 2004.03.03 දින වනවිට මේ තත්ත්වය තීරණාත්මකව වර්ධනය විනි. මේ තත්ත්වය විමසීම ස`දහා පොට්‌ටුඅම්මාන් හා තමිල් සෙල්වම් වන්නියේ සිට නැගෙනහිරට පැමිණියහ. එහිදී කරුණා සහ පදුමන් සිය විරෝධය Rජුවම ප්‍රභාකරන් වෙත දන්වා යෑවුවේය.

මේ වනවිට පදුමන්ගේ දරුවන් හා බිරි`ද සිටියේ කිළිනොච්චියේය. මොවුන් කිළිනොච්චියේ එල්.ටී.ටී.ඊ භාරයට ගනු ලැබිණි. එවකට ප්‍රභාකරන් රටේ නොනිල බලවතාය. ඔහුගේ උපදෙස්‌ පිට කරුණා හා පදුමන් කිළිනොච්චියේ විශේෂ සාකච්ඡාවක්‌ ස`දහා කැ`දවනු ලැබිණි. ඔවුන් වන්නියට රැගෙන යැමට එවා තිබුණේ ගුවන් හමුදා හෙළිකොප්ටරයකි. දරුවන් නිසා මේ හෙළිකොප්ටරයට නගින්නට පදුමන්ට සිදුවුණේය. කරුණා එදා ඒ ගමන ගියේ නැත.

කිලිනොච්චියට යන පදුමන්ට එරෙහිව විනය පරීක්‌ෂණයක්‌ තැබෙන්නේය. එම විනය පරීක්‌ෂණය ප්‍රකාරව තම සංවිධානයට ෙද්‍රdaහි වීම නිසා හේ වරදකරු වන්නේය. එහෙත් ප්‍රභාකරන්ගේ විශේෂ ඇල්ම නිසා හේ නොමැරී බේරෙන්නේය.

අවසන් මහා යුද්ධයෙන් අනතුරුව පදුමන් කිලිනොච්චියේ සිටි සිවිල් වැසියන් හා මුහුවන්නේය. මුහුව හමුදා පාලන ප්‍රදේශයට පැමිණෙන්නේය. මේ පැමිණිම ගැන කරුණාටත් සැල වන්නේය. ඒ හැ`දුනුම්කම් සමගම පදුමන් හමුදාවට භාර වී සිය අනන්‍යතාවය හෙළිකර පාපොච්චාරණයක්‌ ද කරන්නේය. එම පාපොච්චාරණයේදී 1985 අප්‍රේල් කුච්චවේලි ප්‍රහාරය, ඒ අවට සිදුකළ බිහිසුණු පහරදීම් වල ස්‌වරූපය, උප්පුවේලි පොලිසියට පහර දී පොලිස්‌ භටයන් 15 මරා දැමූ අන්දම, 2001 වසරේ සිදුකළ පච්චනූර් පොලිසියට පහරදී 15 දෙනෙක්‌ මරා දැමීම, කල්ලාර් හමුදා ක`දවුරට පහර දීම, පන්කුලම ගුවන් හමුදා ක`දවුරට පහර දීම ගැන කියන්නේය.

ත්‍රස්‌ත විමර්ශන ඒකකය පදුමන්ට එරෙහිව ත්‍රී කුණාමලය අධිකරණයේ නඩුවක්‌ ගොනු කරන්නේ මේ පාපොච්චරණය ලබා ගැනීමෙන් අනතුරුවය. පුරා අවුරුදු දෙකක්‌ මහාධිකරණ විනිසුරුවරු තුන්දෙනෙක්‌ විසින් විභාග කරනු ලැබුවේ මේ නඩුවය. දැන් නඩුව හමාරය. පදුමන් සියලූ වරදින් නිදොස්‌ වී නිදහස්‌ය. පදුමන්ගේ නිදොස්‌ වී නිදහස්‌ වීම දැන් මේ රටේ මිනිස්‌සු පුදුම කරන්නට අසමත්ය. ඒ අනුව අපි පදුමන්ට දොස්‌ තබා ඇත්තේ බොරුවටය. පදුමන් වරදකාරයෙක්‌ කර ඇත්තේත් බොරුවටය. එක අතකට කුමාරන් පද්මනාදන්ට නැති නඩු, කරුණා අම්මාන්ට නැති නඩු පදුමන්ට පමණක්‌ තිබීමේ අර්ථයක්‌ නැත.

මඩුවලිගයක්‌ රැගෙන තලාගත යුත්තේ මිනිස්‌සු ගැන වැරදියට හිතනා අපටය.


ප්‍රභාගේ අවතාරය පදුමන් දැන් නිදහස්‌!

$
0
0


කොටි ඝාතකයන් තිදෙනාගේ
කල්ලිය රමේෂ්, පදුමන් හා තමිල් සෙල්වම්

* මුතුර්හි සෙනයූර් විදුහලේ ගුරුවරුන්ට අවි පුහුණුව දුන්
ත්‍රිකුණාමල හිටපු කොටි හමුදා නායක පදුමන් නිදහස්‌වේ

* යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි
ජිනීවාහි ජර්මානු තානාපති සුඹාකර් පවසයි

* පවුල් අර්බුදයක්‌ මත ගිනිතබාගත් ඊලම්වාදියාගේ
ඡායාරූපය රැගෙන ජිනිවාහි කොටි පෙල පාලියක්‌

*  උතුරේ හමුදාව යවනවා – විග්නේෂ්වරන්

* ඊලම්වාදී කන්නන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ටැමිල් සීඑන්එන් වෙබ් අඩවි මෙහෙය වන්නා බව පිළිගනී

* 13 පිළිබඳ සංවාදයකදී කොටි අපේ ළමයි යයි හඬ ඇසේ

“අපි ජනතාවගේ වරම ලබා හමුදාව යවනවා – රජය අපිට සහය නොදැක්‌වුවොත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත යනවා – හිටපු විනිසුරු විග්නේෂ්වරන්

උතුරු පළාත් සභා මැතිවරණය ඊයේ පැවැත්වුණි. එම මැතිවරණයට තරග කළ හිටපු විනිසුරු විග්නේශ්වරන් උතුරේ සිටින 13000 ක්‌ භට පිරිස්‌ කොළඹට එවීමේ මෙහෙයුම දියත් කිරීමටසූදානම් වී ඇත. මෙයට වසර කීපයකට පෙර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු වූ කෙ-න්ද්‍රන්ද අපේ සෙබළුන් 10000 ක්‌ පෙට්‌ටි වලින් කොළඹට එවන බවට තර්ජනය කළේ පාර්ලිමේන්තුවේදීයි. එහෙත් 2009 මැයි 19 දා ප්‍රභාකරන් මරුමුවට පත්වීමෙන් පසු ප්‍රභා අවතාරය සිව්වසරකට පසු මතුවී ඇත.

කොළඹ කුරුඳුවත්තේ පදිංචි විග්නේශ්වරන් පළාත් සභා මැතිවරණ සමයේ ප්‍රභාකරන් මිනීමරුවාගේ නිජබිමවූ වැල්වැටිතුරෙයි වෙත පිවිසියේය. ප්‍රභාකරන් ත්‍රස්‌තවාදියෙක්‌ නොවෙයි වීරයෙක්‌· ද්‍රවිඩ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කළ ඔහු ශ්‍රේෂ්ඨ වීරයෙක්‌ යෑයි විග්නේෂ්වරන් වැල්වැඩිතුරේ ජනතාව අමතා කියා සිටියේය.

මේ හිටපු විනිසුරුවරයා ප්‍රභාකරන් මිනීමැරුවාව වීරයෙක්‌ ලෙසට ප්‍රකාශ කරන අවස්‌ථාවේ ප්‍රභාකරන්ට අවි ආයුධ සැපයූ කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් කොළඹ සුපිරි හෝටලයකදී ඔස්‌ටේ්‍රලියානු මාධ්‍යවේදියකු සමඟ සාකච්ඡාවක්‌ පවත්වමින් හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධිව මැරුවේ ප්‍රභාකරන් යෑයි හෙළි කළේය. ඉන්දියාව තමාව මරනු ඇතැයි ප්‍රභා සිතුවා. ඒ නිසා ගාන්ධිව මැරුවා යෑයි ඔහු පළ කළේය.

මේ පසුබිම මැද විග්නේෂ්වරන් වීරයකු යයි හඳුන්වන්නේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, විදේශ ඇමැති සිටි කදිරගාමර්, තිලක්‌ තිරුවෙල්වම්, ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයාව සිටි අමිතර්ලිංගම් සහ ළමුන් කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කළ මෙරට බිහිසුණු ඝාතකයායි.

එසේම විග්නේශ්වරන් මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ කොළඹ දී කොටි සංවිධානය අපරාධකාරී සංවිධානයක්‌ බවට කළ ප්‍රකාශයටද අභියෝග කළේය. ජාත්‍යන්තර අධිකරණයේ හිටපු විනිසුරුවරියක්‌වූ නවි පිල්ලේ තවදුරටත් පැවසුවේ කොටි අපරාධකාරින්ව සැමරීමට ක්‍රියානොකළ යුතු බවයි.

එහෙත් වැල්වැඩිතුරේදි විග්නේශ්වරන් කර ඇත්තේ ප්‍රභාකරන් වීරයකු ලෙස ප්‍රකාශ කර සැමරීමයි.

මේ සතියේ 15 වැනිදා ඔහු යාපනයේ ඉලංකයි තමිල් අරසු කච්චි මුලස්‌ථානයේදී ප්‍රකාශයක්‌ කරමින් පාලක පංතිය තවදුරටත් හිරිහැර කිරීමේ සිදුකළහොත් අවි ආයුධ ගැනීමට අපට සිදුවන බව කියා සිටියේය.

විග්නේෂ්වරන් එතනින් නැවතුනේ නැත.

“සන්නද්ධ අරගලය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ප්‍රදේශවල සිව් වසරක්‌ තිස්‌සේ රැඳී සිටිනවා. අපට හිරිහැර කිරීමට හමුදාව රැදී සිටින බව පැහැදිලියි. හමුදාව යවන ලෙස ඉල්ලා සිටීමේ හිමිකම ජනතාවට තිබෙනවා. හමුදාවට අපේ ජනතාවට අවශ්‍ය නැහැ යෑයි විග්නේෂ්වරන් තවදුරටත් පලකළේය.

විග්නේෂ්වරන් විසින් මිනීමරු ප්‍රභාකරන්ව වීරයකු යයි හැඳින්වූයේ මෙම සැප්තැම්බර් මාසයේ දිනකය. ඔහු වසර නවයකට පෙර ප්‍රභාකරන්ට එරෙහි හමුවක්‌ පුද්ගලික හේතුව මත විභාග කිරීමෙන් වලකින බවද සඳහන් කර තිබිණි.

“අපට උතුරේ මැතිවරණ කටයුතුවල යෙදීමට කොටි ඉඩ දෙන්නේ නැහැ. බාධා කරනවා. ද්‍රවිඩ සන්ධානයේ මැතිවරණ කටයුතු සඳහා ඡන්දදායකයන්ට වාහන වලින් ඡන්ද මධ්‍යස්‌ථානවලට ගෙන ආවේ කොටි යෑයි ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරි අධිකරණය හමුවට පෙත්සමක්‌ ගොනු කරමින් කියා සිටියේය.

එහෙත් එම හමුව විභාග කිරීමෙන් තමා ඉවත්වන බව 2004 සැප්තැම්බර් 2 දා විග්නේෂ්වරන් ප්‍රකාශ කළේය.

පුද්ගලික හේතූන් මත ප්‍රභාකරන්ට එරෙහිව නඩුව විභාග නොකළ විග්නේෂ්වරන් 2012 සැප්තැම්බර් මස කොටි මිනීමැරුවා වීරයකු කළේය.

මේ පසුබිම මැද උතුරේ සිවිල් වැසියන් මෙන් වෙස්‌ වලාගත් කොටි 4000 කට අධික සංඛ්‍යාවක්‌ සිටින බවත් ඔවුන්ගෙන් වැඩිදෙනා ද්‍රවිඩ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට සහය වන බවත් බුද්ධි අංශ වලට වාර්තා විය.

එය තවදුරටත් සනාථ වූයේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය රැගත් පුවත්පතක්‌ බෙදාහැරීමේ නිරතව සිටි ද්‍රවිඩ සන්ධාන ආධාරකරුවන් අටදෙනෙක්‌ කොඩිකාමම් පොලිසිය අත්අඩංගුවට ගැනීමයි. එම සිද්ධිය වාර්තා වීමත් සමඟම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් උතුරෙ ¨ මාධ්‍ය අමතමින් කොටි සංවිධානය තහනම් බවත් ප්‍රභාකරන්ගේ ඡායාරූපය ප්‍රකාශයට පත්කිරීම තහනම් නැතැයි කියයි.

මේ වාතාවරණය යටතේ උතුරු පලාත් සභාවට තරග වැදුනු ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරිට හා ප්ලොට්‌ නායක සී සිද්ධාර්ථන්ට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න ඇතිවිය.

ආනන්ද සංගරීටත්, සිද්ධාර්ථන්ටත් ඡන්දය දීමෙන් වළකින්නැයි යෑයි උතුරේ ජනතාව වෙත පවසනු ලැබීය.

මෙලෙස ආනන්ද සංගරී ද්‍රවිඩ සන්ධානය තුලින්ම කෙනහිලිකම්වලට ලක්‌වෙද්දී ඔහුගේ පුත් කැනඩාවේ සිටින “ගැරි” ජිනිවා නුවරට පැමිණ 24 වැනි මානව හිමිකම් සැසි වාරය ඇමතුවේය. ඔහු සිය දේශනයේදී ත්‍රිකුණාමලයේ කොටි මිනීමරුවා වූ එලිලන්ගේ බිරියවූ ආනන්ති ඇතුළු කොටි ක්‍රියාකාරින් රැගත් ශ්‍රී ලංකාවට එරෙහිව සාක්‍ෂිදීමට සූදානම් බව සඳහන් කළේය.

එසේ වූවත් ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්‌තුවේ සිටි ආන්නද සංගරීට ආරක්‍ෂාව දුන්නේ මෙරට යුද හමුදාව නොවේද? කොළඹ කොටි හිතවාදි ද්‍රවිඩ පුවත්පතක්‌ ආනන්ද සංගරි තවදුරටත් ජීවතුන් අතර තියන්නේ මන්දැයි කොටින්ගෙන් අසද්දි ඔහුගේ දිවි ගලවා ගත්තේ හමුදාවයි.

මේ අතර ජිනීවා මානව හිමිකම් සැසි වාරයට බලපෑම් කිරීම පිණිස 300 කට නොඅඩු කොටි ක්‍රියාකාරීහු පසුගිය සඳුදා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ පෙල පාලියක්‌ පැවැත්වූහ. මෙයට දින කීපයකට පෙර පවුල් ආරවුලක්‌ කියා ගිනි තබාගත් සෙන්තිල්කුමාර් නැමැති ඊලම්වාදියාගේ ඡායාරූපයද ප්‍රදර්ශනය කළ කොටි යුක්‌තිය දිය යුතු යෑයි කියමින් ඝෝෂා කළහ.

මේ පෙලපාලියට ප්‍රංශයේ සිටද කොටි පැමිණ සිටි බව හෙලිවිය.

මෙලෙස ස්‌විස්‌ කොටිජාලය සිය සුපුරුදු කොටි රංගනය දක්‌වන අවස්‌ථාවේ ප්‍රංශයේ ජීවත්වන සරණාගතයකු වූ වී කිරුබාකරන් හෙවත් කිරුබාද එක්‌සත් ජාතීන්ගේ කාර්යාල ඉදිරියට පැමිණ කොටි රූපවාහිනි සේවාවක්‌ අමතා ප්‍රකාශයක්‌ කළේය. මේ අතර මේ සතියේ දිනක ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදියකු යයි හඳුන්වන පාර්ශවයක්‌ ජිනීවා ගුවන් තොටුපලට පැමිණියේය. ඔහුව කැඳවාගෙන යැමට පැමිණ සිටියේ ද්‍රවිඩයෙකි.

මෙරට පැවැත්වූ ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුවට පැමිණි ඊළම්වාදියෙක්‌වූ කන්නන් හෙවත් සෙල්වා පැමිණ සිටි අයුරු අවි පසුගිය සතියේ ආරක්‍ෂක විශේaෂාංගයෙන් (eංජකමිසඩැ) හෙලිකළේය.


කන්නන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැති සමුළුවේදී තමා ටැමිල් සී. එන්. එන්. කොටි වෙබ් අඩවිය මෙහෙයවන්නා බවට තැබූ අත්සන

ටැමිල් සී. එන්. එන්. නමැති කොටි වෙබ් අඩවියේ හිමිකරුවූ සෙල්වා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැති සාමය සහ සහජීවනය නැමැති වටමේස සාකච්ඡාවට සහභාගි වී ඇති අතර ඊට සහභාගි වූ මහාචාර්යවරු ඔහු කවුදැයි දැනසිටියේ නැත.

සෙල්වා තමා ව්‍යාපාරිකයකු යෑයි කියා සිටියා. යාපනයේදී සහජීවන ක්‍රියාමාර්ගය දියත්කිරීමේ කාර්යාල පිහිටුවන බවත් ඔහු පැවසුවා. එහෙත් අපි ඔහුගේ සැබෑ පසුබිම ගැන දැනසිටියේ නැහැ යෑයි එකී වටමේස සාකච්ඡාවට සහභාගිවූවෙක්‌ අපවෙත හෙළිකළේය.

කන්නන් හෙවත් සෙල්වා මෙම සාකච්ඡාවට සහභාගි වූවන්ගේ ලේඛනයේ අංක 1 ට අත්සන් කර තිබුණේ ඒ සේල්වා නමිනි. ඔහු සිය විද්යුත් ලිsපිනය ලෙස තමිල් සීඑන්එන් ජිමේල් යෑයි දන්වා තිබිණි.

ඉන් කන්නන්ගේ වෙස්‌ මුහුණ ගැලවුණි. එහෙත් ඔහු කොටි වෙබ් අඩවියක්‌ අමතමින් තමා කිසිවිටෙක ශ්‍රී ලංකාවට ගියේ නැතැයි පවසා ඇත.

මේ තත්ත්වය මැද ශ්‍රී ලංකා විරෝධි ටැමිල් සී.එන්.එන් වෙබ් අඩවි මෙහෙයවන්නායි මෙරටට ගෙන ආ තැනැත්තාද නිහඩ වී ඇත. කන්නන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෙන ආ පුද්ගලයා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඉදිරියේ හැසිරී ඇත්තේ හමුදාපති දයා රත්නායක සහ මෙහෙයුම් ප්‍රධානී ජගත් ජයසූරියටත් ඉහලින් සිටින්නකු ලෙසිනි.

මෙවන් පසුබිමක්‌ යටතේ කොටි ඩයස්‌පෝරාව පෙරේදා (24) ප්‍රකාශයක්‌ කරමින් උතුරේ ද්‍රවිඩයන් ඊළම බිහිකිරීම සඳහා 2/3 ක ඡන්දයක්‌ ද්‍රවිඩ සන්ධානයට ලබාදෙන බව විශ්වාස යයි කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි සතුරු ක්‍රියාදාමය ජිනීවා මානව හිමිකම් සැසි වාරය තුළ ඉදිරියටත් ක්‍රියාත්මකවේ. ජිනිවානි ජර්මානු තානාපති හැන්ස්‌ ෂූමාකර් පෙරේදා මානව හිමිකම් සැසිවාරය අමතමින් 2009 වන්නි මෙහෙයුමේ අවසාන අදියරේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ අවශ්‍ය යයි කීවේය.

තවමත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ දියත් වී නැත. මානව හිමිකම් රැකදීමත්, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට කටයුතු කළ හැකි යහපත් තත්ත්වයක්‌ උදාවී නැහැ. තත්ත්වය නරක අතට හැරෙනවා යයි ෂුමාකර් තවදුරටත් පළ කළේය.

එසේම 13 වැනි සංශෝධනය අහෝසි නොකළ යුතු බවද ඔහු කියාසිටියේය.

යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකළ යුතු යෑයි පවසන්නේ යුදෙව්වන් ලක්‍ෂ ගණනක්‌ ගෑස්‌ කාමරවල දමා පිලිස්‌සූ ජර්මනිය නියෝජනය කරන තානාපතිවරයායි.

ඉන්පසු ජිනීවාහි ඇමරිකානු තානාපතිනි අයිරින් ඩොනහෝ කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌හි ගබඩාවක පවත්වාගෙන ගිය මුස්‌ලිම් පල්ලියේ සිද්ධිය හා වැලිවේරිය රතු පස්‌වල වෙඩිතැබීමත් මානව හිමි සැසිවාරයට යොමු කළාය.

ඇයද කොළඹ ඩොලර් කාක්‌කන් සහ මාධ්‍ය පාර්ශවයන් වෙනුවෙන් හඩනගමින් ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් තත්ත්වය ගැන කවුන්සලයේ අවධානය යොමුවිය යුතු යෑයි කියා සිටියේය.

මෙයට සමානව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළදීද ශ්‍රී ලංකාව ගැන කතාබහට ලක්‌විය.

එහිදී ස්‌විට්‌සර්ලන්ත තානාපති පෝල් ජෙගර් ශ්‍රී ලංකාවට අදාල එක්‌සත් ජාතීන්ගේ වාර්තාව සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග කෙරේ තම රජය බලාපොරොත්තුවක්‌ තබන බව ප්‍රකාශ කර ඇත.

මේ වාතාවරණය මැද මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේගේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාචික වාර්තාව ඉදිරිපත් කිරීමට ඇත්තේ පැය 48 ක කාලයකි.

ඇගේ වාර්තාව ශ්‍රී ලංකාව වරදකරු යෑයි පූර්ව නිගමනය මත සකස්‌ වී ඇති බව ජිනීවා ආරංචි මාර්ග කියා සිටී.

මෙලෙස නවි පිල්ලේගේ ශ්‍රී ලංකා විරෝධි වාර්තාව පිළිබඳව මෙරට එන්.ජී.ඕ. ජාලය පුනපුනා බලාසිටින අවස්‌ථා 13 වැනි සංශෝධනයට අදාළ සංවාදයක්‌ කොළඹ බණ්‌ඩාරනායක අධ්‍යයන මධ්‍යස්‌ථානයේදී පැවැත්විණි.

මෙම සංවාදයට පැමිණ සිටි කොටි හිතවාදියෙක්‌ වන්නි කොටින්ව හඳුන්වන ලද්දේ අපේ ළමුන් (ධමර ඉදහි) යනුවෙනි.

මේ අතර ත්‍රිකුණාමල කොටි හමුදා නායකයා ලෙස කටයුතු කළ වරදනාදන් සිවසුබ්‍රමනියම් හෙවත් පදුමන් සාක්‍ෂි වල ඇති දුර්වලතාවය නිසා අධිකරණය විසින් නිදහස්‌ කර 2002 ඊනියා සටන් විරාමයෙන් පසු පදුමන් මුතූර්හි සෙනයූර් මධ්‍ය මහා විදුහලේ ගුරුවරුන්ට හමුදා පුහුණුව ලබාදී උත්සවයට සහභාගි වී සහතික පත් ප්‍රදානය කළේය. මේ උත්සවය ඇමතූ පදුමන් කොටින්ගේ ශක්‌තිය වර්ධනය කරන්නේ රජයට සිය බලය පෙන්වා බලතල ලබාගැනීමට බවද කියා සිටියේය.

පදුමන්ට එල්ල වූ චෝදනාව වූයේ 2001 දී පාලම්පුවර්හි හමුදා කඳවුරට පහරදීමයි. මේ කොටියා ගුරුවරුන්ට අවි පුහුණුවදීම ගැන පොලිස්‌ විමර්ශකයන් ක්‍රියානොකළේ මන්ද?


Viewing all 223 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>