Quantcast
Channel: The Eight Man Team
Viewing all 223 articles
Browse latest View live

දැරණියගල ‍පොලිස් ස්ථානාධිපතිගේ හදිසි ස්ථාන මාරුවට එරෙහිව විරෝධතා කල්යයි

$
0
0

දැරණියගල හිටපු ‍පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු මහතාගේ හදිසි ස්ථාන මාරුව පිළිබඳව නගරවාසීන් සහ අවට ගම්වල ජනතාවගේ සහභාගිත්වයෙන් ඊයේ (04 දා) පෙ.ව. 10.00 ට නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිත වූ විරෝධතා උද්ඝෝෂණය අයහපත් කාලගුණික තත්ත්වය මත එය ඉදිරි දිනයකට කල් දැමීමට සංවිධායකයෝ තීරණය කළහ.

නූරි වතු අධිකාරී නිහාල් පෙරේරා මහතාගේ ඝාතනයෙන් පසු දැරණියගල ‍පොලිස් ස්ථානාධිපතිවරයා වෙනත් ස්ථානයකට මාරු කළා. ඔහුගෙන් පසු පැමිණි ප්‍රභාත් දේශබන්දු මහතා රාජකාරී කටයුතු කළ ආකාරය පිළිබඳව ජනතාව තුළ දැඩි ප්‍රසාදයක් ඇති වුණා. ඔහුගේ හදිසි සේවාස්ථාන මාරුව නිසා ජනතාව දැන් බලවත් කනස්සල්ලට පත් වී ඇතැයි විරෝධතාවය කැඳවුම්කරු කේ. ජී. ශාන්ත තිලකරත්න මහතා පැවසීය.



නූරිවත්තේ ජනතාවගෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ නි. ‍පොලිස්පති සමාව ගනී

$
0
0

දැරණියගල නූරි වතුයායට ඊයේ (04 දා) හදිසි රැස්වීමක් සඳහා පැමිණි ‍පොලිස් මූලස්ථානයේ පරිපාලන අංශ භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ගාමිණී නවරත්න මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් සමාව අයැද තිබේ.

ඉදිරියේදී ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බව හෙතෙම මෙහිදී සඳහන් කළේය. මෙම විශේෂ රැස්වීමේදී ජනතාව සහ ‍පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත. එහිදී ජනතාව දැඩි ලෙස ‍පොලිසිය විවේචනය කර ඇති අතර ‍පොලිසිය අපරාධ යට ගැසීමට උත්සාහ ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී ගාමිණී නවරත්න මහතා දැනුවත් කර ඇත.

අවසානයේ ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර උපරිම ලෙස ජනතාවගේ ආරක්ෂාව සලසන බව ගාමිණී නවරත්න මහතා ‍පොරොන්දු වී ඇත. මෙම විශේෂ රැස්වීමට සබරගමුව පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් ජයසිංහ, නියෝජ්‍ය ‍පොලිස්පති මහේෂ් පෙරේරා, සීතාවක කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී, දැරණියගල නව ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.


කොස්ගමත් නුරිවත්තක්

$
0
0

කොස්ගම කඩුගොඩ හා බොරළුගොඩ ප්‍රදේශයේ  දෙවසරක් පමණ තිස්සේ  සිදු වු බව කියන අමානුෂික  පහරදීම් ,දේපළ පැහැරගැනීම්,සොරකම් කිරීම්, නීතී විරෝධි ක්‍රියා ඇතුළු අපචාර ක්‍රියා  සම්බන්ධයෙන් පැමිණිළි ලබා  ගැනීම සදහා  පොලිස් විශේෂ කාර්ය බළකායේ  කඳවුරක් ආරම්භ කැර ඇත.

ප්‍රදේශයේ  පැතිර ගිය භීෂණකාරී තත්ත්වය සම්බන්ධයෙන්  ලත් පැමිණිළි මත  කොස්ගම පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක  අරුණ ශාන්ත හේරත්  මහතා පසුගියදා හදිසියේම ස්ථාන මාරු කැර යැවිමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබිණි.

දැරණියගල නුරි වත්තේ   සිදු වු මැර ක්‍රියාවන්ට සමාන දේ  මෙහිදීද සිදු වී යැයි ගැමියෝ පවසති.

පොලිස් විශේෂ සේවා   බළකායේ  නිලධාරීන් කිහිපදෙනකුගෙන්  යුත් මෙම කඳවුර කොස්ගම සුමේධ විදුහලේ පිහිටා ඇත.

කටුගොඩ ප්‍රදේශයේ   කසිප්පු ජාවාරම්කරුවෙක්ගේ මෙහෙයවීමෙන්  මෙම අපරාධ  කාලයක්  තිස්සේ  සිදුව ඇතැයිද ඒ සදහා  පොලිසියේ සිටි  ඇතැම්  ප්‍රධානීන්ගේද සහාය ලබා ඇතැයිද ඔවුහු  චෝදනා කරති.

ආරක්ෂක අංශයේ  නිලධරයකුගේ පෞද්ගලික මෝටර් රථය  පවා  මෙම කසිප්පු ව්‍යාපාරිකයා විසින්  පරිහරණය කරන ලදැයි ගැමියෝ කියති.

අපරාධකරුවන්ට රැකවරණය හා සහයෝගය ලබා දී  ඇතැයි කියන  ආරක්ෂක අංශ ප්‍රධානියා  බුදුදහම ගැන දේශනා  පැවසු බවද ගැමියෝ පවසති.

මත් උවදුර  සම්බන්ධයෙන්  විරෝධය  පළ කළ  මහා සංඝරත්නයට මෙම දාමරික පිරිස්  ගිනි අවි පෙන්වා තර්ජනය කැර ඇතැයිද කියති.

මේ  ගම්මානයේ තත්ත්වය  පිළිබදව අදහස් දැක් වු  කොස්ගම  මුණ්ඩ්ගල සුමනගිරි  ආරණ්‍ය සේනාධිපති   අසරණ සරණ  මිල්ලෑවේ  මහින්ද නා හිමියෝ මෙසේ කීහ.

‘මම  කොස්ගම ප්‍රදේශයේ සිදු වන නිති විරෝධි ක්‍රියා ගැන මාධ්‍යට කියන්න බය නෑ. වසරක් පාසාම කොස්ගම භක්ති ගිත අවුරුදු  උත්සව  පවත්වනවා. මෙවරද පැවැත්වුණා. ඒවාට ආරක්ෂාව දීම තමයි පොලිසිය කරන්නේ.

ප්‍රභූ නිවෙස්වලට ගොස් රුපියල්  50000 ,25000 බැගින් සල්ලි එකතු කළා. ඒ සල්ලිවලට වුණ දෙයක් නෑ.  කොස්ගම ප්‍රදේශයේ  පුරාවටම මහා පරිමාණ කුඩු  ජාවාරම් තියෙනවා පොලිසියත් ඒ ගැන දන්නවා.

 

දිනක් උදෑසන මම ආරණ්‍යයේ  මිදුල අතුලගාමින් සිටියා. යතුරු පැදියකින් පුද්ගලයකු ආවා .යතුරුපැදිය නතර නොකර හරවා මට මෙහෙම කිව්වා.  ‘නායක හාමුදුරුවනේ  අපේ වැඩවලට අත ගහන්න එපා.කුඩු වික්කට හාමුදුරුවන්ට ඇති කැක්කුම  මොකක්ද? මේකෙන් එකෙක් යැව්වා  වැඩිය දැඟලුවොත් මේකෙන් කන්න තමයි වෙන්නේ’ කියා පිස්තෝලයක්  පෙන්නුවා. අද කොස්ගම තියෙන්නේ මෙවැනි තත්ත්වයක් .’’

එක්තරා පුද්ගලයකු  මුළු ගමම බිය වද්දවාගෙන දෙවසරක් පුරාව කඩුගොඩ දෙහිගහවත්තේ  මහා පරිමාණ  ස්කාගාරයක් පවත්වාගෙන  ගොස්  ඇති අතර ඊට අමතරව  මං  කොල්ලකෑම්  ගෙවල් බිදිම්  ඇතුළු  අපරාධ රැසක්ම   සිදු කැර ඇති බව  ප්‍රදේශවාසිහු   කියති.

ඉකුත් මස 27 වැනිදා  අලුයම  වලාන දුෂණ මර්දන ඒකකය  එම ස්කාගාරය වටලා  ප්‍රධාන සැකකරු ගේ බිරිය අත්අඩංගුවට ගෙන ඇති අතර  ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවද  නුරී වත්ත මෙන්ම ඔහු සිය  අණසක පතුරුවාගෙන ඇතැයි  ගම්වාසීහු කියති.

ඔහුගේ පහර කෑම්වලට ලක් වී  බරපතල තුවාල ලත් කොස්ගම අරපත් ගම  වෙන්දේසි වත්තේ  ඩබ්ලිව් ජී සුනේද්‍ර ඉන්දික (39) මෙසේ කීවේය.

මම කොළඹ ගොස් පැමිණ රාත්‍රී 9 ට පමණ ගේ ඇතුලේ  සිටියේ . කසිප්පු  ගැන ඔත්තු දෙනවා  ඔහු සැකයෙන් හිටියේ තුන්දෙනෙක්  සමග අපේ ගෙදරට ආවා ඔවුන්ගේ අතේ පොලු තිබුණා. මට ඉන්දික ඉන්දික කියලා කථා කළා.ඔවුන් මට පොලු වලින් ගැසුවා.පහරදෙනවාට බයේ මගේ භාර්යාව වෙන ගෙදරකට දිව්වා.ඇය එතැන සිට දුරකථන‍යකින් දැනුම් දී තිබෙනවා. නමුත් පොලිසියේ කිසිම කෙනෙක් ආවේ නෑ.පස්සේ මම රාත්‍රී 10 ට පමණ පොලීසියට ගොස්  රෝහල් ගත වුණා.ඒ නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා.

 බොරළුගොඩ වලව්වත්තේ  ජී බී අමරසේන (62)

බොරළුගොඩ මහ ගෙදර  හෙවත්  වලව්වත්තට අයත්  රැපියල්  ලක්ෂ  දහයක් පමණ හරකුන් වරින් වර සොරු ගත්තා .රොබට් ගුණවර්ධන  මහතාගේ පුත්  විජිත ඥානවර්ධන  මහතාට තමයි  ඒ  හරක්  අයිතිය තිබුණේ.ඔක්කොම හරකුන් 15 ක් විතර නැති වෙලා.නමුත්  ඒ ගැන පොලීසියට ගිහින් පැමිණිළි කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ පැමිළිළි භාර ග්න්නේ නෑ.පොලීසිය කියන්නේ ඒකට ඔයාලා වගකියන්න ඕනෑ. ඒ වගකීම අපට භාර ගන්න බෑ කියලා. ඒ නිසා මම රජයේ ඇමැතිවරයකුට දැනුම් දිමට කටයුතු සැලසුවා. ඒ ඇමැතිගේ ගෝලයකුගේ මාර්ගයෙන්.පසුව පැමිණිල්ල භාර ගත්තා. ඒ හරකුන් ගෙන ගියා කියන සැකකරු සොයාගෙන මම ගියා . නමුත් හොයාගන්න බැරි නිසා මම නැවත පොලීසිට ආවා.ඊට පස්සේ මම  පොලිස් නිලධාරීන්ගෙන් ඇසුවා ඔබතුමාලා මේ හොරුන් ගැන දන්නවා නේද කියලා ඔවුන් කීවේ ඔව් අපි දැනගෙන හිටියා යන්නයි. ඔවුන් කලින් මේ හොරුන් ගැන දැනගෙන ඉඳලා තියෙනවා .පසුව මම හරකුත් එපා සල්ලිත් එපා කියලා පොලිසියෙන් ආවා.’

කොස්ගම  සාලාව කැඩුම් බිදුම් වෛද්‍යාචාර්ය  ආර් ඒ ඩී  අනුර කාන්ත මහතා

මම පාරම්පරික කැඩුම් බිදුම් වෙදකම කරන්නේ. පසුගිය  මාර්තු  හත් වැනිදා  බේත් සාප්පුව වහලා එ රාත්‍රි 8 30 ට පමණ  මගේම ත්‍රිරෝද  රියෙන්   එමින් සිටියා ඒ වේලාවේ තුන්දෙනකු පාරට පැන ත්‍රිරෝද  රථයට ගමන් කිරිමට නොහැකි අයුරින්  මාර්ගය  අවහිර කළා.ඔවුන් මා එළියට ඇදලා ඇස් දෙක රෙදි පටියකින් බැන්දා. පස්සේ  අත් දෙක පිටුපස්සට බැද පිටුපස ආසනයට  දමා ගත්තා.පිරිසක් මා අල්ලාගෙන සිටියා. ඔවුන් ත්‍රිරෝද රථය පන ගන්වාගෙන  ගියා.අතේ තිබුණු මුදු , බ්‍රේස්ලට් එක   හා ජංගම දුරකථනය පැහැර ගත්තා.  පසුව රබර් කැලයකට ගිහින් දැම්මා අමාරුවෙන් පණ බේරා ගත්තා.පුව කොස්ගම පොලිසියට පැමිණි කළත් මෙතෙක් කිසිදු විසදුමක් නෑ.

කොස්ගම සාලාවත්ත මුත්තුමාරි කෝවිලේ සභාපති බී චන්ද්‍ර කුමාර (37)

මේ ප්‍රදේශයේ  ජනතාවගේ පුජනීයත්වයට පත් වුණ  කෝවිල තමයි මේක,හින්දු බැතිමතුන්ගේ  ආධාර එකතු කරලා  මුදලින් රුපියල් ලක්ෂයක් වටිනා  තඹ පිත්තල පත්තිණි මෑණියන්ගේ ප්‍රතිමාවත් හොරු අරන් ගියා . පිත්තල පහන් දා හතක් සොරකම් කළා .මෙහේ ඉන්නේ  දෙවියන් පවා සොරකම් කරන පිරිසක් .පාදුක්ක ,ඉංගිරියවත්ත ප්‍රදේශවලත්  සොරකම් රැසක් සිදු වුණා. මේ ගැන පොලීසියට පැමිණිලි කළත් හොද ප්‍රතිචාරයක් නෑ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන  මහතා පැවසුයේ  මෙවැනි දෙයක් ගැන වාර්තා වි නැති බවයි. මේ ගැන සොයා බලන බවද ඔහු කීවේය.


කොස්ගම ‍පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන් මාරු කරයි

$
0
0

කොස්ගම ‍පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සියලුම ‍පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ස්ථාන වෙත මාරු කර යැවීමට රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය ‍පොලිස්පති මහේෂ් පෙරේරා මහතා නියෝග කර ඇත.

ඒ අනුව එහි මුල් අදියර ලෙස පෙරේදා (3දා) දිනයේ ‍පොලිස් පරීක්ෂවරු හා උප ‍පොලිස් පරීක්ෂකවරු 10 දෙනකු කෑගල්ල කොට්ඨාසයට මාරු කර යවා තිබේ.මීට පෙර කොස්ගම ‍පොලිසියේ ස්ථානාධිපතිවරයාද මාරු කර යවා තිබිණි.
කෙසේ වෙතත් මෙලෙස මාරු කර යැවීමට හේතු වී ඇත්තේ එම ප්‍රදේශය රජ කරමින් නීති විරෝධී ක්‍රියා රැසක් සිදු කළ ‘ගොඩයා’ නමැති අයකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව එම ‍පොලිස් ස්ථානය ක්‍රියා කර ඇති ආකාරයත් එසේම ඔවුන්ගෙන් සන්තෝෂම් ලබා ගැනීමත් යන චෝදනා බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ගොඩයාගේ බිරිඳ වන චාන්දනීද කසිප්පු ජාවාරමේ යෙදුණත් කොස්ගම ‍පොලිස් නිලධාරීන් මුනිවත රැක සිටි බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.මේ සම්බන්ධව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ උපදෙස් මත සීතාවක කොට්ඨාසය භාර ‍පොලිස් අධිකාරිවරයා විසින් විශේෂ පරීක්ෂණයක් සිදු කර මෙම පියවර ගත් බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ස්ථාන මාරුවීමෙහි දෙවැනි අදියර ලෙස එම ‍පොලිස් ස්ථානයේ සේවය කරන සැරයන්වරු සහ කොස්තාපල්වරුද අද (05දා) දිනයේ මාරු කිරීමට නියමිතව ඇත.මෙම ‍පොලිස් ස්ථානයේ නිලධාරීන් ගොඩයා නමැති සැකකරු අත්අඩංගුවට ගැනීම වෙනුවට ඔහු සමග මිත්‍රකම් තබා ගනිමින් සන්තෝෂම් ලබාගෙන ඇති බවද පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

ගොඩයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිට ඇති අතර ඇතැම් පැමිණිලි ‍පොතපතට පවා සීමා වී ඇති බව ‍පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.චාන්දනීගේ කසිප්පු ජාවාරම වලාන දූෂණ මර්දන ඒකකය විසින් දෙවතාවක් අත්අඩංගුවට ගත්තත් කිසිදු අවස්ථාවක කොස්ගම ‍පොලිසිය මගින් වටලා නොමැති බව ‍පොලිස් පරීක්ෂණ අනාවරණය කරයි.


හමුදා-පොලිස්‌ හා ද්‍රවිඩ වැසියන් 85ක්‌ කොටි ගාන්ධි ඒකකයෙන් මරා දමලා –අත්අඩංගුවට පත් කොටි කියති

$
0
0

වසර ගණනාවක්‌ තිස්‌සේ කිසිම තොරතුරක්‌ නැති දෙහිවල පොලිසියේ බුද්ධි අංශයේ පොලිස්‌ පරීක්‍ෂක ජයරත්නම් ඇතුළු පොලිස්‌, හමුදා නිලධාරීන් සහ සාමාන්‍ය වැසියන් 85 ක්‌ ඝාතනය කළ බව කියනු ලබන කොටි සාමාජිකයන් සිවුදෙනකු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් පෙරේදා (3 දා) අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස්‌ පරීක්‍ෂක ජයරත්න මහතා අතුරුදන් වූයේ 2000 වසරේදීය.

එවකට කිලිනොච්චියේ පවත්වාගෙන ගිය ගාන්ධි නමින් හැඳින්වෙන කොටි ඒකකයේ සාමාජිකයන් විසින් කොටි සංවිධානයට ෙද්‍රdaහි වූවන් ලෙස සැලකූ පොලිස්‌, හමුදා සහ ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් 80 කට වැඩි පිරිසක්‌ කිලිනොච්චියේ ඇල්µd 2-5 යන කඳවුරුවල විලංගු දමා රඳවා ගෙන සිටි බව පොලිස්‌ විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙම ක්‍රියාවට විරුද්ධ වූ ජයරත්නම් මහතා මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කළ බවද “අපිව මරපල්ලා…. නැතිනම් නිදහස්‌ කරපල්ලා” කියමින් කෑගැසූ නිසා එම පිරිස වරින් වර ඔඩ්ඩුසුඩ්ඩාන් කැලෑවට රැගෙන ගොස්‌ වෙඩි තබා එහිම දර සෑයකට මළ සිරුර දමා පිළිස්‌සූ බවද මෙම කොටි සැකකරුවෝ පවසති.

වව්නියා පොලිසියේ ඉබ්බ්‍රාහිම් ලකී නමැති හමුදා කපිතාන්වරයකු ද මෙසේ මරා දමා ඇති බව කොටි සැකකරුවන් විසින් හෙළිකර තිබේ.

මෙසේ මරාදැමූ 80 දෙනාගේ මිනී අළු මුලතිව් මුහුදට දමා තිබේ.

මෙම සියලු දෙනාම මෙසේ ඝාතනය කර ඇත්තේ 2006 වසරේදීය.

මෙම ගාන්ධි ඒකකයේ කොටි සිවුදෙනා මන්නාරම, යාපනය, කිළිනොච්චිය ඇතුළු පළාත්වල සාමාන්‍ය වැසියන් ලෙස ජීවත් වෙමින් සිටියදී පොලිසියට කොටුවී ඇත.

ගාන්ධි ඒකකයේ කොටි නායකයා අතුරුදන් වී සිටින බව ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය කියයි.


ගාන්ධි ඒකකයේ ඝාතන හමුදාව පිට පැටවීමට තැත් කරලා

$
0
0

කොටි සංවිධානයේ ගාන්ධි ඒකකය මගින් සිදුකළ ඝාතන රැසක්‌ රජය මගින් කළ බව හැඟවීමට ක්‍රියා කළේ යෑයි පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් එක්‌ අයකු පවසා ඇත.

මෙසේ විවිධ ජාතිකයන් ඝාතනය කිරීමේදී දේශීය මෙන්ම ජාත්‍යන්තරවද බොහෝ දෙනකු රජයට දොස්‌ තැබූ බව පැවසූ මෙම කොටි සාමාජිකයා කොටි සංවිධානයේ මෙම උපක්‍රමය බොහෝ දුරට සනාථ වූ බවද පැවසීය.


මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන –ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයි

$
0
0

ලක්‌ෂාර් ඊ ටොයිබා නමැති මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවාගෙන ඇති බව ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇත.

මෙම සංවිධානය යාපනයේ කඳවුරු පිහිටුවා ඒ හරහා ඉන්දියාවට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

මොවුන්ගේ කඳවුරු තූත්තුකුඩියේ හා රාමේෂ්වරන් හි පිහිටු වීමටද සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය බුද්ධි අංශ වාර්තා උපුටා දක්‌වමින් ප්‍රකාශ කර ඇත.

2008 නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ මුම්බායි නුවරට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කළේද මෙම සංවිධානය විසිනි.


මාලක-අත කොටා සහ අගවිනිසුරුවරිය

$
0
0

‘ආචාර්ය මර්වින් සිල්වාගේ පුතා වන මාලක සිල්වාට මහ දවල් පහරදීලා’ ප්‍රවෘත්තියක්
‘මගේ පුතාට ගහපු එවුන්ගෙන් මම පළි ගන්නවා. ඒකට මට පොලිසිය ඕනෑ නෑ’
‘දැරණියගල නූරිගම දැන් වසර 7ක් තිස්සේ චම්පිකගේ මැර බලයට යට වෙලා’ ප්‍රවෘත්තියක්
‘දෝෂාභියෝගයට ලක්කළ අගවිනිසුරුවරියට විරුද්ධ අල්ලස් චෝදනා’ ප්‍රවෘත්තියක්

මාලකට ගහන්න තරම් ශක්තියක් ඇති පුද්ගලයෙක් ලංකාවේ ඉන්නවා කියා අපි සිහිනෙන්වත් හිතුවේ නැහැ. දැන් බලනකොට මාලකට ගහන්න තරම් ශක්තිය තිබෙන අයත් මේ ලංකා පොළොවේ ඉන්නවා. දේශපාලන විචාරකයන් කියන විදියට නම් මාලකට ගහන්න පුළුවන් අය ඉන්නේ ‍ෙදාගොල්ලකි. ඉන් එක් පාර්ශ්වයක් නම් පාතාල ලෝකයයි. ඔය කුඩු ජාවාරම් ගනුදෙනුවක් වරද්දා ගත්තා නම් මාලකට නෙවෙයි, දෙවියන්ටත් ගහන්න පුළුවන් කට්ටියක් තමයි ඔය පාතාල ලෝකය. එහි සැකයක් නැහැ. හේතුව ඔවුන් පසු විපාක ගැන සලකන ජනතා කොට්ඨාසයක් නෙවෙයි. එහෙත් මාලකට පහර දුන් අය ඇවිත් තිබෙනවා යැයි පැවැසෙන්නේ ඩිෆෙන්ඩර් වර්ගයේ වාහනයකින්. අනෙක ඔවුන් ඇවිත් තිබෙන්නේ මාලකව මරන්නවත්, තුවාල කරන්නවත් නෙවෙයි. ඔවුන් පැමිණ තිබෙන්නේ මාලකට ගහලා ඔහුට ලැජ්ජා කරන්න විතරයි. අපිට තිබෙන ලොකුම ප්‍රහේලිකාව එයයි. මාලකට මෙහෙම ගහලා ගියේ ඇයි? ඉතින් මේ වැඩේ පාතාල ලෝකයේ මාලකගේ සගයෝ නොකළා නම් කරන්න පුළුවන් වන්නේ වෙනත් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට පමණයි. ඒ තමයි මර්වින්ට සහ ඔහුගේ නායකයාට පණිවුඩයක් දෙන්න අවශ්‍ය කණ්ඩායමක් කළ දෙයක් විදියටයි.

නූරි ගමේ වග
නූරිගම කියන්නේ දැරණියගල ප්‍රදේශයේ ස්වභාවධර්මයෙන්ම බොහොම ලස්සන ගම් ප්‍රදේශයක්. නූරි වත්තේ නිපදවන ඉස්තරම්ම තේ අදටත් ලෝක ප්‍රසිද්ධ තේ වර්ගයක්. මෑතකදී එම නූරිවත්තේ වතු අධිකාරිවරයා එම ප්‍රදේශයේ මැර පිරිසක් විසින් මරා දැමුවා. නිකම්ම නිකම් මැර පිරිසක් පමණක් නෙවෙයි. මහ දවල් විශාල පිරිසක් බලාගෙන සිටින වෙලාවේම, පහරදී පිහියෙන් ඇන තුවාල සිදුකොට ජීප් රථයකට දමාගෙන නගරයේ ජනතාවට පෙන්වමින් රැගෙන ගියා. එපමණක් ද ඒ ගෙනැවිත් බංගලාවට දැම්මා ඔහුව රෝහලට ගෙනයන්න පළාතේ කිසිම වාහනයක් ඉදිරිපත් වුණේ නැහැ.

 මේ සිදුවීමෙන් පසු හෙළි වූ දේවල් තමයි දැන් වසර 7ක් තිස්සේ මේ මැර කණ්ඩායම මෙසේ මුළු ගමම බියගන්වාගෙන ගමේ ජනතාවගෙන් කොල්ලකා කාන්තාවන් දූෂණය කොට ගෙවල් ගිනි තබා මුළු නූරි ගම්මානයම භීෂණයෙන් පෙළා දැම්මා. මෙහෙම කෙළේ කවුද? ප්‍රාදේශීය සභා සභාපති චම්පික හෙවත් අත කොටා. ඔහුට විරුද්ධව කිසිම පැමිණිල්ලක් පොලිසිය භාර ගත්තේ නැහැ. අත කොටාට සහාය දුන්නේ කවුද? සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්! මේ විදියට අත කොටාට පොලිසියෙන් බලු ගැතිකම් කෙළේ මහ ඇමැතිට බය නිසයි. මීට අවුරුදු 7කට පෙර ලියන ලද පෙත්සමක් උඩ ජනාධිපති, අගමැති, ආරක්‍ෂක ඇමැති කාර්යාලවලින් දුන් උපදේශ පොලිසිය නොසලකා හැරියා. පොලිසියට අත කොටාගෙන් තෑගි ලැබුණා. මහ ඇමැතිගේ බලයට යටත් වුණා. අන්තිමේදී වතු අධිකාරිවරයාගේ මරණය සිදුවන තෙක් පොලිසිය බකන් නිලාගෙන හිටියා.

හිටපු අගවිනිසුරුවරියට විරුද්ධව අල්ලස් නඩු
අපේ රටේ සාමාන්‍යයෙන් අල්ලස් නඩු දමන්නේ ආණ්ඩුවේ පියන් කෙනකු පොලිස් රාලහාමි කෙනකු වගේ කෙනකුට විරුද්ධවයි. එසේ නැතිව ඔය රටේ ප්‍රභූවරුන්ට විරුද්ධව අල්ලස් නඩු දමන්නේ නැහැ. හේතුව ප්‍රභූවරු අල්ලස් කියා දෙයක් ගන්නේ නැති නිසයි. ඔවුන් ගන්නේ ප්‍රතිශත පමණයි. අල්ලස් කොමිසම විසින් ඒවා අල්ලස් යැයි කියා සලකන්නේ නැහැ. එම ප්‍රතිශත, අපේ ප්‍රභූවරුන්ට දෙන ප්‍රසාද දීමනා වගේ දෙයක් විතරයි!! ඉතින් ඔය ඔහොම ප්‍රතිශත ගත් විට ඒවා තමන්ට අයිති ධනයක් කියා ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන්නේ නැහැ. හේතුව ඒවා ප්‍රතිශත නිසයි. දැන් බලන්න අපේ දේශපාලන නායකයෝ. ඔවුන්ට කොතරම් ඔය ප්‍රතිශත ලැබෙනවාද? ඒකනේ ඔය, එහේ එක ගෙයක් තිබෙනවා. මෙහේ තව ගෙයක් තිබෙනවා. ස්විට්සර්ලන්තයේ ගිණුම් තිබෙනවා.

ඛ්චරථචද දිවයිනේ තව ගිණුම් තිබෙනවා. ඉතින් ඕවා ප්‍රතිශත පමණයි. දැන් අර අගවිනිසුරුවරිය ගිණුම් ප්‍රකාශයට පත් නොකළ නිසා ඇයගේ ගිණුම් ගැන අල්ලස් කොමිසම ඇයට විරුද්ධව නඩු දමනවා. හැබැයි එසේ නඩු දමන්නේ ආණ්ඩුවට විරුද්ධව එක් නඩු තීන්දුවක් දුන් නිසයි. එසේ නොමැතිව ආණ්ඩුව කියන දේවල් කළා නම් ඔය නඩු වැටෙන්නේ නැහැ. එසේ නම් ඔය ගිණුම් ප්‍රකාශයට පත් නොකළ සියලු දේශපාලනඥයන්ට විරුද්ධව නඩු දාන්නැයි කියා නීතිඥ සංගමය කීවේ ඒ නිසයි. දේශපාලනඥයෝ කවුරුත් තම වත්කම් හෙළි කෙළේ නැහැ නොවැ. එහෙත් නීතිඥ සංගමයට අමතක වුණු දෙයක් වන්නේ ඔය විදියට දේශපාලකයන් පමණක් හෙළි නොකරන්නේ ඔවුන්වත් ඔවුන්ගේ වත්කම් ගැන දන්නේ නැති නිසයි. කොහොම කියලා අදහසක් ගන්නද ලෝකෙ වටේ තිබෙන තමන්ගේ වත්කම් ගැන!!

මාලක, අත කොටා සහ අගවිනිසුරුවරිය
දැන් බලන විට මේ සියලු පුවත් එකට එක සම්බන්ධයි වගේ. මාලකට ගහන්න සිදුවූයේ මර්වින්ට පාඩමක් උගන්වන්නයි. එසේ ආචාර්ය මර්වින්ට පාඩමක් උගන්වන්න වුණේ ඔහු සෑම අවස්ථාවේම මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන් ජනතාව ඉදිරියට යන නිසයි. ආචාර්ය මර්වින් සිල්වා ළඟදී ඔය බොදු බල සේනාවට ඒ විදියට බොහොම විරුද්ධව කතා කළ කෙනෙක්. ඒ සමඟම පළාත් සභාවලට පොලිස් බලතල ලබා දීම ගැන මහින්ද රාජපක්ෂ යම් අරමුණක ඉන්නවාද, ආචාර්ය මර්වින් ද එම අරමුණේම සිටී. ඒ නිසා ආණ්ඩුවේ යම් බලවත් කණ්ඩායමක් 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට විරුද්ධව සිටිනවා නම් ඔවුන් ආචාර්ය මර්වින් සමඟද විරුද්ධයි. එපමණද මාලකට පහරදීම පළමුවැනි පියවර පමණයි. තව තවත් දේ එළියට පෙනෙයි. නූරි ගමේ අත කොටාට ඔය විදියට දේශපාලන බලය නොතිබුණා නම් දැනටමත් ගම්වැසියන් විසින්ම මරා දමා අවසානයි.

 එහෙත් සිදුවුණේ කුමක්ද? මහ ඇමැති බලයට යටත් වූ කෑගල්ලේ පොලිස් අධිකාරිවරයාගේ සහ අත කොටාගේ තෑගිවලට යට වූ දැරණියගල පොලිසිය අත කොටාට තම දාමරික කාර්ය කර ගෙන යෑමට ඉඩ දුන්නා. දැන් අපි ඇසිය යුතු ප්‍රශ්නය මෙයයි. සබරගමුව පළාත් සභාවට පොලිස් බලතල දුන්නා නම්, මහ ඇමැතිට ඇති බය නිසා නූරි වත්තේ වැනි සිදුවීම් සබරගමු පළාත් සභාවේ කොයිතරම් ඇති වෙයිද? සබරගමු පළාත් සභාවෙන් සබරගමු පළාතට සෙතක් ඇති වී තිබේද? පොලිසිය සෑම විටම පළාත් සභාවට අයත් වුණත් නැති වුණත් පළාත් සභා දේශපාලනඥයන්ටත් ජාතික දේශපාලනඥයන්ටත් යට වී ඉන්නේ. යථාර්ථය එයයි. අද අවශ්‍යතාව පොලිස් බලය පළාත් සභාවලට දීමද එසේත් නැතිනම් නිදහස් පොලිස් කොමිසමක් ඇතිකිරීමද කියන එක අප ඇසිය යුතු ප්‍රශ්නයයි.

 එසේම පළාත් සභාවලට පොලිස් බලතල දුන්නත් නැතත් සිද්ධවෙන තව ඇත. වන්නේ, රටේ නීතිය තම දේශපාලන වාසියට හරවාගෙන ක්‍රියා කරන මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා කෙසේ නම් යුක්තියෙන් නීතිය හරියට ක්‍රියා කිරීමක් සිදුවෙයිද? අග විනිසුරුවරියටත් විරුද්ධව පාලකයෝ මෙසේ ක්‍රියා කරත් නම්, නූරි ගමේ වසන අහිංසක ගනේෂ්ලාට, වඩිවේල් ශාන්තිලාට පොලිසියෙන් නීතියෙන් කිනම් පිහිටක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?



Deraniyagala Where people only know the meaning of fear

$
0
0

Police Spokesman SP Siriwardane says Police and STF providing adequate security

The tension that has gripped the Basnagala village, 10 kilometres off Deraniyagala town for the past 15 years, is far from over, though 21 people have been taken into custody for the recent killing of the Manager of Noori estate Nihal Perera.

On Thursday, the sister of the main suspect, Anil Champika alias ‘Atha Kota’ , a former UPFA Pradeshiya Sabha Chairman who unleashed terror in the area had returned to the Noori estate to pluck tea leaves by force in a part of the estate–a practice they reportedly indulged in for many years. This was in spite of the presence of the Special Task Force (STF) who have been deployed to give security to the villagers.

Estate staff had informed Deraniyagala Chief inspector Prabath Deshbandua of this new development and the woman was arrested.
But hours later she was released on police bail after a politician in the area had intervened.Later in the night the Officer in Charge of the police station received transfer orders and was posted to Padiyathalawa. He served only for 19 days in the station after the entire staff of the Deraniyagala Police station were transferred for failing to inquire into complaints by villagers about atrocities allegedly committed by ‘Atha Kota’ and his henchmen.

Ironically the developments came hours after the family members of the former estate manager and the senior management of the Noori estate met with US Embassy officials. The management and family members had told the US officials that they were satisfied with the ongoing investigations and that a new OIC was in charge,

The Noori estate is managed by an American company – Walters Bay, one of the biggest tea suppliers to the US market.Villagers however claim they continue to be threatened by family members of the suspects who are in remand custody.

Meanwhile, B. H. Siripala, a retired employee has come out strongly against “Atha Kota” and his gang, encouraging villagers to lodge their complaints about atrocities committed by the gang before and after the murder of Mr. Perera . “I was in the town last Wednesday when ‘Atha Kota’s sister-in-law threatened me, saying she would kill me if I continued my campaign,” Mr. Siripala said.“We fear for our safety. In spite of the presence of the police and the STF villagers are being threatened openly. People have even been assaulted,” he said.“A woman from the area was beaten up by a group of people during the daytime last Wednesday for refusing to allow her house to be used as a place to produce and sell illicit liquor. It was ‘Atha Kota’s’ sister –in-law who had made the demand, he said. The sudden transfer of new OIC has also disturbed the villagers, Mr. Siripala said.

After the murder of Mr. Perera, 21 suspects including ‘Atha Kota’s nephew was produced in the Awissawella Magistrate courts and nine of them were identified as suspects.

“Illicit liquor and drugs have been the family business of Anil Champika and poor villagers were forced to buy “kasippu’ and “marijuana” from them. If they disobeyed they were stripped and assaulted,” K.V Padmakumara, a cultivator from Deraniyagala area told.

He said Anil Champika and his gang continuously harassed his family, burned down his house and assaulted him and his elder son with the support of the police for taking a stand against them. He said the police have failed to arrest the ‘big guns’ in Anil Champika’s gang and his family and other villagers are still being harassed.

He said he was harassed by Atha Kota and his goons over a dispute regarding a 50-acre property that once belonged to his brother, K.V. Ramyasiri and worth more than Rs. 60 million.

“While he (Atha Kota) was the Pradeshiya Sabha chairman, he had asked my brother to pay Rs. 500,000 to approve a street line connection for his land. My brother lodged a complaint at the Commission to Investigate Allegation of Bribery or Corruption (CIABC) and got him arrested. Now, he has sworn to kill my brother, his family and me,” Mr. Padmakumara said.

‘Atha Kota’ would always use the name of Chief minister Mahipala Herath to show he had political clout.

Mr. Padmakumara said Anil Champika lost his nomination for the post as Deraniyagala Pradeshiya Sabha due to a petition sent by him and his brother regarding his ineligibility to the position. He added that due to the dispute he had to sell off the Rs. 60 million worth property for Rs. 10 million.

Both brothers criticised police inaction in the face of mounting complaints from the people. They said even Kegalle police headquarters was unable to take action due to the Chief Minister’s influence.

U. L. Chandrasena, a manager at a private tea factory, told the that the police have still failed to gain the trust of the people because of their continuing ties with ‘Atha Kota’s gang and their incapability to crack down on the goons still roaming large. “We were even forced to buy fertilizer from him,” he said.

In another incident ‘Atha Kota’ had attempted to rob 350 kilograms of tea leaves in March this year. The owner had contacted a Deputy Inspector General of Police and got a complaint lodged. There is a case pending against him now,” he said. He also accused the former chairman, his nephew and other henchmen for sexually abusing young girls between the ages of 14 – 16 and later getting them married off to older men, as compensation.

Sabaragamuwa Province Senior Deputy Inspector of Police Lalith Jayasinghe declined to comment on the current security situation in Deraniyagala. Meanwhile, Police Spokesman SP Siriwardane said the Police and STF are providing adequate security of the people and that necessary measures are being taken against the violators of the law.

He said a separate unit has been set up to receive complaints about previous incidents involving Atha Kota and his terror gang.


නූරි පාතාලයෙන් සිදුවූ හිරිහැර පිළිබඳ පැමිණිලි නි. ‍පොලිස්පති පෞද්ගලිකව ලබාගනී

$
0
0

දැරණියගල නූරි වතුයායේ අතකොටා ඇතුළු පාතාල කල්ලියෙන් ජනතාවට සිදුවූ හිරිහැර පිළිබඳ පැමිණිලි රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය ‍පොලිස්පති මහේෂ් පෙරේරා මහතා විසින් පෞද්ගලිකව ලබා ගැනීම ආරම්භ කර තිබේ.

එයට හේතුවී ඇත්තේ පරීක්ෂණ මේ වන විට මන්දගාමී වී තිබිම බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමත් සමග විශාල වශයෙන් පැමිණිලි ලැබෙන්නට පටන්ගෙන ඇති බව සඳහන් වේ.

දැනට ලැබෙන පැමිණිලි බොහොමයක් එම සිද්ධීන් සිදුවූ කාලයේ ‍පොලිස් ‍පොත්වල පවා සටහන් වී නොමැති ඒවා බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ලැබි ඇති පැමිණිලි විභාග කිරීම සඳහා විශේෂ කණ්ඩායම් පත්කර ඇති අතර ඇතැම් පැමිණිලි කඩිනමින් විසඳීමට නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා අදාළ අංශ වෙත නියෝග කොට තිබේ.


කොස්ගමත් නූරිවත්තක් වීමට පෙර

$
0
0

කොස්ගම ‍පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සියලුම ‍පොලිස් නිලධාරින් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ‍පොලිස් ස්ථාන වෙත මාරු කොට යැවීමට රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය ‍පොලිස්පති මහේෂ් පෙරේරා මහතා නියෝග කර තිබේ.

එකම ‍පොලිස් කොට්ඨාසයේ සියල්ලන් මාරු කරමින් සීතාවක කොට්ඨාසයේ මෑතකදී සිදු කළ දෙවැනි ‍පොලිස් ස්ථාන මාරුව ලෙස මෙම සිද්ධිය හැඳින්විය හැකිය. දැරණියගල අත කොටාගේ පාතාලයට උඩගෙඩි දුන්නා යැයි චෝදනා මත දැරණියගල ‍පොලිසියේ සියලුම නිලධාරින් මාරු කොට යැවීය. එම ස්ථාන මාරුව ලබා දී සති කිහිපයක් ගත වීමටත් පෙර කොස්ගම ‍පොලිසියේත්, ස්ථානාධිපති ඇතුළු සියලුම නිලධාරින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කොට යැවීය.

සීතාවක ‍පොලිස් කොට්ඨාසයේ ‍පොලිස් වසම් දෙකක ජනතාව මේතාක් කල් සිට ඇත්තේ ‍පොලිස් දෙපාර්තමේන්තුවටද සාප කරමිනි.
තමන්ට සිදුවන හිරිහැරයක් කීමට ඇත්තේ ගමේ ‍පොලිසියටය. ඒත් අතකොටාගේ පාතාල ක්‍රියාකාරකම් හමුවේ හා කොස්ගම ගොඩයාගේ නීති විරෝධී ක්‍රියාකාරකම් හමුවේ ප්‍රදේශයේ මුළුමහත් ජනතාව මේතාක් කල් පීඩා වින්දෝය. ඒ දැරණියගල ‍පොලිසිය අතකොටා ඇතුළු ගෝලබාලයන් ආරක්ෂා කිරීමත්, කොස්ගම ‍පොලිසිය කොස්ගම ගොඩායා ඇතුළු ගෝලබාලයන් ආරක්ෂා කිරීමත් නිසාය.

දැරණියගල නූරිවත්තේ භීෂණයේ උණුසුම අවසන් වීමටත් පෙර කොස්ගම ප්‍රදේශයෙන්ද එවැනි භීෂණයක් ගැන තොරතුරු මතු විය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා අපි කොස්ගම ‍පොලිසියට වේවා කියන්න ගියේ නෑ මහත්තයෝ. ඒකයි අපි මාධ්‍යයේ පිහිට පැතුවේ.

රිවිර දුරකථනයට ඇමතුමක් ලබාදුන් කොස්ගම ප්‍රදේශවාසියෙක් එසේ හඬ අවදි කළේය.
ගොඩයා නමැති ප්‍රාදේශීය චණ්ඩියකු නිසා ගමට වී ඇති ව්‍යසනයක් ගැන ඒ ගැමියා හුස්මක් නොගෙන කියාගෙන ගියේ ය. ඒ ඔහුගේ ආවේගය පාලනය කර ගැනීමට නොහැකි නිසාය.
මේ නිසා කහවත්තේදීත්, දැරණියගලත් ජනතාව වෙනුවෙන් පෙනී සිටි රිවිර අපි කොස්ගම ප්‍රදේශය පිළිබඳවද සෝදිසියක යෙදුනෙමු.
කොස්ගම ගොඩයා නිසා ඇති වී තිබෙන භීෂණය පිළිබඳ මාධ්‍යවලින් අනාවරණය වීමත් සමග මේ පිළිබඳ ‍පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ මූලිකත්වය මත පරීක්ෂණයක් ආරම්භ කෙරුණි.

මේ සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග ගොඩයා මහා පරිමාණ ලෙස කොස්ගම, දෙහිගාවත්ත කන්දෙහි පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරණ ස්ථානයක් සොයා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය ඉකුත් 26 වැනිදා පිටත්ව ගියේ ය.
ඒ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය මත එහි ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීම මත එහි විශේෂ වැටලීම් කණ්ඩායමක්ය.

27 වැනිදා අලුයම් කාලය වන විට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කොස්ගමට ළඟා වී තිබූ අතර ලද තොරතුරු අනුව එහි නිලධාරීහු වහා ක්‍රියාත්මක වී දෙහිගාවත්ත කන්ද වැටලූහ.
කොස්ගම ‍පොලිසියේ ආශිර්වාදය මත මෙම රූස්ස ගස් ඇති මහා කන්දෙහි පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරම පානදුරෙන් ගිය වලාන දූෂණ මර්දන නිලධාරින් වටලන විට ගොඩයාගේ බිරිඳ වූ රූපසිංහ ආරච්චිලාගේ දෝන සජානි නමැත්තිය නීති විරෝධී මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට ගැනුණි.

මෙම වැටලීම සිදුවන අවස්ථාව වන විටත් කොස්ගම ප්‍රදේශයම බියගැන්වූ “ගොඩයා” ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණි.
එසේම කොස්ගම ජනතාව කොස්ගම ‍පොලිසියට කිවූ ඒත් එම ‍පොලිසියේ ‍පොත්වලින් මැකී යන පැමිණිලි මාධ්‍යයෙන් අනාවරණය වීමත් සමග සීතාවක කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි අනුරුද්ධ රූපසිංහ මහතාගේ අධීක්ෂණය මත කොස්ගම ‍පොලිසිය සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹීය.
මෙම විමර්ශන අනුව අගෝස්තු මස පළමුවැනි දින සිට වහාම ක්‍රියාත්මකවන පරිදි කොස්ගම ‍පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එච්. එම්. ඒ. එස්. හේරත් මහතා බදුල්ල කොට්ඨාසයට මාරුකොට යැවීය.

එම ස්ථාන මාරුවට කොස්ගම ජනතාව දැඩි සතුටට පත් වූ අතර අනතුරුව ඕ. අයි.සීගේ කෙරුවාවල්ද හෙළි වෙන්නට විය.
ඉන් නොනැවතුන ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරීහු “ගොඩයා”ව බේරමින් කටයුතු කිරීමට සම්බන්ධ වූ  කොස්ගම ‍පොලිසියම වෙනත් ‍පොලිස් ස්ථානවලට මාරු කිරීමට පියවර ගත්හ.
ඒ අනුව ඉකුත් 03 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි එම ‍පොලිසියෙහි ‍පොලිස් පරීක්ෂක හා උප ‍පොලිස් පරීක්ෂක නිලධාරින් දස දෙනකු කෑගල්ල කොට්ඨාසයට මාරු කොට යවනු ලැබිය.
ඉන් නොනැවතුණු ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරින් විසින් කොස්ගම ‍පොලිසියේ ඉතිරි සැරයන් හා කොස්තාපල්වරුන් පිරිසද ඉකුත් 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාරුකොට යවනු ලැබිය.

එහෙත් ගොඩයාගේ භීෂණය අවසන් යැයි එයින් සෑහීමකට පත් විය නොහැකිය. ‍පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරින් පිරිස එම ‍පොලිසියෙන් ඉවත් කළත් තවම “ගොඩයා” ආගිය අතක් සොයා ගැනීමට සීතාවක ‍පොලිස් කොට්ඨාසයට නොහැකි වී තිබේ.

මිනීමැරුම් චෝදනා, කොල්ලකෑම්, මංකොල්ල, පුද්ගලයන්ට පහරදීම සිදු කළ ගොඩයා සොයා මේ වන විට ‍පොලිස් කණ්ඩායම් හතරක් ක්‍රියාත්මක බව දැනගන්නට ඇත.
අංක 194 ඒ, කඩුගොඩ පාර, කහහේන, වග ලිපිනයෙහි පදිංචි දොරමුණේ අප්පුහාමිලාගේ කුමාර ඉන්ද්‍රජිත් ගොඩමුල්ල නමැති ප්‍රදේශයට හිසරදයක් වූ මේ පුද්ගලයා සොයා ගැනීම දැන් එම කණ්ඩායම්වල අනිවාර්යය වූ වගකීමය.

ගමේ ගොඩේ කරක් ගහමින් සල්ලාල දිවියක් ගෙවන මොහු කොස්ගම ජනතාව අතර ප්‍රසිද්ධව ඇත්තේ ගොඩයා හා ඉන්දරේ යන පටබැඳි නම්වලිනි.
අහිංසක මිනිසුන්ගේ බොහෝ බලා‍පොරොත්තු සුන් කළ මෙම ‘ගොඩයා’ බොහෝ අවස්ථාවල අහිංසක ගම්වැසියන්ගේ දේපළද සොරාගත්තේය.
නූරිවත්තක් වීමට ආසන්නයේ තිබි කොස්ගම මෙපමණකින් බේරා ගැනීම තරමක හෝ සහනයක් බව එම ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

භීෂකයා වහා සොයාගෙන අත්අඩංගුවට ගැනීමේ උත්සාහය සාර්ථක කර ගැනීම දැන් ‍පොලිසියේ වගකීමයි.
‍පොලිස් දෙපාර්තමේන්තුවේ ආදර්ශ පාඨය වන ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි (ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකී) යන පාඨය යථාර්ථයක් වනු ඇත්තේ එවිටය.


කොස්ගම පාතාලයට එස්.ටී.එෆ් බලඇණියක්

$
0
0

කොස්ගම ප්‍රදේශයේ සිදුවූ අපරාධ සහ සැඟවුණු අපරාධ සම්බන්ධව සෙවීම සඳහා  ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ බලඇණියක් එම ප්‍රදේශයේ කඳවුරු බැඳ ස්ථාපිත කර ඇති බව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය ‍පොලිස්පති චන්ද්‍රසිරි රණවන මහතා ‘රිවිර’ට පැවසීය.

කොස්ගම සුමේධ විදුහ‍ලේ මෙම කඳවුර පිහිටා ඇත. ඒ සඳහා ‍පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් පත්කර ඇතැයි රණවන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දැනටමත් සිද්ධීන් ගැන පැමිණිලි කිහිපයක් ලැබි ඇති බවද ‍පොලිසිය සඳහන් කරයි.
කොස්ගම ‍පොලිස් ස්ථානයේ පැමිණිලි විභාග කිරීම සම්බන්ධයෙන් ඇති අඩුපාඩු නිසා නියෝජ්‍ය ‍පොලිස්පති මහේෂ් පෙරේරා මහතාද මේ වන විට පැමිණිලි ලබා ගැනීම ආරම්භ කර තිබේ.

මේ අතර කොස්ගම ‍පොලිස් නිලධාරින් විසින් සිදුකර ඇති වැරැදි ක්‍රියාවන් රැසක් මේ වන විට හෙළිවී තිබේ.
ඇතැම් අවස්ථාවල එම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවන් කසිප්පු රැගෙන ගොස් ඇත්තේ ‍පොලිස් ජිප් රථවලින් බවද මේ වන විට හෙළි වී තිබේ. මේ සම්බන්ධව හිටපු ස්ථානාධිපතිවරයා මුනිවත රැක ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.

‘ගොඩයා’ නමැති පාතාල නායකයා නිසා ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණපෑවත් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ‍පොලිසිය විසින් ගෙන නැති බව ‍පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.


ගොඩයාගේ ජාවාරම් වැටලීමට පිටින් ගිය ‍පොලිස් නිලධාරින්ට කොස්ගම ‍පොලිස් ලොක්කා පාට් දාලා

$
0
0

අමානුෂික ලෙස පුද්ගලයන් ගණනාවකට පහරදී නීති විරෝධී ක්‍රියා රැසක් සිදු කළ කොස්ගම ගොඩයාගේ විවිධ ජාවාරම් වැටලීමට පිටස්තර ‍පොලිස් විශේෂ ඒකක එම ගම්මානයට ගොස් විමර්ශන කිරීමේදී කොස්ගම ‍පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා එම ‍පොලිස් ඒකකවල නිලධාරින්ට බැණවැදෙමින් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට බාධා කොට ඇති බව ‍පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණය වෙයි.

ගොඩයාගේ නිවස පාතාල ක්‍රියාකාරකම්වලට උපයෝගි කොටගෙන ඇති බවට විමර්ශන නිලධාරින් හෙළි කරගෙන ඇත. එම නිවස පරීක්ෂා කිරීමට යාමේදී පිටස්තර ‍පොලිස් කණ්ඩායම්වලට ගොඩයාගේ බිරිඳ වූ සජානි නමැත්තිය කොස්ගම ‍පොලිසියේ බලය පෙන්වමින් බැණ වැදී ඇති බවද වාර්තා වේ.

තමුසෙලා කොහොමද අපේ ගෙදර පරීක්ෂා කරන්නේ? කොස්ගම ‍පොලිසියට මම කතා කරලා කියනවා යනුවෙන් එම ‍පොලිස් නිලධාරින්ගේ රාජකාරිවලට ගොඩයාගේ බිරිඳ බාධා කොට ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ ප්‍රදේශයේ සිට පිටත්ව ගිය විශේෂ විමර්ශන අංශ නිලධාරින් පිරිසක් මීට ඉහතදී කසිප්පු සම්බන්ධව එම ප්‍රදේශයේ පදිංචි චාන්දනී නමැති කාන්තාවක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය කලහකාරී ලෙස හැසිරෙමින් ඇඳ තිබූ ඇඳුම්ද ඉවත් කර හැසිරුණු  බවත් වාර්තා වේ.
පසුව ‍පොලිස් කණ්ඩායම් චාන්දනීව ඇඳ ඇතිරිලිවලින් වසා කොළඹට රැගෙන ගොස් තිබේ.

මේ ආකාරයට එම ප්‍රදේශයේ කාන්තාවන්ද ‍පොලිස් රාජකාරිවලටද බාධා කොට තිබේ.
කොස්ගම ‍පොලිසියෙන් මේ ජාවාරම් සම්බන්ධව හරි හැටි නීතිය ක්‍රියාත්මක නොවුණද 2011-06-12, 2011-06-13, 2013-07-27 යන දිනවල ගොඩයාගේ කසිප්පු ජාවාරම් වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන නඩු දමා ඇති බවද ‍පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ගොඩයාගේ පාතාල ක්‍රියාකාරකම් මාධ්‍යවලින් හෙළි වීමත් සමග කොස්ගම ‍පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක එච්.එම්.එස්. හේරත් මහතා ඇතුළු කොස්ගම ‍පොලිසියේ සියලුම නිලධාරින් මේ වන විට වෙනත් ‍පොලිස් ස්ථාන සඳහා මාරු කොට යවා තිබේ.

ගොඩයා තවමත් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටින බවද ‍පොලිසිය සඳහන් කරයි.
එසේම ගොඩයාගේ පාතාල ක්‍රියාකාරකම් හා සැඟවුණු අපරාධ සෙවීමට මේ වන විට එම ප්‍රදේශයේ ‍පොලිස් විශේෂ කාර්ය බළකා බළඇණියක්ද ස්ථාපනය කොට තිබේ.


කොස්ගම ගොඩයාගේ කල්ලියෙන් ගම්වාසීන්ට මරණ තර්ජන

$
0
0

කොස්ගම ප්‍රදේශයේ ජනතාව බිය කර ගනිමින් ගොඩයා ප්‍රමුඛ කල්ලියේ නීති විරෝධී ක්‍රියා හෙළි කළ එහි ගම්වැසියන්ට ගොඩයාගේ කල්ලියේ පිරිස් මරණීය තර්ජන එල්ල කරමින් සිටින බව ‘රිවිර’ට වාර්තා වේ.

ගොඩයා ප්‍රදේශයෙන් පලා ගොස් සිටියද ඔහුගේ ගෝලබාලයින් වන බෝම්බ රොෂාන්, හේෂාන්, දමිත, කසුන්, සුජාන්, කරුණේ හෙවත් අන්වෙයා ඇතුළු කළුතර හා වාද්දුවෙන් මෙම කල්ලියට සහයෝගය දෙන පිරිස් විසින් දුරකථන ඇමතුම් ඔස්සේ ගම්වාසීන්ට මෙලෙස මරණීය තර්ජන එල්ල කොට තිබේ.

මේ හේතුව නිසා තමන් රාත්‍රී කාලයට නිදිවර්ජිතව බියෙන් කාලය ගත කරන බවද එම ගම්වාසීහු පවසති. මේ හේතු නිසා ඔවුන්ගේ ෙදෙනික කටයුතුද අඩාළ වී ඇති බව ඔවුහු සඳහන් කරති.අපිට දැන් වැඩිපුර ඉන්න වෙලා තියෙන්නේ ගෙදර. කඩයකට පාරට වුණත් යන්නෙත් තුන් හතර දෙනෙක් එක්ක. එස්.ටී.එෆ්. දාලා තියෙන නිසා ටිකක් හරි මෙය අඩුයි යැයිද ගම්වැසියෙක් පවසයි.

ගොඩයා සිරිනිවාස වත්ත නම් වූ දෙමළ ගම්මානයේ ජනතාව දීර්ඝ කාලයක් තම අණසක යටතේ තබාගෙන සිට තිබේ. එහි දෙමළ ජනතාවට බලෙන් කසිප්පු විකිණීමද මොහු සිදුකොට තිබේ. ගොඩයාගේ කසිප්පු නොබොන මිනිස්සුන්ටද ගොඩයා ඇතැම් අවස්ථාවලදී පහරදී ඇති බවද ගම්වාසීහු පවසති.

ගොඩයා හා ඔහුගේ කල්ලියට ආහාරයට ගැනීම සඳහා කුකුළන්, එළුවන් බලහත්කාරයෙන් ලබාගෙන ඇත්තේද එම දෙමළ ගම්මානයෙනි.මේ පිළිබඳ ‘රිවිර’ කළ විමසුමකදී ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා කියා සිටියේ එහි ජනතාවට මෙවැනි සිද්ධීන් සම්බන්ධව කොස්ගම ‍පොලිසියට වහාම පැමිණිලි කරන ලෙසටය.

කොස්ගම ‍පොලිසියේ කලින් සිටි සියලු නිලධාරින් මේ වන විට මාරු කරලා තියෙන්නේ. ඒ නිසා දැන් කොස්ගම ‍පොලිසිය අලුත් ‍පොලිසියක් වෙලා තියෙන්නේ. ඒ නිසා කිසිදු සැකයකින් තොරව එහි ජනතාවට එම ‍පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන් යැයිද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කොස්ගම ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාවට ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ද යොදවා ඇති නිසා ගම්වාසීන්ට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසටද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.එම ගමෙහි ඕනෑම ප්‍රශ්නයක් ගම්වැසියකුට සීතාවක කොට්ඨාසයේ ‍පොලිස් අධිකාරිවරයාට හා සහකාර ‍පොලිස් අධිකාරිවරයාට සෘජුව දැන්විය හැකි බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


ඝාතකයන් වෙනුවෙන් වැලපීම

$
0
0

ඔවුහු එදත් අදත් එකසේ ක්‍රියා කරති. කිසි දිනෙක වෙනස්‌ නොවේ.
- ප්‍රංශ ගත්කරු ඇල්පොන්සෝ කාර්

පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ගේ බිරිය සරලා සහ කොටි එලිලන්ගේ බිරිය ආනන්ති

ආනන්ති සසිතරන් ත්‍රිකුණාමලය කොටි දේශපාලන නායකයාව සිටි සින්නතුරෙයි සසිතරන් හෙවත් එලිලන්ගේ බිරියයි. දැන් ඇය උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ද්‍රවිඩ සන්ධානයෙන් තරග කරයි.

තම සැමියාට ජීවත්වීමට හිමිකමක්‌ ඇති බවත් එක්‌සත් ජාතීන්ගේ ආර්-2 පී ක්‍රමවේදය යටතේ ඔහුට රැකවරණ දිය යුතු බවත් ඇය කියා සිටී. එහෙත් ආනන්ති සසිතරන් යනු කොටි කාන්තාවකි. සිරගත විය යුතු ඇය දැන් ප්‍රභාකරන්ගේ ඝාතන නොදන්නාක්‌ මෙන් ක්‍රියා කරයි.

මේ පසුබිම මැද මේ කොටි කාන්තාවට ප්‍රචාරය දීමට කොටි හිතවාදීහු ක්‍රියා කර ඇත. ආනන්ති තම සැමියා යෑයි පවසන එලිලන් යනු අංක එකේ ඝාතකයෙකි. ත්‍රිකුණාමලයේ අම්බවාලිපුරම් රජයේ ගොවිපළ බලහත්කාරයෙන් අල්ලාගෙන ඔහු කොටි කණ්‌ඩායමක්‌ ස්‌ථානගත කළේය.

සටන් විරාම සමය තුළ ආනන්තිගේ සැමියා වූ එලිලන් ක්‍රියා කළේ ත්‍රිකුණාමලයේ නිල නොවන ආණ්‌ඩුකාරයා මෙනි.

අපේ කටයුතුවලට මැදිහත්වීමට පැමිණියොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණපෑමට හමුදාවට සිදුවන බවට කීප විටක්‌ම තර්ජනය කළේ එලිලන්ය.

කොටි දේශපාලන කාර්යාලය මුවාවෙන් ත්‍රිකුණාමලයේ අම්බවල්ලිපුරම් රජයේ ගොවිපලේ සිට ඔහු ත්‍රස්‌තවාදී ක්‍රියා මෙහෙය වනු ලැබීය.

ත්‍රිකුණාමලයේ නාවික කඳවුරේ මුර යාත්‍රා පිපිරවීම ඇතුළු ත්‍රස්‌ත ක්‍රියාවලට ඔහු සම්බන්ධ යෑයි බුද්ධි අංශවලට වාර්තා වී තිබිණි.

එසේම ඔහුට භාරවී තිබූ තවත් කාර්යයක්‌ නම් ත්‍රිකුණාමලයේ තත්ත්වය විමර්ශනය කිරීමට එන මාධ්‍ය පාර්ශ්ව ගැන විමර්ශනය කිරීමය.

ඔහු ඒ සඳහා රජයේ ඉංගී්‍රසි පුවත්පතක සේවය කළ ද්‍රවිඩ මාධ්‍යවේදියකුගේ සහාය ලබාගත්තේය. පොට්‌ටුඅම්මාන් ශිවශංකර් ත්‍රිකුණාමලයේ වරායේ සහ අවට ප්‍රදේශයේ ආරක්‍ෂක ක්‍රියාදාමයන් ගැන ඔත්තු බැලීමට යොදාගෙන තිබුණේ එලිලන්ගේ දේශපාලන කාර්යාලයයි.

එහෙත් ආනන්ති නමැත්තිය අතීතය අමතක කර ඇත. ඇය දැන් උතුරු පළාත් සභා මැතිවරණයට ගෙනවිත් ඇත්තේ යාපනය කොටි හමුදා නායකව සිටි තීපන්ගේ සමීපතම ඥතියකු වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ය.

ඇය පසුගියදා ඕස්‌ටේ්‍රලියානු ගුවන්විදුලිය අමතා මෙලෙස ප්‍රකාශ කළාය. රජය මගේ සැමියාව සඟවාගෙන සිටිනවා. ඔහුව මුදාහරින්නේ නැත්තේ යුද අපරාධ ගැන හෙළිවන නිසයි.

එහෙත් එලිලාන් යුද අපරාධකරුවෙකි. කොටි සංවිධානයේ ක්‍රියා අනුමත කළ කොටි කාන්තාවක්‌ වූ ආනන්ති ද සිය සැමියාට සහායවීම සම්බන්ධයෙන් වගකිවයුතුවේ.

මෙලෙස ආනන්ති නමැති කොටි කාන්තාව දැන් රජය පවත්වන පළාත් සභා මැතිවරණයට තරග වදින්නේ ඇගේ සිරුරේ තැවරී ඇති “ලේ” සෝදාගෙන නොවේද?

ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දන ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියාව සිටි පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ව කොටි ත්‍රස්‌තයන් ඝාතනය කළ බව මෑතකදී හෙළි විය.

ජෙයරත්නම්ගේ බිරිය සරලා තම සැමියාව මුදාහරින්නැයි කළ ඉල්ලීම ද කොටි දේශපාලන නායකයා වූ තමිල් සෙල්වන් සමච්චල් ලෙස සිනාසී ඉවත දැමූ බව වාර්තා විය.

මේ තත්ත්වය මත ආනන්තිය නීතිය හා යුක්‌තිය ගැන ප්‍රශ්න කරයි. ඇගේ සැමියා නියෝජනය කළ කොටි සංවිධානයෙන් සිරකරුවන්ට යුක්‌තිය ඉටු වූයේද?

ජෙයරත්නම් ඇතුළු අසූවකට අධික පිරිසක්‌ වෙඩි තබා මරා දමා පුළුස්‌සා දැමූ බව අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්‌තයකුගෙන් අනාවරණය විය.

ඇගේ සැමියා ත්‍රිකුණාමලය කොටි දේශපාලන නායකයා ලෙස ක්‍රියා කරද්දී ඇය රජයේ රැකියාවක්‌ ද කළාය.

එහෙත් කොටි සංවිධානයට සම්බන්ධ ආනන්තිය එදා ගෙනගිය ක්‍රියාදාමයත් දැන් ගෙනයන ක්‍රමවේදයත් වෙනස්‌ය. මේ තත්ත්වය මැද මෙම කොටි කාන්තාව පිම්බීමට මෙරට ඇතැම් මාධ්‍ය පාර්ශ්ව ද එක්‌වී සිටී.

මෙයට කලකට පෙර තමිල් සෙල්වන් නමැති මිනීමරුවාව පුම්බවමින් ලිපි ලියූ ද්‍රවිඩ මාධ්‍යවේදිනියක්‌ දැන් එලිලන්ගේ බිරිය ආනන්තිව පිම්බීමට ක්‍රියා කර තිබේ.

වන්නි මෙහෙයුම සමයේ මේ ද්‍රවිඩ මාධ්‍යවේදිනිය ක්‍රියා කළ ආකාරය කෙසේදැයි බුද්ධි අංශ දනී. මෑතකදී නෝර්වේ අරමුදල් ලබන සංසදයක්‌ ඇයට සම්මානයක්‌ ද දුන්නාය. බී.බී.සී. ද්‍රවිඩ සේවාවේ ස්‌වාමිනාදන් නඩරාජන් නමැත්තා ද එලිලන් නමැති කොටි මිනීමරුවා වෙනුවෙන් හඬ නගා තිබේ.

වරක්‌ කරුණාගේ පිරිස්‌ ත්‍රිකුණාමලයේ අම්බවල්ලිපුරම් රජයේ ගොවිපළට ප්‍රහාර එල්ල කිරීමේදී කොටි තිදෙනකු ඝාතනය විය.

මේ ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා එලිලන් පොලිසියට ඉඩ දී නැත. මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා හමුදාව සිදු කළ බවට ඔහු චෝදනා කර තිබිණි.

එවකට හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ක්‍රියා කළ වත්මන් හමුදාපති දයා රත්නායක එලිලන්ගේ මේ චෝදනාව ප්‍රතික්‍ෂේප කළේය.

එහෙත් ආනන්ති සසිතරන් දිවි බේරාගෙන යුක්‌තිය ඉල්ලා සිටී. ඇගේ සැමියා සම්බන්ධව කොටි සංවිධානය අත්අඩංගුවේ සිටින අයට යුක්‌ති ඉටු කළේද?මිනීමරු කොටි සංවිධානයේ කොටි කාන්තාවක්‌ වූ ආනන්ති යුක්‌තිය ඉල්ලීම මුළුමනින්ම විහිළුවක්‌ නොවේද? ඇමරිකානු ප්‍රහාරයකින් ඝාතනය වූ බින් ලාඩන්ගේ බිරියට කිසිදු මාධ්‍යයක්‌ මගින් ප්‍රචාරයක්‌ දුන්නේ නැත. එහෙත් මෙරට ඉහවහාගිය මාධ්‍ය නිදහස යටතේ කොටි ඝාතන සමාගමේ ක්‍රියාකාරිනියක්‌ වූ ආනන්ති නමැත්තිය වෙනුවෙන් මෙරට ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව හඬා වැලපේ.

2009 මැයි 19 දා ඝාතක ප්‍රභාකරන්ගේ විනාශයත් සමග කොටි හිතවාදීහු නිහඬ විය. එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවත් සමගම සැඟවී සිටි කොටි අළු ගසා දමා යළි නැගිට ඇත.

තමිල් සෙල්වන් නමැති ඝාතකයා මරුමුවට පත්වූ අවස්‌ථාවේ හඬාවැලුපුණු ද්‍රවිඩ මාධ්‍යවේදිනියක්‌ දැන් මිනීමරු එලිලාන් ගැන හඬා වැලපේ.

එහෙත් පුළුස්‌සා දමනු ලැබූ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ගේ බිරිය සරලා වෙනුවෙන් හඬා වැලපීමට කිසිවෙක්‌ ඉදිරිපත්වී නැත.

සරලා තම සැමියා සේවය කළ පොලිසියෙන් ද බැට කෑවාය. අද අපේ ගැන කිසිවකුටත් ඇසෙන්නේ නැහැ. ඉන් ඇගේ මානව හිමිකම් උල්ලංඝනය නොවුයේද?

පොලිස්‌පති නලින් ඉලංගකෝන් පොලිසිය තුළ සිටින මහත්මයකු ලෙස ප්‍රසිද්ධය. සරලාගේ ඉල්ලීම පොලිස්‌පතිගේ අවධානයට යොමුවිය යුතුවේ.



හමුදා ඔත්තුකරුවන් කොටින්ට භාර දුන්නේ කොළඹ පාතාල කල්ලි

$
0
0

යුද්ධය පැවැති සමයේදී මෙරට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දුන් කොළඹ අවට පුද්ගලයන් බොහෝ දෙනකු පැහැරගෙන ගොස් එල්.ටී.ටී.ඊ.යට භාරදී ඇත්තේ කොළඹ පාතාල කල්ලි කිහිපයකින් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරනු ලබන පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

එනම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොළඹ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ලබා දුන් බොහොමයක් ඔත්තුකරුවන් පැහැර ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උපදෙස් ලැබි ඇත්තේ කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණු පාතාල කණ්ඩායමකට බවද මෙහිදී හෙළි වී තිබේ.

අදාළ ඔත්තුකරුවන් සුදු පැහැති වෑන් රථවලින් පැහැරගෙන ගොස් හලාවත මුහුදු තීරය ඔස්සේ යාත්‍රා මගින් උතුරු ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.එසේ පැහැරගෙන ගිය බොහෝ දෙනකු පුදුකුඩිඉරිප්පු වල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටා තිබූ ඇල්ෆා 2 සහ ඇල්ෆා 5 යන කඳවුරු තුළ සිරගත කර සිටි බව දැනට ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්ව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් අනාවරණය කර ඇත.

පාතාල කල්ලි කිහිපයක් ඒ දිනවල එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඔත්තුකරුවන් වී සිට ඇති අතර එම කල්ලිවල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.


එල්.ටී.ටී.ඊ. ඉඩම් වංචාවක්‌ හෙළි වෙයි

$
0
0

යාපනය කච්ෙච්රියේ තිබූ ඉඩම් ඔප්පු විශාල සංඛ්‍යාවක්‌ කොටින් විසින් විනාශ කර එකී දේපළ මියගිය කොටි ත්‍රස්‌තයන්ගේ පවුල්වලට ලබාදී ඇතැයි අනාවරණය වෙයි.

විදේශයන්ට ගිය ද්‍රවිඩ ජාතිකයන් රැසකගේ දේපළ කොටින් පවරාගෙන සිටිනවා. පලාලි අසල පදිංචිව සිටින මහා විරු පවුල් නමින් හඳුන්වන කොටි පවුල් සිටින්නේ අනුන්ගේ ඉඩම්වල යෑයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග කියා සිටියේය.

මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මෙරටට පැමිණීමට පෙර උතුරේ ඉඩම් හමුදාව විසින් පැහැරගෙන ඇති බවට ද්‍රවිඩ සන්ධානය සාවද්‍ය ප්‍රචාරයක්‌ ගෙන යමින් තිබේ.

යාපනයේ කොටි නායකයාව සිටි තීපන් නමැත්තා කච්ෙච්රියේ තිබූ ඔප්පු තිරප්පු විනාශ කිරීමට ක්‍රියා කළ බවද දැන් හෙළිවී ඇත.

මේ අතර ඉඩම් අක්‌කර 6381 ක්‌ හමුදාව පැහැරගෙන ඇති බවට ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් කර ඇති ප්‍රකාශය යුද හමුදා බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.


දැරණියගල තවත් පාතාලයක්

$
0
0

දැරණියගල, නූරිවත්ත තේ වතුයාය අයිති ‘වෝල්ටර්ස් බේ’ ඇමෙරිකානු සමාගමට අයත් දැරණියගල මාලිබොඩ වත්තේ තවත් තේ අක්කර දෙසිය පනහක් පාතාල කණ්ඩායමක් විසින් තවමත් බලෙන් අල්ලාගෙන සිටින බව තහවුරු වී ඇත.

මාලිබොඩ වත්ත තේ වතුයාය නූරිවත්තට කිලෝමීටර් කිහිපයක් නුදුරින් පිහිටා ඇති අතර, එය 2008 වසරේ පටන් සම්පත් හා ධම්මික නමැති මහා පරිමාණ කසිප්පු ජවාරම්කරුවන් දෙදෙනා විසින් පාතාල බලය යොදාගෙන අල්ලාගෙන ඇතැයි හෙළි වී තිබේ.
ධම්මික නමැති කසිප්පු ජාවාරම්කරු විසින් මෙම වතුයායේ අක්කර දහයක් අල්ලාගෙන ඇති බවත් වතුයායේ දෙමළ පාස‍ලේ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් කඩා තෙමහල් නිවසක් ඉදිකර ඇති බවත් අනාවරණය විය.

මාලිබොඩවත්ත අක්කර දෙදහසක් පමණ වන අතර එයින් අක්කර දෙසිය පනහක් මෙසේ බලහත්කාරයෙන් අල්ලාගෙන ඇත.
මාලිබොඩවත්තේ පිහිටි දෙමළ විද්‍යාලය 2002 වසරේ දී වැසීගිය පසුව එහි වහල ගලවාගෙන තෙමහල් නිවසක් තැනූ ධම්මික එහි පහල තට්ටුවේ කඩකාමර කුලියට දී ඇත. ධම්මිකගේ සහෝදරයා වන පාලිතත් පාසල් ඉඩමේ දෙමහල් නිවසක් ඉදිකර ඇත.

මාලිබොඩ වත්ත බලහත්කාරයෙන් අල්ලාගත් ධම්මික හා සම්පත්ලගේ කල්ලියට එය විකුණන්නට උදව් දී ඇත්තේ සබරගමුව පළාතේ තවත් ප්‍රබල දේශපාලනඥයෙක් බව හෙළිවී ඇත. ඔහු ද පිය පුතු දේශපාලනයට සම්බන්ධ අයෙකි.
මාලිබොඩ වත්තේ බලෙන් අල්ලාගත් ‘3ජ්’කොටස කොටස්කර විකුණන්නට බලය ලබා දී ඇත්තේ අදාළ දේශපාලනඥයාය. එම දේශපාලනඥයාගේ අත්සන සහිත ලිපි මගින් මෙම තේ වත්ත කොටස් කර ඇතැයි එහි ගිය විමර්ශන කණ්ඩායම් හෙළිකරගෙන තිබේ.

අක්කරය රුපියල් ලක්ෂ තුන බැගින් මෙම කල්ලිය විකුණා ඇති අතර තවමත් ඉඩම් කොටස් විකුණන බවද දැනගන්නට ඇත.
මාලිබොඩ වත්තේ ‘3ජ්’ කොටස භාරව සිටි ක්ෂේත්‍ර නිලධාරියාට පහරදී පලවා හරින්නට ගොස් ඇත්තේ ධම්මික කල්ලියට උදව්දෙන අදාළ දේශපාලනඥයාගේ සම්බන්ධීකරණ ‍ලේකම්ගේ රියැදුරාද සමගින්ය.

මාලිබොඩ වතුයායේ කොටස් හයේම සිටි ක්ෂේත්‍ර නිලධාරින්ට ධම්මිකගේ හා සම්පත්ගේ කල්ලි විසින් පහරදී ඇති බවද අනාවරණය වේ.
මාලිබොඩවත්තේ බලෙන් ඉඩම් ඇල්ලීමට විරුද්ධව ‍පොලිසියට පැමිණිලි කිරීමට හිටපු වතු අධිකාරිවරයා කටයුතු කළ පසුව එයට විරෝධය පා ඇති ධම්මිකගේ කල්ලිය වතු අධිකාරිට මගදී ඇසිඩ් ගසන බවට තර්ජනය කිරීමේ සිද්ධියක් ද වාර්තා වී ඇත. ඉන්පසුව වතු අධිකාරිවරයා එම වතුයායෙන් ඉවත්ව ගොස් තිබේ.
ධම්මික නමැති කසිප්පු ජාවාරම්කරුගේ කල්ලියත් අතකොටාගේ කල්ලිය මෙන් ස්ත්‍රී දූෂණ බලහත්කාරකම් ඇතුළු අපරාධ රැසකටම සම්බන්ධ නමුත් දැරණියගල ‍පොලිසිය ඔවුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කර නොමැති බව තහවුරු වී ඇත.

මාලිබොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් ධම්මිකගේ ඥාතියකු විසින් දූෂණය කළ සිද්ධියක් ගැන දැරණියගල ‍පොලිසියට පැමිණිලි කර ඇතත් එයටද සාධාරණයක් ඉටුවී නොමැති බව ගම්මු පෙන්වාදෙති. ඒ පැමිණිලි පාර්ශ්වයට නොදන්වා නඩු විභාගය සඳහා අවශ්‍ය වාතාවරණයක් ‍පොලිසියේ ඉහළ නිලධාරින් සැකසීම නිසාය.
ධම්මිකගේ කල්ලිය අතින් දූෂණය වූ ඇතැම් තරුණියන් ගමේ සිටීමට ලැජ්ජාව නිසා අරාබි රටවල රැකියාවලට ගොස් මෙරටට නොපැමිණි බවටද ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබි ඇත.

මේ අතර අතකොටාගේ කල්ලිය විසින් නූරිවත්තේ තේ අක්කර දහස් ගණනක් බලෙන් අල්ලා ගෙන තිබූ අතර එය වෝල්ටර්ස් බේ සමාගමේ පාලනයට යළිත් නතුවූයේ ‍පොලිස් විශේෂ කාර්ය බළකාය එහි ආ පසුවය.

මාලිබොඩවත්ත අල්ලාගෙන සිටින පාතාල කල්ලියේ සම්පත්ට අතකොටාගේ කල්ලියේ ගස්කුට්ටා විසින් වරෙක බෝතලයකින් ඇන ඝාතනය කිරීමට උත්සාහ කර තිබිණි. අතකොටා විසින් දැරණියගල ප්‍රාදේශීය ‍ලේකම්වරයාගේ ගෙල කපන්නට යොදා ගත්තේ ගස්කුට්ටා නමැති අපරාධකරුවාය.

අතකොටාගේ කල්ලිය විසින් නූරිවත්තේ තේ අක්කර දහස් ගණනක් බලෙන් අල්ලාගෙන තිබූ අතර එය වෝල්ටර්ස් තේ සමාගමේ පාලනයට යළිත් නතුවූයේ ‍පොලිස් විශේෂ කාර්ය බළකාය එහි ආ පසුවය.

‍පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත ‍පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක නියෝජ්‍ය ‍පොලිස්පති චන්ද්‍රසිරි රණවන මහතා විසින් සහකාර ‍පොලිස් අධිකාරිවරයකු යටතේ දැරණියගලට යැවූ විශේෂ කණ්ඩායමක් මේ වනතුරුත් නූරිවත්තේ රැඳී සිටිති.


කොස්ගම ගොඩයා අල්ලන්න ‍පොලිස් කණ්ඩායම් කිහිපයක්

$
0
0

කොස්ගම ප්‍රදේශයේ සිදුවූ ඇතැම් අපරාධ හිටපු ‍පොලිස් නිලධාරීන් විසින් විමර්ශය නොකිරීම නිසා එම පැමිණිලි සහ ‍පොලිසියට මතෛක් නොපැමිණි පැමිණිලි මේ වනවිට කොස්ගම ‍පොලිසියට ගලා ගෙන එමින් පවතින බව උසස් ‍පොලිස් නිලධාරියෙක් රිවිරට පැවසීය.

කොස්ගම ‍පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයකු යටතේ මේ වන විට මෙම පැමිණිලි පිළිබඳව ක්‍රියාත්මක වන අතර ඊයේ (08දා) වන විට පැමිණිලි 30කට අධික ප්‍රමාණයක් ලැබි ඇති බවද එම උසස් ‍පොලිස් නිලධාරියා සඳහන් කළේය.

නව ‍පොලිස් නිලධාරීන් පිරිසකගෙන් සැදුම් ලත් කොස්ගම ‍පොලිසිය පිළිබඳ මේ වන විට ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරින්ගේ දැඩි අවධානය යොමු වී ඇති නිසා ජනතා පැමිණිලි විමර්ශන වෙමින් පවතින බවද එම උසස් ‍පොලිස් නිලධාරියා පැවසීය.

එසේම කොස්ගම ‍පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ නීති විරෝධී ක්‍රියා මාධ්‍යයෙන් හෙළි වීමත් සමග ඔහු ගමේ විවිධ ස්ථානවලට ගොස් තමන් ගැන හොඳ මාධ්‍යට ප්‍රකාශ කරන ලෙසට ගම් වැසියන්ගෙන් ඉල්ලා සිට ඇති බවද වාර්තා වේ.

ගොඩයාගේ නීති විරෝධී ක්‍රියා හා වෙනත් චෝදනා මුල් කර ගනිමින් මේ වනවිට කොස්ගම ‍පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු ‍පොලිස් නිලධාරීන් වෙනත් ‍පොලිස් ස්ථානවලට මාරු කොට යැවීමට ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරීන් විසින් කටයුතු කරන ලදී.

කොස්ගම ප්‍රදේශයම බිය වැද්දවූ ගොඩයා තවමත් නිදැල්‍ලේ සිටින නිසා තවමත් එහි ජනතාව භීතියෙන් සිටින බවද ගම්වාසීහු පවසති.
ගොඩයා සෙවීම සඳහා සීතාවක කොට්ඨාසයේ විශේෂ ‍පොලිස් කණ්ඩායම් දෙකක් හා අමතර ‍පොලිස් කණ්ඩායම් කිහිපයක්ද මේ වන විට යොදවා ඇති බව සීතාවක කොට්ඨාසයේ උසස් ‍පොලිස් නිලධාරියෙක් පැවසීය.


නාම් තමිලර් නිසා ජනප්‍රිය වෙන මැඩ්‍රාස් කැෆේ

$
0
0

දකුණු ඉන්දියාවේ නාම් තමිලර් කල්ලියට දැන් අලුත් සතුරෙක් සිටී. ඒ ජනප්‍රිය බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් ය. හේතුව ඔහු අතිශයින් ජනප්‍රිය වේ යැයි අනුමාන කළ හැකි චිත්‍රපටයක් නිපදවීමය. ජෝන් ඒබ්‍රහම් ගේ වෘත්තිය වන්නේ රංගනයයි. අමතරව ඔහු චිත්‍රපට නිෂ්පාදනයද කරන්නේය. එසේ නම් නාම් තමිලර් මේ හදිස්සියේ ජෝන් එබ්‍රහම් සතුරකු කොට ගැනීමට හේතුව කුමක්ද? හේතුව නම් මෙවර ඔහු නිෂ්පාදනය කර ප්‍රධාන චරිතය රංගනයෙන්ද දායක වන ‘මැඩ්‍රාස් කැෆේ’ සිනමා පටයේ එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා ගැන කතාබහ කිරීමය.

මේ වන විටද තමිල්නාඩුව මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටයට විරෝධය පා හමාරය. එහෙත් තවමත් මේ චිත්‍රපටය තිරගත වී නැත. අවම වශයෙන් චිත්‍රපටයේ සම්පූර්ණ කතාව දැන ගැනීමට ඉඩකඩ නොමැත්තේ ය. ලබන විසි තුන් වැනිදා ඉන්දියා‍වේ ප්‍රදර්ශනයට සමගාමීව මුළු ලෝකයේ ම ප්‍රදර්ශනය ඇරඹෙන තුරු මැඩ්‍රාස් කැෆේ ගැන දැනගැනීමට ඇත්තේ අන්තර්ජාලයට නිකුත් කර ඇති පූර්ව ප්‍රචාරක පට කිහිපයක් පමණි.

එහෙත් දැන් ශ්‍රී ලංකාවේ අප ද ඇතුළුව බොහෝ දෙනා මැඩ්‍රාස් කැෆේ තිරගත වන තුරු පුල පලා බලා සිටිති. හේතුව නාම් තමිලර් මේ උඩ පනින තරමට ජෝන් ඒබ්‍රහම් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පිළිඹඳව කර ඇති හෙළිදරව්ව කුමක්දැයි බලා ගැනීමට ය.

පෙනෙන හැටියට නම් ‍බහුතරයක් බොලිවුඩ් සිනමාපට මෙන්ම මැඩ්‍රාස් කැෆේ ද වට්ටෝරු චිත්‍රපටයකි. එහෙත් මෙවර වීරයා ගැටෙන්නේ ඉන්දියාව ඇතුළේම ත්‍රස්තවාදී සංවිධානයක් සමග නොව ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයක් සමගිනි. මේ වීරයාගේ චරිතය නිරූපනය කරන්නේ සුපිරි නළු ජෝන් ඒබ්‍රහම් ය.

චරිතයේ නම කැප්ටන් වික්‍රම් සිං ය. ඉන්දීය බුද්ධි අංශ නිලධාරියකු ලෙස සේවය කරන ඔහුට හදිසියේ පැවරෙන රාජකාරියකි. තම සහෝදරියට කඳුලින් සමුදෙන ඔහු ලංකාව බලා යන්නේ මුහුදු මාර්ගයෙනි. ලංකාවේ උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කල්ලියක් සමග ගැටීමට ඔහුට එහිදී සිදුවේ. මේ යුද ගැටුම් වාර්තා කිරීමට පැමිණ සිටින මාධ්‍යවේදිනියක් එහිදී ඔහුට හමුවේ. ත්‍රාසය භීතිය කුතුහලය සමග ප්‍රේමය ද ගලා යයි.

චිත්‍රපටයේ දැනට අන්තර්ජාලයට මුදා හැර ඇති පූර්ව ප්‍රචාරක පට ආකර්ෂණීය බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය. ඒ ඇතැම් දර්ශන අපට ඉතා හුරු පුරුදු ඒවාය. උදාහරණයක් ලෙස නන්දිකඩාල් කලපුව හරහා ත්‍රස්තවාදීන්ගෙන් මිදුණූ සරණාගතයන්ගේ පැමිණීම දැක්විය හැකිය.

ඒ අවස්ථාවම නොවූවද සිනමා පටයට මේ දර්ශන ඉතාම සිනමාරූපී ලෙස යොදා ගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇති බව පෙනේ. ශ්‍රී ලාංකේය සොල්දාදුවන් මෙන්ම හමුදා නිලධාරීන් ද මේ චිත්‍රපටයේ නිරූපිතය.

එහෙත් විශේෂත්වය වන්නේ මෙහි එකද දර්ශනයක්‍ හෝ ලංකාවේ රූප ගත නොකළ බව මේ වන විට නිෂ්පාදක කණ්ඩායම පැවසීමය. ආරම්භයේදී චිත්‍රප‍ටයේ නාමාවලියේ යාපනය ලෙස දැක්වීමට ඔවුන් කටයුතු යොදා තිබුණද පසුව එය ශ්‍රී ලංකාවේ නගරයක් ලෙසින් වෙනස් කිරීමට කටයුතු කර තිබේ.

කෙසේ වුවද මැඩ්‍රස් කැෆේ ගැන නාම් තමිලර් නම් අසතුටෙනි. ඒ එහි දී එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදීන් ලෙසින් හැඳින්වීම හෝ ඇඟවීම හේතුවෙනි. පූර්ව ප්‍රචාරක පටවලට අනුව නම් අප රටේ පැවති යුද්ධය මැඩ්‍රාස් කැෆේ අධ්‍යක්ෂවරයා ඉතාමත් සිනමාරූපි ලෙස ග්‍රහනය කර ගන්නේය.

එය මේ දක්වා යුද්ධය තේමා කර ගනිමිත් අප රටේ නිපදවුණූ සියලු සිනමාපට ඉක්මවා යන බවනම් පූර්ව ප්‍රචාරක පටවලින්ම පැහැදිලිව පෙනේ. තුවාල ලත් සහෝදර සෙබලකු කර තබාගෙන පැමිණෙන රජයේ හමුදා සෙබලා ගේ දර්ශනය මෙන්ම සයනයිඩ් කරල් ගෙල පැළඳ සටනට අභිෂේක ලබන එල්ටීටීඊ සාමාජිකයන්ද නිරූපනය කර ඇති අන්දම විශිෂ්ටය.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් එල්ටීටීඊ සංවිධානයට අවි ලැබීමද චිත්‍රපටයේ නිරූපිතය. එමෙන්ම එල්ටීටීඊ කොඩිය ද අධ්‍යක්ෂවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රේක්ෂකයාට ග්‍රහණය කරවයි. වරක් කැප්ටන් වික්‍රම් සිං හමුවේ අයෙක් ප්‍රකාශ කරන්නේ මුළු ලෝකයටම තර්ජනයක් පවතින බවයි. එය පූර්ව ප්‍රචාරක පටයේ පැහැදිලිව මුල මැද අග සහිතව ප්‍රකාශ නොවූවද බොහෝදුරට ඉන් අදහස් කරන්නේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් බව අනුමාන කළ හැකිය.

දැන් මැඩ්‍රාස් කැෆේ ප්‍රදර්ශනයට සියල්ල සූදානම් ය. එහෙත් නාම් තමිලර් ප්‍රකාශ කරන්නේ ප්‍රදර්ශනයට පෙර එහි විශේෂ දර්ශනයක් තමන් උදෙසා පෙන්විය යුතු බවය. ඔවුන් ඒ වෙනුවෙන් නඩුවක් ද ගොනු කර ඇතැයි පැවසේ. එහෙත් මේ කිසිවකින් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජොන් එබ්‍රහම් සැලෙන බවක් පෙනෙන්නට නැත.

ඔහු පවසන්නේ තම සිනමා පටය කිසිවකුට අර්ථකථන ලබා නොදෙන බවයි. මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ සිනමාපටය නිපදවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධීපතිවරයා තමන්ට මුදල් දුන් බවට අසත්‍ය පුචාරයක්ද පැතිරෙමින් ඇති බවයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තමන්ට එවැනි කිසිඳු අනුග්‍රහයක් නොදුන් බවත් ඒ කටකතා‍ අසත්‍ය බවත් ජෝන් එබ්‍රහම් මාධ්‍යයට පවසා ඇත්තේ ය. මෙම චිත්‍රපටයේ තිර පිටපත මීට වසර තිහකට පමණ පෙර එහි අධ්‍යක්ෂ ශූජිත් ශිකාර් තමාට ලබා දුන් බවත් නොයෙක් හේතු මත එය නිපදවීමට කල් ගත වූ බවත් ජෝන් ඒබ්‍රහම් වැඩි දුරටත් පවසා තිබේ. හින්දි බසින් මෙන්ම ද්‍රවිඩ බසින්ද හඬ කවා තිර ගත කරන මැඩ්‍රාස් කැෆේ ශ්‍රී ලංකාවේ ද තිරගත කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බවද ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත.

‍එමෙන්ම එහි අධ්‍යක්ෂ ශූජිත් ශිකාර් පවසා ඇත්තේ මැඩ්‍රාස් කැෆේ යනු අනූව සහ අසූව දශකවල සිදු වූ සත්‍ය සිදුවීම් පාදක කර ගනිමින් ඒ හා සමානව සිනමාරූපී බවද ආදේශ කර ගනිමින් මැඩ්‍රාස් කැෆේ නිපදවා ඇති බවයි. ‍

” මේ චිත්‍රපටය පාදක වී ඇත්තේ බුද්ධී අංශ නිලධාරියෙක් වටා. මට අවශ්‍ය වූයේ බුද්ධි අංශ නිලධාරයෙක් තොරතුරු රැස් කරන ආකාරය, ඒ තොරතුරු සංඥා සහ උපක්‍රම භාවිතා කරමින් ලබා දෙන ආකාරය සහ සුවිශේෂී අවස්ථාවලදී ක්‍රියා කරන ආකාරය ගැන හැඟීමක් ලබා දීමටයි. ඒ වගේම අනූව දශකයේදී ශ්‍රී ලංකාවේ වාතාවරණයට ඉන්දියාවේ මැදිහත් වීම සිදුවූ ආකාරය පෙන්වා දීමටද මට අවශ්‍ය වූවා ” යැයි අධ්‍යක්ෂ ශිකාර් පවසයි.

කෙසේ වුවුද දැනට ලැබෙන තොරතුරුවලට අනුව නම් මැඩ්‍රාස් කැෆේ තහනම් කර ගැනීමට තරම් නාම් තමිලර් විරෝධතා ප්‍රමාණවත් වී නැත. ඒ වෙනුවට සිනමාපටය කිසිදු ජේදනයකින් තොරව තිරගත කිරීමට අවශ්‍ය සහතිකය එරට රැඟුම් පාලක මණ්ඩලය ලබා දී තිබේ.

ටිරෝනි වෑවලගේ


Viewing all 223 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>