Quantcast
Channel: The Eight Man Team
Viewing all articles
Browse latest Browse all 223

සෙව්වන්දියකට පෙම් බැන්දා….

$
0
0

රට වෙනුවෙන් දෙනෙත් අහිමි කරගෙන සදා අඳුරක ගිලුණ රණවිරු පුතකුගේ දෙනෙත පමණක්‌ නොව මුළු ජීවිතයම ආලෝකවත් කළ ආදර්ශවත් තරුණියක ඊයේ (25 වැනිදා) අනුරාධපුරයේ අභිමංසල නිකේතනය මිනිස්‌කමින් මෙන්ම ප්‍රේමයෙන්ද සුවඳවත් කළාය. ඇය නමින් සාවිත්‍රි සෙව්වන්දිය. දහඅට හැවිරිදි වියේ පසු වූ ඇය මුළු මහත් කාන්තාවන්ටම ආදර්ශයක්‌ ගෙන දුන්නාය.

සාවිත්‍රි ඊයේ (25 වැනිදා) මඟුල් පෝරුවට නගිද්දී රට වෙනුවෙන් දෙනෙත් මෙන්ම දකුණු අතද අහිමි කරගත් ලාන්ස්‌ කෝප්‍රල් චරිත් රණවීර මනමාලයකු වූයේ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මංජුලිකා ජයසූරිය මෙන්ම සාදයට එක්‌ව සිටි සියලු දෙනාගේ දෙනෙත් කඳුළින් තෙත් කරවමිනි. ඒ කඳුළු සතුටු කඳුළුය.

කුරිරු ත්‍රස්‌තවාදීන් විසින් කිලාලි කලපුව අසල අටවා තිබූ බෝම්බයක්‌ පුපුරා යැමෙන් මීට වසර කිහිපයකට උඩදී ලාන්ස්‌ කෝප්‍රල් චරිත් ගුණවර්ධන කුලතිලකගේ දැස මෙන්ම අතක්‌aද අහිමිව ගියේය. එතැන් පටන් ඔහු රාගම රණවිරු සෙවණට වී අඳුරු ජීවිතයට පුරුදු පුහුණු විය. හමුදා සෙබළකුව සිටියදී ප්‍රේමයෙන් බැඳී සිටි පෙම්වතිය පවා ඔහු අතැර යද්දී තනිකම, පාළුව ඔහුගේ ලෝකයේ රජවන්නට විය.

දිනක්‌ මේ රණවිරුවා සුදු සැරයටියද රැගෙන රාගම නගරයට ආවේ මිහින්තලයේ පිහිටි ගමට යැමටය.

“අයියේ….” මිහිරි වදනක්‌ ඔහුට ඇසිණි.

“අයියට මේ මොකද වුණේ” තරුණියකගේ හඬ අවදි විය.

“මම හමුදා සෙබළෙක්‌ දැන් මම දෙඇස්‌ අන්ධ රණවිරුවෙක්‌” ලාන්ස්‌ කෝප්‍රල් චරිත් රණවීර කී දෙයින් ඇයගේ දැසට කඳුළු නැගිණි.

අයියලයි අපේ මේ රට බේර ගත්තේ” ඇය කීවාය.

දෙදෙනා එදා සමුගත්තේ යළි හමුවෙන්නට මහ ලොකු ප්‍රාර්ථනයක්‌ නොකරය. වෙන්ව යන්නට මත්තෙන් දුරකථන අංක හුවමාරුවක්‌ වූයේ නිකමටය.

දින සති බවට පෙරළිණි. ඇය ඔහුට දුරකථන ඇමතුමක්‌ දී සුවදුක්‌ විචාළේ සෙනෙහසේ හැඟුම් ද සමගිනි. ප්‍රේමය ගොඩනැගුනේ එපරිද්දෙනි.

මේ බැඳීම ආදරයට පෙරළිණි.

“දෙනෙත් අන්ධ කෙනෙක්‌ බඳින්න” පිස්‌සුද ඕක නතර කරපන් දුවේ…. ඇයගේ ඥතීන් බල කළේ එලෙසින්ය.

නමුත් මේ බැඳීම සංසාරගත බැඳීමකි. ඔහුට මේ දේ වුණේ රට බේරාගන්නට ගොස්‌ය.

යුද හමුදාවද මේ ප්‍රේමයට උදව් කළේය.

අවසානයේදී මේ දෙදෙනාගේ ප්‍රේමය, විවාහයෙන් කෙළවර වන්නට විය.

ඒ දිනය යුද හමුදාවටද සුවිශේෂී දිනයක්‌ විය. නැකත තිබුණේ ඊයේ (25 වැනිදා) ය. යුද හමුදාපති මෙන්ම උසස්‌ නිලධාරීන්ද, සෙසු සෙබළ මිතුරන්ද, ඇයගේ ඥති හිතමිත්‍රාදීන්ගේ ද ආශිර්වාද මැද අලුත් යුග දිවිය ඇරඹිණි. සියලු චාරිත්‍ර වාරිත්‍ර මැද මේ දෙදෙනා අලුත් නිවහනකට ගොඩ විය. පුංචි කැදැල්ල හරි ලස්‌සනය.

ලොවම එපා වී, ලොවම කලකිරී තැවී දැවී ඉන්නා වේලේ, ආදරය සෙනෙහස රැගෙන ආ සාවිත්‍රි නිසා රණවිරු චරිත් ගුණවර්ධන කුලතිලක රණවිරුවාට අලුත් ලොවක්‌ ලැබිණි. මේ කැදැල්ලට පුංචි දරු පැටියකු ආ දාට කාටත් වඩා සතුටු වන්නේ මේ දෙදෙනාගේ මව්වරුය. පියවරුය.

මේ සාවිත්‍රි කොයි කාටත් ආදර්ශයකි. යුද්ධය පවා අමතකව යන මෙකල රණවිරු පුතෙකුට, කළගුණ සැලකූ සාවිත්‍රිට, සාවිත්‍රිගේ දෙමාපියන්ට ආඩම්බර වන්නට මෙයම ප්‍රමාණවත්ය. යුද හමුදාව සහ දානපතියන් එක්‌ව මේ දෙදෙනාට අංග සම්පූර්ණ නිවසක්‌ හා මෝටර් රථයක්‌ද තෑගි කළේ අනාගතයට ආසිරි පතන ගමන්ය.

319728_355702127802304_193218727383979_922300_1959774849_n 556121_351670954878436_265026546876211_1007683_1233354863_n 6711332700557main abimansala20120325_img1 abimansala20120325_img2 abimansala20120325_img3 abimansala20120325_img5 abimansala20120325_img6 abimansala20120325_img7 abimansala20120325_img8 amazing thing devotion love wedding1 wedding2 wed_1 wed_10 wed_11 wed_12 wed_13 wed_14 wed_15 wed_16 wed_17 wed_18 wed_19 wed_2 wed_20 wed_3 wed_4 wed_5 wed_6 wed_7 wed_8 wed_9

Viewing all articles
Browse latest Browse all 223


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>